IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“අවෛරයේ හෝරාව” නමින් මාතරදී විරෝධතා ව්‍යාපාරයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ජාතීන් අතර සුහදතාවය පෙන්වීම සඳහා “අවෛරයේ හෝරාව”නමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (10) මාතර නගරයේ දී පැවැත්විණි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි වර්ෂාව මැද එම විරෝධතාකරුවන් හමුවට පැමිණි අතර ඔහුට එහිදී උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

මුදල් අමාත්‍යවරයා වැස්ස නොතකා ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ට සුබ පතන අයුරු දැක ගන්නට ලැබුණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට තුන් දහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

මේ හේතුවෙන් මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය.

ඇතැම් පිරිස් වෛරය වපුරවා ජාතිවාදය ආගම්වාදය ඇති කිරීමට තවමත් උත්සාහ කරන බවත් ජාතීන් අතර සමගිය සුහදතාවය පෙන්වන මෙවැනි විරෝධතා ව්‍යාපාර මාතර පමණක් නොව මුලු රටේම පැවැත්විය යුතු බවත් මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.



අදහස් (53)

“අවෛරයේ හෝරාව” නමින් මාතරදී විරෝධතා ව්‍යාපාරයක්

chandima Monday, 10 June 2019 03:24 PM

යක්ෂයාගේ හෝරාව වගේමයිනේ?

:       2123       2777

athulaMonday, 10 June 2019 05:38 PM

ඔව්මයි, වෙනසකට තියෙන්නේ යක්ෂය මල්මාලා දාගෙන...

:       1201       1526

Sanath KandyTuesday, 11 June 2019 09:29 AM

ඇත්ත තිත්තයි. ඒ නිසා ඇත්ත වුනත් නොකියා ඉන්න ඕනෑ වෙලාවලුත් තියෙනවා. මංගලට ඒක තේරෙන්නේ නැහැ..

:       320       213

විජිත් Tuesday, 11 June 2019 09:54 AM

ජාතින් අතරේ සුහදතාවය කියනදේ අලුතෙන් ඇතිකරන්න දෙයක් නැහැ. එය එදා සිටම පැවත එන්නක්. ඊයේ වගේම අදත් හෙටත් අපේ රටේ ජාතින්, ආගම් අතර ඇති සුහදතාවය පවතිනවා. පසුගියදා සිදුවුනෙත් ශ්‍රී ලංකාවේ සිටින අසික්කිතම ජන කොට්ටාශය වන "දේශපාලුවන්" විසින් දුරදිග නොබලා කරනලද ක්‍රියාකාරකම්වල අවාසනාවන්ත ප්‍රතිඵලයයි. මේ ඇවිල්ලා සමනළයින්ගේ හෝරාවයි. මාතර සිටින 3000ක් පමණවූ සමනල ජනතාවගේ උණුසුම් හෝරාවයි. මංගල මෙනවියට මේ ඡන්ද 3000ම ලැබේවි. එ්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. මීළඟ ඡන්දෙන් ඉල්ලන් කාලා, ගෙදරට වෙලා ඇඳුම් ඩිසයින් කරගෙන, සමනලයින් ඇතිකරමින්, කෑම ජාති හදමින් එතුමිය ජිවිතයේ ඉතිරි ටික කාලය ගෙවා දමාවි...

:       232       807

jagath Monday, 10 June 2019 03:25 PM

බත් කන හරක් මාතර පැත්තේ හෝ ගාලා...

:       2092       4772

Raveendra Monday, 10 June 2019 04:22 PM

රුහුණේ හොද මිනිසුන් ඉන්නවා කිව්වාට..// දැන් දැන් තේරෙන්නේ එහෙමත් නැතුවාසේ..// සමනලන්ට, හරකුන්ට ආගම වැදගත් නැතුවාට..// මාතර මිනිසුන්ටත් ආගම වැදගත් නැතුවාද ..//

:       1064       2011

Ashoka Senevirathne Monday, 10 June 2019 04:38 PM

බත් කන හිවල්ලු ඉන්නකල් මේ රට හදන්න බැරිවේවි.

:       2044       2175

DarshanaTuesday, 11 June 2019 01:51 AM

ඒකනම් ඇත්ත .....

