





(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන තද සුළං සහ අධික වැසි තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකෙන් එක් දොරටුවක් අද(11) පස්වරුවේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පැවැසූහ.
කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවද එම විදුලි බලාගාර ඉංජිනේරුවරු කීහ.
COMMENTS
ලක්ෂපාන ඇල්ල මනාලි සිරි ගත්තාට, කෝ කව්රුවත් ඔයාගේ සිරි බලන්න ඇවිත් නැහැනේ.. ඔයා තනිවෙලා ඉන්න කොට මට ලස්සන ගීතයක් මතකයට නැඟෙනවා.. "තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්.."
මනාලි සිරි විඳින්න තරම් හිතේ සතුටක් කෝ? මෙහෙන් ජීවන වියදම, අරහෙන් කොරෝනා...