නිමල කොඩිතුවක්කු
තමන්ගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් නිහඬව සිටීමට තමන් තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.
පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සියලූ කරුණු සළකා බලා ඉදිරි සතිය තුළදී මාධ්‍යයට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරති.
COMMENTS
තව ඉතින් ටික කාලයයිනෙ. පාර්ලිමේන්තුවේ හිටියට කිසිම වැඩක් නෑ. කවුරුහරි දැක්කද මේ උන්නාන්සෙ පාර්ලිමේන්තුවේ විවාදෙකට එහෙම සහභාගී වෙනවා
එතකොට දැන් අර ග්ලිෆොසෙට් කේස් එක හරිද දැන් කාබනික පොහොරද දැන් ලංකාවේම බවිත කරන්නේ ? සුරසැප විනිදින්න දේශපාලනය තොර ගත්තහම ඔහොම තමයි කොහොම උනත් කෝටි 7 , 8 ක වාහනයක් හම්බුනානේ
මේ උන්නාන්සේද රතන හාමුදුරුවෝ කියන්නේ? හම්මේ ......දැක්ක කල්! සැප වාහනයයි,මාලිගාවයි ලැබුනට පස්සේ ස්ථාවර වෙලා නොව හිටියේ. ආයේ මොනවා ස්ථාවර වෙන්නද?
රටම අගාදයට ඇද දමන්නට මුල්වුණු ඔබ වහසේලගේ ස්ථාවරයෙන් දැන් ඇති පලේ කුමක්ද.
අර්ථයෙන් ධර්මයෙන් ගිහියෝ අණුශාසනා කරයි. කොසොල් රජුගේ සිහින මතක් වෙයි.
අනේ අපේ හාමුදුරුවනේ දේශපාලනය නම් අත අරින්න එපා. දැඩිව අල්ලා ගන්න . අර කරන ව්‍යාපෘති එහෙම නම් නතර කරනවා නොවෙයි. මොකද අතයි මිටයි නිසරු උනොත් මොන දෙයියට ද කියන්නේ. එතකොට ඉතින් කටේ පස් තමයි.
ඔබවහන්සේගේ ස්ථාවරයෙන් රටට වැඩක් නැත, අපටද වැඩක් නැත.රට අස්ථාවර කරන්න නම් ඔබ වහන්සේ දායක වූ බව කිවයුතුය. පන්සලක වැඩක් බලාගෙන වැඩසිටීවා!
හාමුදුරුවොත් ලොකු කතා කියමින් මේ ආණ්ඩුව බලයට ගෙන එන්න දගලුවනේ . එදා වගකීමෙන් කිඋවනේ මේ රජයෙන් අකටයුතු සිදුවෙන්නේ නැහැ කියල. අද මොනවද හාමුදුරුවන්ට කරන්න පුළුවන්. ආර්තිකෙත් ඉවරඊ, සන්හිදියාවත් ඉවරඊ , ඒ උනාට බොරුවට කියනවා "අපි ලෝකේ දිනුව" කියල. අඩුම තරමේ පිට රටක ඉන්න අපරාධ කරකවා ගෙන්න ගන්න මේ ආණ්ඩුවට බැහැ
අවසරයි ගරුතර හාමුදුවරනේ, ඔය ස්ථාවරය වැදගත් වෙන්නෙ හුදෙකලාවම ඔබ වහන්සේගේ පෞද්ගලික දේශපාලන අනාගතයට පමණයි. එමිසක රටට ජනතාවට තබා ඔබ වහන්සේ නියෝජනය කරන දේශපාලන පක්ෂයටවත් වැදගත් නැහැ.
නිර්වාණය ඔබවහන්සේට බොහෝ දුරයි ස්වාමීනී ......
අපි යථාර්තය තේරුම් ගත යුතුයි. ඉක්මනින්ම ගෝඨාභය දේශපාලනයට ගෙන ආ යුතුයි. ඔහු වටා 113 ගැනීම අපහසු නැ. මෛත්‍රී SLFP තුලින් එතනට තල්ලු කල යුතුයි. සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක්. SLPP / UNP / SLFP / JVP
මේ අය එකතුවෙලා රටට කල විපත සුළුපටු නොවේ දැන් ප්‍රකාශවලින් පලක් නොවේ.
මේ උන්නාන්සේ ට නියෝජනය කරන්න පිරිසක් නැහැ . මාධ්‍ය ආයතන මෙතරම් මේ ය පුන්බන්න හදන්නේ ඇයි. මහජනතාව පීඩා විඳින, මහජනතාවට වැදගත් වෙන කරුනු නැතිද , එහෙම කරුණු තියෙනවා කියල ජන මාධ්‍ය නියමුවෝ දන්නේ නැතිද ?
සුභ නැකත ලබන සතියේද?
උන් වහන්සේ තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් පමණි. නියෝජනය කරන කිසිදු ජන කොට්ඨාශයක් නැත.
මරණය තීරණය වන්නේ උපතත් සමගය. ජීවිතයට අරුතක් දුන්නා වෙන්නේ ඒ තැනැත්තා උපත සමග ජීවත් වුනිද නැත්නම් මරණය සමග ජීවත් වුනිද යන පදනම් මතයි. ඔබ වහනේසේලා ජීවත් වුනත් මැරුණ අය සේ කල් ගත කිරීම ජනතාවට කෙසේ වෙතත් යුගයට නම් ඉතාමත් ගැලපෙන වග කනගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුව ඇත.
අන්න එහෙම තමයි කටයුතු කරන්න ඕනේ... මෝඩයෝ වගේ එක පාරටම කලබල වෙන්නේ නැතුව වෙන්නේ මොකක්ද? කියල හොඳට නිරීක්ෂණය කරලා ඔබ වහන්සේට වාසි වෙන තීරණයක් ගන්න..
අපවත් උනාම කාබනික පොහොර වලට දාන්නලු.
ගාන තමය ප්‍රශ්නේ...හොඳ ගානකට ආවොත් ලබන සතියේ මගේ ස්ථාවරය වදාලන්නම්...
2018 දී වැඩි සද්දයක් නොකර නිර්පාක්ෂිකව ඔහොම ඉන්න ගමන් හෙමින් සීරුවේ කොම්පෝස්ට් පොර ටික හදා ගමු , 2020 දී හොඳ අස්වැන්නක් ගන්න නම් 2015 දී කලා වගේ 2019 දී වැල යන පැත්තට මැස්ස ගහල පොහොර ටික දමා ගමු .