:       23       116

Bamunuarachchi Monday, 10 June 2019 04:47 PM

මාතර අම්බරුවෝ ඉන්නබව තහවුරු වුනා. ඒ කියන්නේ මාතර අයත් පිළිගන්නවා ලංකාව බෞද්ධ රටක් නොවෙයි කියලා...

:       1252       1318

sirimal Monday, 10 June 2019 04:52 PM

මල්මාලා දාලා අන්දවලා වැඩක් වෙන්නේ නැහැ. වෙන්න තියෙන විපැත්තිය වෙලා ඉවරයි. කටට හොඳවයින් මුකවාඩගමක් බැන්දානම් බේරෙන්න පුළුවන්. මේ දේවල් පෙනෙන්නේ නැතුවා වගේ බොරු සෝබන සංවිධානය කරනවා.

:       416       652

BamunuarachchiMonday, 10 June 2019 11:07 PM

අහෝ සහරාන් ඔබ මෙතනට ආවානම් රටට සේවයක් වන්න තිබුනා

:       147       375

ratnayaka Monday, 10 June 2019 08:16 PM

ඔය තුන්දාහෙ ඡන්ද ටික තමයි ඊලඟ මැතිවරනෙදි හම්බ වෙන්නෙ. ඊට වඩා දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා.

:       190       145

appuhaami Monday, 10 June 2019 09:38 PM

කනගාටුයි මාතර !

:       244       176

sisira Monday, 10 June 2019 10:37 PM

අයියෝ !!! මේ වගේ හිස්ම හිස් මිනිහෙකුට මේ මහා වැස්සේ තෙමි තෙමී පුද පූජා මල් මාලා පිළිගන්න තරම් මාතර ඇත්ත ඇති හැටියෙන් කවදත් දුටු මිනිසුන්ගේ ඇස වලට හෙන ගහලද සිහලුන්නේ.

:       588       595

චිත්‍රානන්ද Monday, 10 June 2019 11:56 PM

ඉහත අදහස් දැක්වූ සියලුම අය ශේෂ්ට්‍ර මිනිසුන් වෙති. ඒ ඔවුන්ට අනුව අවෛරය එනම් වෛර නොකිරීම ඉතාමත් වැරදි ක්‍රියාවකි. එසේ කරන්නන් අම්බරුවන්ය. වෛර කිරීම සිංහල බෞද්ධයාගේ සිරිතක් බව මොවුන් නොකියා කියති.

:       320       441

NUwanTuesday, 11 June 2019 06:28 AM

වෛර කිරීමයි රටේ ජාතියේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී හිටිමයි දෙකක්. බන පිලිපදින්නත් පය ගහල ඉන්න රටක් ඕන. බුදුන්වහන්සේත් කාලය දේශය දීපය කුලය මවු කියන පස්මහ බැලුම් බලල තමයි මෙලොවට බිහිවුනේ . මුලින්ම ස්වභාවදර්මයට අවනත වෙන්න

:       251       352

සරත් Tuesday, 11 June 2019 01:27 AM

මාතර රස්සා හම්බ වූ මංගලගේ බත් බැලයන්... මොවුන් ඉන්නකල් ඉතින් බෝම්බ නෙවේ. පරමාණු බෝම්බ ගැහුවත් කොළ නම් කොළ. අරෙහේ හිස්බුල්ලා ලොරිකතා කියනවා.

:       350       343

lal Tuesday, 11 June 2019 01:37 AM

තුන්දාහක්??...ඒ කියන්නේ මංගල ඇමතිතුමාට ඡන්දය දෙන ඔක්කෝමලා ඒකට ඇවිත් ඉඳලා....

:       223       170

mp Tuesday, 11 June 2019 02:25 AM

සියළු කෙලෙස් ප්‍රහාරණය කරලා, රහත් බවට පත් වෙලා. සාධු! සාධු! සාධු! ඒ බව වටහා ගත් ආර්ය මාර්ගයේ ගමන් කරන්නාවූ භවතුන් රහතුන් වහන්සේ මල් මාලාවක් දමා පිළිගත් හ. ඔතනට අඩු පාත්තරේ විතරයි, ඒ පිණ්ඩපාතේ වඩින්න - බදු එකතු කරන්න. කකුල් දෙකෛ් හරකුන් ඉන්නාවූ රටකට කුමන දියුණුවක් ද?

