IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හේෂාන් විතාන සිදුකළ ප‍්‍රකාශයක් ගැන විමර්ශනයක් කරන්න නියෝග

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂාන් විතාන මහතා බෞද්ධ ප‍්‍රජාව කෙරෙහි අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී වැඩසටහනක් මගින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත අද (23) නියෝග කළාය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් අහිංසක මුස්ලිම් ප‍්‍රජාව මරමින් විශාල විනාශයක් වන බව පවසමින් හේෂාන් විතාන මහතා රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර ඇත.

ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 290 (අ) වගන්තිය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (2) වගන්තිය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.



අදහස් (7)

හේෂාන් විතාන සිදුකළ ප‍්‍රකාශයක් ගැන විමර්ශනයක් කරන්න නියෝග

sharm warn Friday, 24 May 2019 03:19 AM

පටු දේශපාලන වාසි වෙනුවෙන් නූගත්කම ප්‍රදර්ශනය කළ තවත් සුන්දර අවස්ථාවක්.. මෙවැන්නන් රට පාලනයට තෝරාගත් අයට අපගේ ප්‍රණාමය ...

:       2       192

hira Friday, 24 May 2019 03:25 AM

මෙයා හිතන්නේ මාධ්‍යය ඉදිරියට ආවම වීරයෙක් කියලා. බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ සුර සැපවිඳිමින් බෞද්ධයින්ටම දෙන නියායක් මෙයාට තියෙන්නේ.

:       20       193

KANDEPOLA Friday, 24 May 2019 04:17 AM

දැන් නීතිය ක්‍රියාත්මක වෙයි මෙන්න කියලා.

:       9       54

අප්පුහාමි Friday, 24 May 2019 04:39 AM

මන්ත්‍රීවරයා කියා ඇති කතාව හරියටම හරි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් 83 කලු ජූලියටත් වඩා විශාල ලේ වැගිරීමක් හා විනාශයක් විය හැකිව තිබුනා. සිංහල බ‍ෞද්ධයන් ට නිසි මග පෙන්වා ඔවුන් හික්මවා ගතහැකි හරි හමන් දේශපාලන හෝ ආගමික නායකත්වයක් නැතිවීම ඊට හේතුවයි. තිත්ත වුනත් ඇත්ත එයයි. දේශපාලකයන් නැතත් කාදිනල් තුමා අවශ්‍ය වේලාවේදී සැබෑ ලෙසම ආගමික නායකත්වය ලබා දුන් නිසා රටම තවත් විනාශයකින් ගලවා ගන්නට හැකි වුනා.

:       169       432

සිරිබිරිස්Friday, 24 May 2019 11:49 AM

අප්පුහාමිගේ කථාවත්, මන්ත්‍රීවරයාගේ කථාවත්, සියයට සියයක්ම හරි...

:       0       0

Amila Friday, 24 May 2019 07:01 AM

පියල් නිදහස් වෙලා හේශන් ඇතුලට යන්නත් බැරි නෑ. එහෙම දේවල් තමයි දැන් වෙන්නේ. හැබයි සාමන්‍ය මිනිහෙක් අතින් වචනයක් එහා මෙහා වුනානම් කෙලින්ම ඇතුලේ. අර සරසවි සිසුවාට වුනා වගේ. ඉදිරි ඡන්දකදී අලි, අත්, සීනූ සහ පොහොට්ටු විසිවෙලා අලුත්ම පිරිසක් එන්නත් ඉඩ තියෙනවා. මිනිස්සුන්ට එච්චරටම මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.

:       128       98

sam Friday, 24 May 2019 11:45 AM

පගාව තමයි.. මෙයාලට ආයෙත් ඡන්දෙ එහෙම දෙන්න එපා. ජාතකේ වැරැද්ද? කලවම් වුණාම ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 70 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 122 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 348 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 509 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 217 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 459 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site