(රොමේෂ් මධුෂංඛ)
උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් උතුරේ වැව් සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ධීවරයෝ පවසති.
මේ වන විටත් වව්නියාව , මන්නාරම , කිලිනොච්චිය , හා මුලතිව් දිස්ත්‍රික්කවල කුඩා වැව් සිඳී ගොස් ඇත.
වැව් සිඳී යාමත් සමග මිරිදිය කර්මාන්තය කඩා වැටී ඇති බවටත් එහෙයින් සිය ආර්ථිකයද කඩා වැටී ඇති බවත් එම ධීවරයෝ කියා සිටිති.මේ වන විටත් ධීවර පවුල් දහසකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති.
නැවත පදිංචි වීමෙන් පසුව ස්ථීර රැකියාවක් නොමැති කමින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදුනද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වී ඇති නිසා තම ජීවිකාවට දැඩි ගැටළු පැන නැගී ඇතැයි ඔවුහු කියති.
ඉදිරියේදීත් වර්ෂාව නොලැබෙන්නේ නම් උතුරේ මහ වැව් සියල්ලක්මද සිඳී ගොස් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇතැයි ඔවුහු පවසති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අනතුරේ
prabash Wednesday, 26 July 2017 12:01 PM
යන තැනකට වැඩක් කරගන්න. මාළු මරලා පව් කරගන්නේ නැතුව.
බණ්ඩාර-කැකිරාව Thursday, 27 July 2017 06:30 AM
මෙයාලා යන්නේ සතර මහා අපායටමයි. ඇති වෙනකන්ම වැඩ කරගෙන තියෙන්නේ. ""කරන කලට පව් මිහිරිය පැණි සේ "" කිව්වේ නිකන් නෙමෙයිනේ.