:       64       177

Kriss Tuesday, 11 June 2019 02:35 AM

ඕක මංගලගේම ප්ලෑන් එකක්... නෝන්ඩිය වහගන්න මොනවා හරි කරන්න එපැයි...

:       148       105

jayath Tuesday, 11 June 2019 02:37 AM

රට බේරාගත්ත වීරවරයෝ රුහුණෙන් පහල වුනේ ඒ කලේ දැන් ඉන්න පාලකයෝත්, පාලිතයෝත් මොනවගේ එවුන්ද කියලා මේකෙන්ම පේනවා... (බත් පැකට් එකට, අරක්කු බෝතලේට, නැත්නම් රජයේ රැකියාවකට තමන්ගේ ආත්මයම පාවාදෙන නිවටුන්)

:       190       160

maaraya Tuesday, 11 June 2019 03:04 AM

රස්සා ගත්තු හෙන්චයියෝ, රු 1000ට කඩේ යන හාල්පරුවන්... මාතර ඉන්නේ හරක්... මේ වගේ අයට තවමත් කඩේ යනවනේ. වහිනකොට හෙන වදීවි..

:       576       549

sumith Tuesday, 11 June 2019 03:33 AM

මතකද මහා ඡන්දයක් වෙලාවේ මහියංගනයට මිනිස්සු පිදුරු, තණකොළ පටවල යැව්වා බස්වල, මාතරට යවන්න ඕනෑ පුන්නක්කු, රුහුණේ අසහාය වීරයෝ, වීර දුටු ගැමුණු රජතුමා බිහිවුණු රුහුණ, මාතර මිනිස්සුනේ ඉතිහාසය කියවපල්ලා, සමනලුන් එක්ක රංචු ගැහෙන්න යන්න එපා...

:       332       326

Thilina Tuesday, 11 June 2019 03:36 AM

මේ තරම් නින්දිත මිනිස්සු මාතර පැත්තේ ඉන්නවා කියලා හිතුවේ නැහැ. තමන්ගේ රටට, ජාතියට විනකටින මේ වගේ හිවල් දේශපාලකයන් පස්සේ යන එවුන් සල්ලි වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඇත්තටම ලැජ්ජයි මේ පැත්තේ මිනිස්සු ගැන...

:       408       393

Jayantha Tuesday, 11 June 2019 03:36 AM

මංගලට පුලුවන්නම් කාත්තන්කුඩිවල ඔය දේ කරලා පෙන්නන්න...

:       128       190

දිලුම් Tuesday, 11 June 2019 04:01 AM

අනේ ඇත්තට මෙහෙමත් කාලකන්නි ඉන්න රටක්. ඇමතියෙක් හෙලුවෙන් ආවත් මල්මාල දාලා ඌ පිලිගන්නවා. මිනිස්සු මේ තරම් නිවට හා බලු ඇයි කියල මටනම් තේරෙන්නේ නෑ. ලංකාවේ අධ්‍යාපනය තුළ කොන්ද කෙලින් තියන් කථා කරන්න තීරණ ගන්න සහ ගුරුවරයා කියන දේ ඔහේ අහගෙන ඉන්නවා වෙනුවට ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා සංස්කෘතියක් හදන්න ඕන. එහෙම උනොත් ඒ ළමයිවත් අනාගතයේ මේ වගේ මරි මෝඩ අමනයින් එලවා මේ රටට සෙතක් කරාවි. අසාධාරණයට විරුද්ධව අයුකුතියට විරුද්ධන හඩනගා සමාජය හරිමගට ගනීමව්. මේ කාලකන්නි 225 හෝ ගොන් ජනතාවගෙන් කවදාවත් අපේ රට හදන්න බෑ. මේවා දකිනකොට පුදුම කලකිරීමක් හා විලි ලැජ්ජාවක් ඇතිවෙනවා මේ රට හා සමාජය ගැන. පුළුවන් ඔවුන්ට රට හැරයනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ...

:       227       257

dilan Tuesday, 11 June 2019 04:04 AM

බයෙන් මොනවා කිව්වත් මාතරට වැඩ කලේ මංගල පමණයි.

