මුදිතා දයානන්ද
පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතු යැයි ජාතික හෙළ උරුමයේ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා අද (20) පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කොරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී මෙම මහා සභා රැස්වීම පවත්වනු ලැබිණි.
පළාත් පාලන මැතිවරණය සඳහා භාවිතා කළ මැතිවරණය ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි රජයට යෝජනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා ගෙන ආ යෝජනාවට අදහස් දක්වමින් වර්ණසිංහ මහතා මේ අදහස් පළ කළේය.
දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂ කාර්යභාරය ඉටුකරන්නේ නැහැ. ඔවුන් බොහෝ විට කටයුතු කරන්නේ ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමක් ලෙසයි. ඒ වගේම ඔවුන් පෙනී සිටින්නේ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හා යම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතුයි.
COMMENTS
එය ඒ එහෙනම් එක්සත් ජනතා සන්දානයෙන් අයින් වෙන්න ඕන අනේ නිකන් හිටහන් මිනිරෝ තව ප්‍රශ්න නැතිද කතා කරන්න රටේ දුක් විදින මින්ස්සු ගැන වගේ වගක් නැහැ මෙකලට තියෙන්නේ සිංහල මුස්ලින් කතෝලික යකෝ ඕව නොවේ ප්‍රශ්න අපරාද දුෂණ වංචා අවනීතිය ගසකම් මේවයි ප්‍රශ්න
ඕක කලින් කියාන්න බෙරිව තිබුනේ එයි කියල කියන්න බෙරිද
ඕක තම අපි කිව්වේ. ආණ්ඩුවට ඕන එයාලට පක්ෂපාතී විපක්ෂයක් නේ. ප්‍රසන නෑ
දැන් ජනාධිපතිතුමා මේ කට්ටියත් එක්ක ආණ්ඩුවක් හදනවනම් මේ කට්ටියට විපක්ෂ නායකකම දීල හරියන්නේ නැහැ.
හා හරි හරි දෙන්නම්
ව්‍යවස්ථානුකූලව ඉඩකඩ තියෙනවද? එහෙම දෙන්න. හොඳට ඒවා ගැන හිතලා නේද අපි කතා කරන්න ඕනෑ. මොකද මේ රටට වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ කව්රුහරි කියලා දෙනවාද?
මෙයාලගේ උපාය මාර්ග වැඩක් නැත, මෙයාලට යු එන පි එකේ නායකත්වය ගන්න වෙන්නේනේ නැත.
එතකොට ආණ්ඩුවේත් ශ්‍රී ලංකා කාරයා, විපක්ෂයත් ශ්‍රී ලංකා කාරයා එහෙමද...? ඒක වෙන්න පුළුවන්ද? කොහොම කතා කරනවද මන්දා....
විපක්ෂයේ සැබෑ කාර්යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් රජයේ දෝෂ සහිත ක්‍රියාවලදී විරුද්ධ වීමයි. ද්‍රවිඩ සංධානයෙන් ඒ කටයුත්ත සිද්ධ වෙන බවක් පේන්න නෑ. එහෙම බලපුවාම ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂ නායකකම ලබා දීම ජනතාවාදී තීරණයක් වෙයි.
එච්චරද දෙන්න ඕනේ? ඔය කියන හින්දම දෙන්නම් හොඳේ... මේ කවුද ?
ඒක හරි යන්නේ නැහැ. අගමැතිකම තමයි ඕනේ...
රටට ඕන කරන්නේ හොරුන් නොමැති රජයක්.ඒක කිසිදිනක වෙන්නේ නැති බව දනිමු.මහා බැංකුවට කෙලපු මහා හොරා අගේට පාර්ලිමේන්තුවේ ඉන්නේ. එකාට පුළුවන් ගොරක දඩමස් කරන්න දඩමස් ගොරක කරන්න.
නිශාන්ත මහත්තයෝ,පාර්ලිමේන්තුවේ පිළිගත්ත දේශපාලන පක්ෂ තියෙන්නේ 06 යි.එකට මේ විකාර අටවගත්ත පක්ෂේ අහුවෙන්නේ නැහැ.ඔබ ඔය සිංහල ජන්ද ගන්න කරන කතාවක්නේ.රටේ ජනාධිපතියි,විරුද්ධ පක්ෂේ නායකයි එකම පක්ෂෙකින් එන්න බැරි බව නොදන්න තරම් බබෙක් ද ඔබතුමා.
රටේ ඉන්න හොඳම ගොරකයෝ වීරයෝ වෙලා. කවුද මෙයා.................
නමුන්නාන්සේ කියනකම් තමයි ආණ්ඩුව බලා හිටියෙ.