IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැලිකඩ ජරමර

 

මඩකළපුවේ සිට බන්ධනාගාරයට රැගෙන ආ බාලවයස්කාර එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් සිහිවිකල් තත්ත්වයට පත්වූවාය. බන්ධනාගාර වැසිකිළිය තුළදී අනෙකුත් රැඳවියන් පහරදීම හේතුවෙන් ඇය එම තත්ත්වයට පත්වූ බව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් විසින් නිලධාරිනියන්ට දන්වා තිබූ බව මම දැනගත්තෙමි.


ඇතැම් රැඳවියන්ගේ මව - පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් බැලීමට නොපැමිණීම හේතුවෙන් එම රැඳවියෝ නිසි කලට ආහාර නොගෙන හා නිදිමැරීමෙන් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටියහ. බොහෝ එල්.ටී.ටී.ඊ. කාන්තා රැඳවියෝ මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ගොදුරුව සිටියහ. ඒවා බන්ධනාගාරය තුළ බෙදාහැරියේ ද මුදලාලිලා මෙන් කටයුතු කළ කාන්තා රැඳවියන්මය. මෙම කාන්තා රැඳවියෝ ටික කලක් බන්ධනාගාරගතව සිට ඇප ලබා පිටව යති. එහෙත් ටික දිනකින් ඔවූහු යළිත් බන්ධනාගාර ගත වෙති. ඔවුන් මෙසේ ටික දිනකින් බන්ධනාගාරයට එන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට බව මම අවබෝධ කර ගත්තෙමි. එම කාන්තාවන්ට දුරකථන පහසුකම් ද තිබිණි.


දිනක් සවස 4.30ට පමණ මම අතපය සෝදා ගෙන සිර මැදිරිය වෙත එමින් සිටියෙමි. ඒ මොහොතේදී මාගේ හිසට ඉහළින් පියාසර කළ පාර්සලයක් මා ඉදිරිපිට බිම වැටිණ. ඒ කුමක් දැයි කියා නොබලාම මම එම පාර්සලය පසුකර ගියෙමි. ඒ යුද සමයේදී මා ලබා තිබූ අත්දැකීම් නිසාය. කෙසේ වෙතත් පසුව මට දැනගැනීමට ලැබුණේ එය පාන් රාත්තලක් බවය. 


හිසට ඉහළින් විසි වූ පාර්සලය දෙස නොබලා ගමන් කළ මම පසුව හැරී බැලුවෙමි. එවිට මා දුටුවේ බන්ධනාගාරගතව සිටින සිංහල කාන්තාවක එම පාර්සලය රැගෙන දුවන අයුරුය. කෙසේ වෙතත් තවත් කලකදී මට දැන ගැනීමට ලැබුණේ එම පාන් රාත්තල තුළ කුඩු පැකට් තිබූ බවය. මෙවැනි සිදුවීම් නිසා බන්ධනාගාරයට ලැබෙන සෑම පාර්සලයක්ම තියුණු පරීක්ෂාවට ලක් විය.


බන්ධනාගාරගතව සිටි එම කාන්තාවෝ පිටත සිටින කෝටිපති කුඩු ජාවාරම්කරුවන්ගේ නියෝජිතයෝ ලෙස කටයුතු කළහ. බන්ධනාගාරය තුළට කෙසේ හෝ ගෙන්වා ගන්නා මෙම කුඩු තොග වැසිකිළිවල හා වෙනත් රහසිගත ස්ථානවල සඟවා තබන ඔවූහු පසුව ඒවා වැඩි මිලට විකුණූහ.


සෑම දිනකම සවස හයට රැඳවියන් ගණන් කර තහවුරු කර ගැනීමෙන් පසුව සිර මැදිරි තුළට දමා වසා දමති. එසේ වසා දැමීමෙන් පසුව රැඳවියන්ගේ අණසක පැතිරීම සිදුවේ. ඉන්පසුව එය ඔවුන්ගේ රාජධානිය බවට පත්වේ. ජංගම දුරකථන චාර්ජ් කිරීම, දුරකථන ඇමතුම් ගැනීම, කුඩු පාවිච්චි කිරීම, මත්පැන් පාවිච්චි කිරීම, දුම්වැටි දල්වා ගැනීම ආදිය ආරම්භ වන්නේ ඉන් පසුවය. රණ්ඩු දබර ඇති කර ගැනීම ද සිදුවේ. ඇතැම් ආරවුල් ඉතා සුළුවෙන් ඇරඹී මහා පරිමාණ කෝලහාල බවට පත්වේ. ඇතැම් අවස්ථාවල නිලධාරිනියෝ පැමිණෙති. එහිදී සියල්ලෝම පූස් පැටවුන් මෙන් නිහඬ වෙති.


කාන්තාවන් රඳවා සිටින සිර මැදිරි විවෘත කිරීමට බලය තිබෙන්නේ උසස් නිලධාරිනියන්ට පමණි. වෙනත් කිසිවකුට එම සිර මැදිරි විවෘත කිරීමට බලය නොමැති වුවද මුදල් යහමින් ඇති කාන්තාවන්ට ඔවුන්ට අවශ්‍ය වෙලාවට එම සිර මැදිරි විවෘත කර ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඇතැම් නිලධාරීන් සහයෝගය දක්වන ආකාරය මම දැක්කෙමි.


බන්ධනාගාරය පරීක්ෂා කිරීමට නිලධාරිනියන් පැමිණෙන විට “සුනාමිය එනවා” යනුවෙන් ඒ සංඥාව ලබාදීමට කවුරුත් කටයුතු කළහ. එවැනි අවස්ථාවලදී වැරැදි කරන අය මෙන්ම නොකරන අය ද බියෙන් පසුවෙති. එහිදී එකම පවුලේ දරුවන් මෙන් අපි කටයුතු කරමු.


ඉතිරිය ලබන සතියට.

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්

 



අදහස් (0)

වැලිකඩ ජරමර

ඔබේ අදහස් එවන්න

ජයාරූප

කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට
2022 අගෝස්තු මස 28 7019 1

ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම


අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි
2022 මැයි මස 28 26058 12

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්



ඉතින්... කොහොමද?
2020 මාර්තු මස 14 1354 1




මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site