:       361       546

SAMANALAYA Tuesday, 11 June 2019 04:06 AM

මෙම විරෝධතා ව්‍යාපාරයට 3000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මෙන්න වියදම 2000 X 30000 = Rs 60 000 00.00 බත් පැකට් = 30000 අරක්කු බෝතල් = 15000.00 කාගේ සල්ලිද? මේ හරක් ඉන්නකල් රට හදන්න බෑ.

:       626       674

athuraTuesday, 11 June 2019 05:14 AM

ගාන වැරදියි වගේ...

:       1       23

jayasekaraTuesday, 11 June 2019 07:14 AM

ගානක් අහගන්න ඕනෙම නම්.. අර කොළඹ ලොකු කෙනාගෙන් අහගන්න...

:       2       4

loku bandaTuesday, 11 June 2019 07:36 AM

බයියන්ගේ ගණිතය හා විද්‍යාව පිළිබඳ දැනුම ඉතා අඩුය. හුළඟෙන් ඒඩ්ස් බෝවෙනවා යයි තරයේ විශ්වාස කරත්. කතා කිරීමට නොදන්නා අතර, කට ඇරියොත් කුණුහරුප කීමට ඉතා ලැදියාවක් දක්වයි. හේතුවක් ඇතුව හෝ නැතුව හැමවිටම කුපිත වී සිටිත්.. මේක උගත්, නූගත් සියලු බයියන්ට පොදු ලක්ෂණයකි.

:       50       290

San80 Tuesday, 11 June 2019 04:08 AM

ඔය තියෙන්නේ සිස්ටම් එක වෙනස්වෙන හැටි... මේ රට මේ කපේදී හදනවා නම් බොරු...

:       175       184

nimalka Tuesday, 11 June 2019 04:26 AM

ඔබතුමා මොන අැමතිද හැබෑට?

:       63       15

priyantha Tuesday, 11 June 2019 04:36 AM

මාතරට වැඩකළ ජාතියම වනසලා ආගමට විනකළා බත් කනබූරුවෝ රැලක් ඌ වටේ රොක්වෙලා මේකත් මහා අරුමයක්ද රවී මහබැංකුව හොරාකාලා ගෙදර එනකොට ජයවේවා කියලත් කෑගහපු බූරුවන් අපි හොඳට දැක්කා මේක ලංකාව... ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ තියෙන්න ඕනේ තැන නෙවේ ඉතින් මේ වගේ දේවල් අරුමයක් නොවේ...

:       225       230

Liya Tuesday, 11 June 2019 05:10 AM

මංගල මඩ හෝදගන්න අහිංසක මී හරක් රැලක් දාලා මාතර නගරය මඩ කළා.

:       260       314

Ruby Tuesday, 11 June 2019 05:11 AM

ලංකාව ගැන ඉතාමත් දුකක් දැනෙනවා. යලි කිසිදිනක මේ භුමියේ නොඉපදේවා කියා මා පතනවා.

:       67       74

වර්නන් Tuesday, 11 June 2019 05:54 AM

සමගිය සුහදතාවය පෙන්වන්න මෙවැනි විරෝධතා තියන්නේ ඇයි?. කාටද විරෝධය පෙන්නන්නේ? මෙය විරෝධතාවයක් නොව, තමා පුම්බා ගැනීමට ගත් සල්ලි විසිකිරීමක් පමණි. මේවාට මිනිසුන් රැවටෙන්නේ නැත.

:       163       201

max Tuesday, 11 June 2019 06:08 AM

මිත්‍රවරුනි, මාතර නගරය යනු මාතර දිස්ත්‍රික්කය නොවේ. හරියට, කොළඹ නගර සීමාව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිබිම්භයක් නොවන්න සේ ම යි. ඉතිහාසය පුරාම, මාතර වමට. හොදම ප්‍රතිශතය සමග. රට ජාතිය පාවා දෙන මංගල වැනි කෙනෙකුට එය වෙනස් කල නොහැක. මේ පැමිණ සිටින හෙන්චයියන් පිරිස, මාතර ජනමතය නොවන බවට පසුගිය ඡන්ද ප්‍රතිපලත්, ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රතිපලත් විසින් ඔප්පු කරන බවට කිසිදු සැකයක් නොමැත.

