ඉල්ලා අස්වෙන්න:
(අජන්ත කුමාර අගලකඩ)
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහාය පළ කිරීමක් ලෙස ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම ඔහුගෙන් ඉල්ලීම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ලබන 18 සහ 19 යන දෙදින විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර ඊට පෙර ඔහු සිය ධුරයෙන් ඉවත්විය යුතු බව එම මැති ඇමැතිවරුන් ඔහුගෙන් ඉල්ලා ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතාත් රාජ්‍ය ඇමැති නිරෝෂාන් පෙරේරා මහතාත් රිෂාද් බදියුදින් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. මේ තත්ත්වය හමුවේ බදියුදින් මහතාට අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස කෙරෙන බලපෑම් වැඩි වී ඇතැයි වාර්තා වේ.
රිෂාද් බදියුදින් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව නිරෝෂාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රීවරුන් 5 දෙනකුත් බදියුදින් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බව නිල නොවන මට්ටමින් වාර්තා වේ.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් දෙමළ සන්ධානය තුළ බෙදීමක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැති ඇමැති පිරිසකගෙන් රිෂාද්ට බලපෑම්