

(විනීතා එම්ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන අනියම් සේවකයෝ බොහෝ දෙනෙක් සිටිති.
ඔවුන් අතර සිටින එකම කාන්තාව පයාගල හෙම්බරවිල පදිංචිකාරියක වන 60 හැවිරිදි චන්ද්‍රාවතී කඹුරාවිලයි. ඇය ගැන කථාකරන්නට හොදම දවස අද වන්නේ ලෝක තැපැල් දිනය අද (09) සමරනු බැවිනි.
පෞද්ගලික ධාවකයන්ගේ රාජකාරිය වන්නේ ප්‍රධාන තැපැල් හලෙහි ඇති තැපැල් මලු ඒ ඒ උප තැපැල් කාර්යාලවලට ගෙනයාම හා එම තැපැල් කාර්යලවල ඇති තැපැල් මලු ප්‍රධාන තැපැල් කාර්යාලවලට ගෙන ඒම වැනි කටයුතු ය.
පයාගල ප්‍රධාන තැපැල් කාර්යාලයත්, හිරිගල්ගොඩැල්ල, හෙම්බරවිල හා පාලන්ගොඩ උප තැපැල් කාර්යාලවලින් තැපැල් මල්ල රැගෙන විත් පයාගල ප්‍රධාන තැපැල් කාර්යාලයට දීමත් පයාගල, තැපැල් කාර්යාලයෙන් එම උපතැපැල් කාර්යාල තුනට යන්නට ඇති තැපැල් මලු ආපසු ඒවාට ගෙනත් දීමත් චන්ද්‍රාවතීගේ රාජකාරියයි.
චන්ද්‍රාවතී එක් දරු මවකි. ඇගේ සැමියා ස්ථිර රැකියාවක් නැති එදිනෙදා කුලී වැඩකින් දිවි සරි කර ගන්නා අයෙකි.
ඇය තම රාජකාරිය ගැන මෙන්ම ඇය ගැනත් මෙසේ කීවාය.
‘මගේ දුව හතරෙ පන්තියේ ඉන්න කාලෙ මට මේ රස්සාව ලැබුණේ. මම දුව ශිෂ්‍යත්ව පන්තියට දාලා මේල් එක අරන් යනවා. ආපසු පයාගලින් දෙන මේල් එක අරන් ගිහින් උප තැපැල් කාර්යාල තුනට දෙනවා. ඒක මට මගේ දරුවාගේ කටයුතු එක්ක කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් කරගෙන ගියා. දැන් අවුරුදු 17 ක් මම මේ රස්සාව කරනවා.
අපි ඉන්නේ හෙම්බරවිල තැපැල් කන්තෝරුව ඉස්සරහ නිවසක. ඉතින් මම පාපැදියෙන් දුව පන්ති ගෙනයද්දි දවසක් තැපැල් නෝනා කිව්වා තැපැල් මල්ල ගෙනයන්න පුළුවන් ද කියලා. මුලදි අදි මදි කළත් පසුව මම ඒක කරා. අද වනතුරුත් කරනවා.
පස්සෙ මට තේරුණා දරුවත් බලාගෙන මට මේක කරන්න පුඵවන් කියල. ඒ නිසා දිගටම කළා. දැන් දුව උසස් පෙළ කරනවා. මේ අවුරුද්දෙ තුන් වෙනි වතාවේ කළා. මොකද කළින් දෙවතාවෙම එයාට ලකුණු මදි වුණා.
මම අපොස සාමාන්‍ය පෙළ සමත් කෙනෙක්. මගේ ගම මතුගම යටදොල වත්ත. මම කොළඹ සමාගමක කාලයක් සේවය කළා. ඒත් දුව ලැබුණට පස්සේ නැවතුණා. එයා වෙනුවෙන් නැවතුණේ. එදා මෙදා තුර මම මේක කරන්නේ දේව කාරියක් හැටියටයි. මට කවදාවත් කවුරුවත් මගේ රැකියාව අතපසු කළා කියා බැන වැදිල නැහැ. ඒකම මට සතුටක්" ඇය පවසන්නීය.
වසර 17 ක් තිස්සේ මේ රැකියාව කරන ඇයට හිමි වැටුප හෝ දිමනාව කියක් දැයි නිකමට මෙන් මම ඇසිමි. තවමත් රුපියල් 4000 කි.
