IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කරන්දෙණියේ පොඩි ගොවිරාළලා කුඹුරට බසිති


(එම්. සුසිල් ප්‍රියන්ත)
         
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන් පිරිසක් අක්කරයක වපසරියකින් යුතු කුඹුරක් අස්වද්දවීමට කටයුතු කර ඇත.

ඔවුන් අස්වද්දා තිබුණේ විදුහලට අයත්, වසර 23ක් පුරන් වී ගිය කුඹුරකි. 1996 වසර වනතෙක් මෙම කුඹුර ගොවීන් විසින් අස්වද්දා තිබූ අතර, පසුව එය වල් බිහි වී පුරන් වී තිබිණි.
 
වල් බිහිවී, වනාන්තරයක් බවට පත්ව තිබූ කුඹුර එළිපෙහෙළි කළ මෙම සිසුවෝ කුඹුරු කෙටූ පළමු සිසු පිරිසද වෙති.
 
මේ වැඩසටහනේ නියමුවා වූයේ විදුහලේ චිත්‍ර විෂය භාර ගුරු මාලක  විජේසේකර මහතාය.
            
ගොවියන් ලෙස සැරසුණු සිසුන් කුඹුරු කෙටූ අතර, සිසුවියෝ ගෙවිලියන් ලෙස සැරසී පැමිණ සිටියහ. කුඹුරේ වප් මගුල් උත්සවයද පැවැත්විණි.



අදහස් (13)

කරන්දෙණියේ පොඩි ගොවිරාළලා කුඹුරට බසිති

kamal Sunday, 01 December 2019 09:09 AM

රෝයල් කොලිජියේ පොඩි ගොවිරාළලා කුඹුරට බහින්නේ කවද්ද?

:       1       61

ප්‍රසාද් Sunday, 01 December 2019 02:04 PM

කමල්, රෝයල් කට්ටිය කුඹුරට බහින්නේ නැහැ. ලොකු වුණාම කෙලින්ම බහින්නේ මහබැංකුවට...

:       3       164

sanju Sunday, 01 December 2019 09:16 AM

මෙය වියයුත්තක්... රට වෙනස් වේගෙන යනවා. හරිම සන්තෝසයි. අපි විදේශවල වැඩකරලා එවන සල්ලි රටේ ආයෝජනය කරලා දියුණු වෙමු.

:       2       258

sena Sunday, 01 December 2019 10:20 AM

පොඩි ගොවි රාලලා කෙසේවෙතත් වැඩටික නම් කරලා තියෙන්නේ... ලොකු ගොවිරාලලා වගෙයි මට නම් පේන්නේ... කොහොම නමුත් හොඳවැඩක්..

:       33       6

රජින්ද Sunday, 01 December 2019 11:02 AM

අපේ රට සහ රටේ දරුවන්ගෙන් 60%ක් කිසිඳු තාක්ෂණික හෝ උසස් අධ්‍යාපනයකින් තොරව, දෑතේ-දෙපයේ කර්මාන්තයකින් තොරව ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. නැතිනම් ත්‍රීවීල් එකකට වෙලා කාලේ කනවා. එහෙමත් නැතිනම් සුළු රැකියාවක් කරලා හතර වටේට ණය වෙනවා. මේ බව අපේ රටේ සංඛ්‍යා ලේඛන වල තියෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දන්න අපේ තරුණ ප්‍රජාව දිරි ගන්වන්න හැකියි. රජය මැදිහත්වෙලා රැකියාවක් නොමැති තරුණයින්ට කුමක් හෝ වගාවක් සඳහා පුරන් වූ කුඹුරු අක්කරය බැගින් බෙදා දී එම අක්කරය වගා කරන්න යන වියදම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට දරමින් අස්වැන්න හෝ ඵළදාව සෑම අයෙක්ටම මනාව බෙදී යන විදිහේ වැඩපිළිවෙලක් ඇති කලොත් මේ රටේ ආර්ථිකයට හානියක් නොවී රජයේ භාණ්ඩාගාරයට බරක් නොවී අපේ රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් නැවත ගොඩනගන්න හැකි වේවි...!!!