:       229       188

H.perera Tuesday, 11 June 2019 07:16 AM

කවුරු හරි ඇහුවොත් ලාඩන් ගහපු නැති හරක් කොහෙද ඉන්නේ කියලා මෙන්න මේ ෆොටෝ ටික පෙන්නන්න..

:       235       276

Krishan Tuesday, 11 June 2019 07:32 AM

සූගාලා 200ක් විතර පුන්නක්කු කන අය ටිකක් ඉන්නවා. මොවුන්ගේ අඩුවකට තියෙන්නේ නැට්ට නැති එක විතරයි...

:       137       224

sampath Tuesday, 11 June 2019 08:23 AM

මේ මාතර අයද නැත්නම් පිටින් ගෙන්නපු අයද හොදට හොයල බලන්න මාතර මෙහෙම අය ඉන්නවනම් එක මහා පුදුමයක්....

:       66       38

janis Tuesday, 11 June 2019 08:50 AM

තව ගොන් කතා ටිකක් කිව්වා නම් රනිල්ට ගෙදර යන්න වේවි...!!! 

:       49       37

sam Tuesday, 11 June 2019 08:52 AM

බලාගෙන යනකොට මාතර වැඩි හරියක් ඉන්නේ සමනල්ලු සහ සමනලියන්... ලැජ්ජයි..!!!

:       116       57

amali Tuesday, 11 June 2019 09:08 AM

මට නම් ආරංචියි... පිටින් ගෙන්නපු අයත් මෙතන හිටියා කියලා...

:       41       4

clement Tuesday, 11 June 2019 09:30 AM

මාතර අයත් බහුතරය මෙතන ඉන්නේ...

:       35       7

Raveendra Tuesday, 11 June 2019 11:01 AM

විදේශ ඇමති කිව්වට හාරත බූරුවා බව පැහැදිලිය...// ගුණ ධර්ම ගැන කිව්වොත් දැනුමෙන් නම් බින්දුවකි..// ආගම කුමක් උවත් හොද නැත ගැරහුම් පිළිවෙත්..// මේවගේ කොට්ටෝරුවෝ කුමට ..//

:       36       11

ruhune api Tuesday, 11 June 2019 12:01 PM

මාතර එක්තරා ආකාරයක ආගමට වඩා තම කුලය සළකනවා... මේ එම කාණ්ඩයේ අයගේ එකතුවක්. ඔන්න ඕකයි තත්වේ..

:       71       5

Sapumal.Tuesday, 11 June 2019 01:14 PM

සත්‍ය වශයෙන්ම මේ කතාවේ ඇත්තක් තියෙනවා.

:       34       2

Bishan Tuesday, 11 June 2019 12:55 PM

දකුණේ ඉන්නේ කොහොමත් මොලේ නැති අයනේ...

:       43       39

sujeewa Tuesday, 11 June 2019 12:57 PM

ජාතිවාදී මෝඩයින්ට නොතේරුණාට මංගල කිව්වේ ඇත්ත. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි. මේක බහුජාතික රාජ්‍යයක්...

:       239       279

ජුන්ඩාTuesday, 11 June 2019 08:39 PM

ඔබ වැනි අය සිටිනතාක් කල් මංගල වැනි පාවාදෙන්නන් යහතින් වැජබෙවී.

:       24       4

indika Wednesday, 12 June 2019 02:17 AM

බත් කන හරක් රැලක් දුටුවෙමි මාතර. මෙච්චර වෙලා තියෙද්දී මේවගේ මෝඩ පිරිසක් මෙහෙම එකතුවීම මොන තරම් රටේ අභ්‍යක්ද ?

:       0       3

janaka Wednesday, 12 June 2019 08:18 AM

මාතර මිනිස්සුත් මෙතරම් මෝඩ මිනිස්සු උනානම් රටේ අනෙක් පළාත්වල මිනිස්සු ගැන මොන කතාද. මේ රට ගොඩ ඒමක් නැත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ මේවගේ දුර දැකීමක් නැති කමයි. රටට අවශ්‍ය රට දියුණු කළහැකි පුළුල් දැක්මක් ඇති සොරකම් දුෂණ නැති නායකත්වයක්. එසේ නොවන තාක්කල් මිනිස්සුන්ට ජීවත් වෙන්න සිදුවන්නේ මේවිදියට තමයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site