IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘මහලේකම් ධුරය අතහරින්න ඕනිම වෙලාවක ලෑස්තියි‘

(බිඟුන් මේනක ගමගේ) 

සන්ධාන මහලේකම් ධූරය ඕනෑම වේලාවක අත්හැරීමට තමා සූදානම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට පූජා කිරීමේ අරමුණෙන් කෙරෙන යෝජනාවලට යට වී එවැනි තීන්දුවක් කිසිවිට ගන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  පැවැසීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ සිටින කීප දෙනෙකු තමාට සන්ධාන ලේකම් ධූරයෙන් අස්වන්නැයි කියන්නේ තනතුරු තන්හාව නිසා යැයි හෙතෙම අවධාරණය කර කීය.

ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීම හැරුණු විට අත් වූ අන් ප්‍රතිපලයක් නැතැයි කී ඇමැතිවරයා අද වනවිට එම කණ්ඩායම තුළ මතවාද තුනක් ක්‍රියාත්මක යැයි ද ලංකාදීප සඳුඳා හමුව සාකච්ඡාවට අදහස් දක්වමින් කීවේය.

තමන් වැටුණු අමාරුවේ අනෙක් අය ද දැමීමට එහි ඇතැමෙකු උත්සාහ කළ ද එම කණ්ඩායමේ තවත් පිරිසක් නැවතත් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින්නේ යැයි ද අමරවීර මහතා පැවැසීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ද අතරමංව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් සිදුවන්නේ පක්ෂය කණ්ඩායම් තුනකට කැඩීම පමණකැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (9)

‘මහලේකම් ධුරය අතහරින්න ඕනිම වෙලාවක ලෑස්තියි‘

de silva Sunday, 17 June 2018 12:27 PM

මේ යන විදිහට ඉදිරියට ගියොත් කැමති වුනත්, නැති වුනත් ලේකම්කම අනිවාර්යයෙන්ම අතහරින්න වෙනවා...

:       225       306

විසාඛා Sunday, 17 June 2018 12:54 PM

ඉතින් තවත් පව් නොදී දේශපාලනයෙන්ම අයින් වෙලා ගෙදර ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ.

:       0       0

abayawansa Sunday, 17 June 2018 01:28 PM

මොකටද SLFP තිබියදී UPFP එක හැදුවේ...?

:       0       170

kolitha Sunday, 17 June 2018 02:24 PM

අත අදින්න නම් එපා... ඔය තමයි අන්තිම මහ ලේකම්...

:       114       1

Raveendra Sunday, 17 June 2018 03:55 PM

මලය කියියටවත් අතාරින්න නම් එපා...................

:       0       0

Raveendra Sunday, 17 June 2018 03:55 PM

කියියටවත් අතාරින්න නම් එපා...

:       0       0

de silva Sunday, 17 June 2018 07:34 PM

ඔය යන විදිහට පොහොට්ටුව ඉදිරියට ගියොත් සමහරවිට රාජපක්ෂ කොම්පැනියම ශ්‍රී ල නි පෙන් සාමාජිකත්වයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා පොහොටුවට යන්න ඉඩ තිබෙනවා එහෙම වුනොත් ඉදිරියට ශ්‍රී ල නි පෙට 5% වත් නැති වෙනවා එහෙම වුනොත් සන්ධානේ අනිත් පක්ෂ ටිකත් ගිහින් පොහොට්ටුවේ එල්ලේවි , එතකොට ලේකම් කමෙන් වැඩක් නැත , 2015 රාජපක්ස සමාගම ගෙදර යවපු ජනතාව මෙදාපාර පොහොට්ටුවට අකමැත්තෙන් වුනත් ඡන්දෙ දුන්නේ ඔබතුමාලගේ නායකයා මුල සිටම හැම දෙයක්ම කරන්න බැහැ , බැහැ තම නොහැකියාව ප්‍රසිධියේ ප්‍රදර්ශනය කිරීම නිසා නමුත් රාජපක්ෂ සමාගම ඔවුන් සමග සිටිය අතලොස්ස සමග සටන්කරමින් බොරුවට හරි අපිට පුළුවන් , අපි කලා ඉදිරියටත් අපි කරනවා වැනි සටන් පාට භාවිත කළේය , එතකොට තව තව කට්ටිය ඔවුන්ට එකතු විය.

:       0       19

piyal Monday, 18 June 2018 02:39 AM

පක්ෂයේ ඩාලි පාරේ තියෙන බිල්ඩිමයි, බෝඩ් ලැල්ලයි කාටවත් පූජා වෙලා නැහැ. ඔය තියෙන්නේ අගේට. ඔය කීපදෙනා ඒ කට වෙලා බජව් ද දා ඉන්න. ඔය ගොල්ලෝ සිරිකොතට පූජා වුනාට ජනතා හදවත් පොහොට්ටුවට පූජා වෙලා ඉවරයි මහත්තයෝ.

:       0       0

ranga Monday, 18 June 2018 03:41 AM

බොරු බයිලා කිය කිය ඉන්නේ ඇතහරින්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 17 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 108 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 137 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 337 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 370 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 679 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site