IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(22) මිනුවන්ගොඩදී පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග  විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පසුව පැවති දෙමාපිය දුදරු හමුවේදීය.
 
ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහන යටතේ වැඩ කටයුතු කරගෙන යන නාවික හමුදාව සති තුනකට පෙර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලා ගැනීමට සමත් වූ බවත් එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බවට හෙළි වී ඇති බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසීය.
 
නීතිවිරෝධී වැඩ කරන රැඳවියන්ගෙන් බන්ධනාගාර පිරී ඇතැයිද, මෙලෙස ජාවාරම් සිදුකරන පුද්ගලයන් සහ ඊට සම්බන්ධ පිරිස හදුනා ගැනීම  සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වැලිකඩ බන්ධනාගාරයේ සිටින 5,000ක්, 6,000ක් පමණ වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (7)

‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’

bw dayarathne Monday, 22 July 2019 10:24 AM

හරියටම හරි ජනපතිතුමනි, මේ සම්බන්ධ දේශපාලකයිනුත් අල්ලමු නේද?

:       0       14

Raveendra Monday, 22 July 2019 10:26 AM

අපිට නම් තිබෙන ලොකුම අභියෝගය මී හරකුන් 225 ලැගලා ඉන්න දියවන්නා ඔය අනාථ මඩම... එමෙන්ම ඔහෙත් එහි ලැගලා ඉන්න තවත් එක අනාථයෙක් විතරයි අපට. මොකද කාලකන්නි 225 නඩත්තු කරනවා කියන එක සුළුපටු වැඩක්ද? හේතුව රට ගැන නොහිතන රටේ ආරක්ෂාව ගැන නොහිතන ගොන් තකතීරු බූරුවන් 225ක් නේ ඉන්නේ...

:       0       273

shan Monday, 22 July 2019 11:09 AM

කරන මිනිහා කියව කියවා ඉන්නේ නැහැ. කළයුතු දේ කරනවා මිස... මේක බබා උපදිනකල් ක්ලිනික් යනවා වගේ රට වටේ කියකියා යනවා. දන්නවා එතකොට වැඩේ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.. අන්තිමට රටේ විරෝධය නිසා නවතන්න වුණා කියලා වැඩේ නවත්වනවා... උසාවියෙන් මරණ දඬුවම නියම කලේ රටේ පවතින නීතිය අනුව නම් ජනපතිගේ අත්සන හා වෙලාව ලැබුණු වහාම චුදිතයා එල්ලා මරන්න කියලා මිස ජනපති රටේ ජනතාවගෙන් හා ලෝකේ රටවලින් අවසර අරගත් දාට එල්ලා මරන්න කියලා නෙවේ... මේක ජනතාව මුලා කිරීමක් 88/89 හා 71 කාලවලදී වැරදි කල අයව මැරුවේ කාගෙන්වත් අවසර අරගෙනද? ජනතාව ගොනාට ඇන්දවීම ජනපති වහාම නතර කළයුතුය. බත් කන ගවයින් දේශපාලකයින් වටේ උන්නාට රටේ මුළුමහත් ජනතාවම හරක් නොවේ.. ඒක හොඳින් ජනපති වටහා ගත යුතුයි.

:       0       162

Raveendra Monday, 22 July 2019 11:56 AM

යහපත් සමාජය ගැන මා කතා කලේ 2015 දී..// සෝභිත ස්වාමින්වහන්සේ වැඩසිටියේ එකලදී..// දැන්නම් යහපත් සමාජය කොහේදැයි තිබෙන්නේ..// කියනවා බලන්නට කට ඇරලා ඔහේගේ කටින්..//

:       0       0

Nimal Monday, 22 July 2019 01:20 PM

වැලිකඩ හිර ගෙදරද? දියවන්නාවේ මහා ගෙදරද? කියන එක මහජනතාව හැටියට අපිට ප්‍රශ්නයක්...

:       0       1

menna Monday, 22 July 2019 01:33 PM

බන්ධනාගාරයකට ඇයි කාගෙවත් නමක් දාන්නේ නැත්තේ? කටුනායක ගුවන් තොටුපොල බණ්ඩාරනායක වුණා. කෙත්තාරාමේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය වුණා. හම්බන්තොට පොර්ට් හදලා මහින්ද රාජපක්ෂ වුණා. බන්ධනාගාරයකට මගේ නමවත් දාලා බලන්න මිනිස්සු හැදෙයිද කියලා බලන්න... ඔන්න ඔය විදියට තමයි ලංකාවේ පැරණි නම් මැකී ගිහින් ඉතිහාසය මැකී යන්නේ. එක එක පැතිවල දමිල නම්.. ඉස්ලාම් ආගමට සම්බන්ධ නම්... ඇමරිකාව සමග හොර ගිවිසුම් ගහනවා කියකියා ඉන්නවට වඩා හොඳයි ඒ ඒ ප්‍රදේශයේ තිබුණු පැරණි නමම යොදා ගොඩනැගිලි නම් කරනවා නම්...

:       0       1

de silva berlin Monday, 22 July 2019 03:19 PM

වැලිකඩ හිර ගෙදර නිලධාරී රැඳවියන්ගේ ජාවාරම්වලට උදව්කරන බව මුළු රටම දන්නා රහසක්, රටේ සේනාධිනායකකම සහ ආරක්ෂක ඇමතිකම අවුරුදු 4 කට වැඩිකාලයක් ඉසිලූ ඔබතුමා එ්ක දැනගත්තේ අදද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 17 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 261 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 194 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 186 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 414 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 493 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site