යාත්‍රාව දියඹට තල්ලු කිරීම ඇරඹෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාලනය කර ඇතැයි’ නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සිකුරාදා (4) රාත්‍රීයේ පැවැසීය.
ගින්න පාලනය කරගැනීමට හැකිව තිබෙන හෙයින් නෞකාව ගැඹුරු මුහුද දෙසට, එනම් නැගෙනහිර මුහුද දෙසට ගෙන යෑමට උත්සාහ ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඊයේ රාත්‍රීය වනවිට නෞකාවේ ඇති වී තිබෙන ගින්න නිවීම සඳහා නාවිකා යාත්‍රා 11ක් යොදවා තිබූ බව ද හෙතෙම කීය.
ඊයේ රාත්‍රීය වනවිට ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රා 3ක්, ටග් බෝට්ටු 4ක් යොදවා ඇතැයි ද හෙතෙම කීය.
ටග් බෝට්ටු දෙකක් බොරතෙල් නෞකාව අයත් සමාගම මුදල් ගෙවා ගෙන්වා ගත් විශේෂිත ටග් බෝට්ටු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා තවදුරටත් කීය.
‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි. කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් නැවේ ගින්න පාලනය කරයි