:       35       318

SL Sunday, 01 December 2019 11:02 AM

හොඳ වැඩක්, ගොවිකම කියන්නේ ලැජ්ජාව කියලා හිතුවොත් කන්නත් නැහැ...!

:       1       23

isurandi Sunday, 01 December 2019 11:37 AM

මේවා හුදෙක් මාධ්‍යයට පමණක් සිමා නොවිය යුතුයි. දිරිය දුන්නොත් අපේ තරුණ පරපුර නොකඩවා මෙවැනි දේ ඉදිරියටත් කරගෙන යාවි..

:       1       111

Chamila Monday, 02 December 2019 01:52 AM

කරන්දෙණියෙ පුරන් කුඹුරු කුරුඳුවත්තෙ නැත. තවමත් උදලු වලින් පුරන් කොටන ලංකාවෙ ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දීමට රජය මැදිහත් විය යුතුය. මෙය හොද ආරම්භයක් .

:       1       14

හේරත් Monday, 02 December 2019 03:12 AM

නියමයි. අගය කළ යුතු වගේම තව තවත් දිරිමත් කර වැඩි දියුණු කළ යුතුයි

:       8       71

sharm warnTuesday, 03 December 2019 11:46 AM

මේ තරම් උතුම් සහ සුන්දර ව්‍යායාමයකටත් අකමැත්ත පල කරන්න තරම් ඇති උත්තම අදහස් ඇති අය ඉන්නවා කියල දැනගන්නට ලැබීමත් එක්තරා සතුටක් ...

:       1       1

sharm warn Monday, 02 December 2019 04:43 AM

හරිම අගෙයි පුතේ.. මේ පුතාලව දිරි ගන්වපු ගුරු උතුමාණන්ටත් අපේ ප්‍රණාමය... මෙය සිදුවිය යුතු දෙයක්... හැම බිම් අඟලක්ම සුපිරි නිවාස හදන්න දෙන්නේ නැතුව අපේ පුරන් වෙන කුඹුරු අස්වද්දන්න අලුත් පරපුරට උනන්දුවක් දෙන්න ඕනෑ. ගොවි කර්මාන්තය කියන්නේ ලෝකෙන්ම උතුම් කර්මාන්තය. අපි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ ගොවි මහත්වරුන් දුක් විඳලා ගෙට ගන්න වී කරලේ බලයෙන් කියන එක කවදාවත් අමතක කරන්න එපා.. දකුණු ආසියාවෙන් සහල් අපනයනය කරන අනෙකුත් රටවල යොදා ගන්න අලුත් තාක්ෂණය (රසායනික ද්‍රව්‍ය නොවේ) අපේ ගොවි කර්මාන්තයටත් ලබාදිය යුතුයි. ඒ වගේම පොහොර සමාගම් වල අතකොලු වෙච්ච කෘෂි උපදේශකවරුන් එලවා දමා ඒ තනතුරුවලට නිවැරදි පුද්ගලයන් පත්කළ යුතුයි. ලංකාවේ මිනිස්සු පාන් පිටි කන ජාතියක් නොවෙන්නට මේ ක්‍රියාව ඉතාම හොඳ උත්සාහයක්... ගුරු උතුමන්ටත් මේ දරු දැරියන්ටත් අපේ ඉහළම ප්‍රණාමය..!!!

:       1       17

wimal Monday, 02 December 2019 07:02 AM

අපි යමු පරාක්‍රම රජු කාලයට... අපේ රට අපි විසින්ම දියුණුකර ආර්ථිකය හදාගමු. මෙය හැම දේකටම අලුත් තාක්ෂණය යොදාගත යුතුවේ.

:       1       6

JANAKA Monday, 02 December 2019 08:49 AM

නිර්මාණශීලි ගුරුතුමාට හා දරුවන්ට ජාතියේ ප්‍රණාමය...!

:       1       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site