මාසයක් පුරා තැපැල් කාර්යාල තුනක තැපැල් මලු අදින ඇයට මාසය අන්තිමේ රුපියල් 4000 ක් ප්‍රමාණවත් ද ඇය නම් ඒ ගැන කථා කරන්නේ නැත.
“මට ලැබෙන දෙයින් සතුටු වෙලා මේක කරනවා. මට කරන්න පුළුවන් තාක් කල් මම මේක කරනවා“ ඇය කියයි.
එහෙත් මාසයක් පුරා පරිස්සමින් තැපැල් මල්ල ගෙන ගොස් දෙන්නට ගෙවන මුදල ප්‍රමාණවත්ද නැද්ද යන්න අද දවසේ වියදම අනුව සිතාගත හැකිය.ඇය වැනි නිහඩ සේවාවක් කරන අය ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකරන්නට ලෝක තැපැල් දිනය යෙදෙන මේ සතියේ වත් තැපැල් බලධාරින් පියවර ගත යුතු වුවත් වසර 17 ක් පුරා ඒ ගැන කිසිවකුටත් වගේ වගක් නොතිබිණ.
එහෙත් වසර 17 ක් තිස්සේ කිසිවකුටත් මැසිවිලි නොකියන චන්ද්‍රාවතී කඹුරාවිල තැපැල් කාර්යාලයට කඹුරන්නීය.
COMMENTS
ඔබතුමියගේ කතාව කියවීමේදී අපට ඔබතුමිය ඇතුලේ සිටින අභිමානවත් ඒ කාන්තාව පිළිබදව මහත් ආඩම්බරයක් ඇති උනා.ඔබතුමියගේ සියලු පැතුම් සපල වේවා! දරුවාගේ අනාගතය සාර්ථකවේවා! සෑම දෙයක්ම දියව් දියව් කියන පුවරවැසියන් සිටින සමාජයක දිරිය කාන්තාවක් පිළිබදව දැනගැනීමට හැකිවීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වෙන්නෙමු.
අනේ පවු
ඔබ වැනි කාන්තාවන් නියම සිංහලකම පෙන්වන අය. ඔබේ නිහතමානි කමත් විශ්වාසවන්ත භාවයත් මුළු රටටම ආදර්ශයක්. හැම දේකටම කොටුවේ පාරවල් හරස් කරගෙන මර හඬ තලන උපාධිධාරීන් ඔබේ නිහඩ ආදර්ශය මහත් ඝෝෂාවක් වෙනු නියතයි. ඔබේ දියණියට දෙවි පිහිටෙන් අයගේ ඉලක්කයට යන්නට ලැබේවා කියා පතනවා සොයුරිය ...
ලක්ෂ ගණන් වැටුප ලබා නිවාඩු ලබා ඉනිවාස ණය, කාර් පර්මිට් සේරම ලබමින් නිකන් ඉන්න බොහෝ අලස රජයේ ස්ථිර සේවකයෝ අතරේ ඔබතුමිය වගේ අනියම් නිහඬ සේවකයෙක් මේ සොච්චම් වැටුපට රටට කරන සේවයට හිසනමා ගරු කරමි තෙරුවන් සරණයි
නඩේ එකතුවෙලා රටට වැඩක් නොකර වෙඩි නොවදින වාහන, අති සුඛෝපභෝගී වාහන ඇනවුම් කරනවා නොමිලේ වැඩ කරන ජනතාව කකුල් කැඩෙන කම් බයිසිකල් පදින්න ඕනෑ.. සජිත් හෝ අනුර කුමාර මහතාට ඡන්දය දෙන්න. දුප්පතාට වැඩක් කරයි. නැතිනම් බේබිලා ,නෝනලත් සමග රට විනාශ කරයි..
අනේ චතුරී අනුර මහතා කෙසේවෙතත් සජිත් නම් තාම ගොඩක්ම පොඩි වැඩියි සිතන මතන හා ප්‍රකාශ කරන අන්දම බලනවිට.
මෙතුමියට වැඩි නොවදින වාහනයක් වැස්සට නොතෙමී යන එකක් දෙන බව රජයෙන් දැනටමත් කියා ඇත..