IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදී අංශ 13 ක් සඳහා ‘ඔන් ලයින්‘ අයදුම්පත් කැඳවේ

(විනීතා එම් ගමගේ)


සෞඛ්‍ය අමාත්‍යංශයේ  වෘත්තියවේදි අංශ 13 ක් සඳහා අභ්‍යාසලාභීන්  බඳවා ගැනීමට ලබන මස  පළමුවැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ (Online) අයදුම්පත් කැඳවීමට නියමිතය.

හෙද අතුරු වෛද්‍ය හා  පරිපූරක සේවා අංශ 13 ක් සඳහා මෙම අයදුම්පත් කැඳවීමට නියමිත  බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය ආචාර්ය දිලිප් සිල්වා මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවන පළමු වතාව මෙය බවත් මෙහි දී අනුගමනය කරන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විශ්ව විද්‍යාලවලට සිසුන් ගැනීම සඳහා අයදුම්පත් කැඳවන ක‍්‍රමවේදයම බවත් හෙතෙම කියා සිටියේය.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් සකස් කළ මෙම අයදුම්පත් කැඳවීමේ ක‍්‍රමවේදය අනුව විභාග දෙපාර්තමේන්තුව ද සම්බන්ධ වන බව ආචාර්ය දිලිප් සිල්වා පැවසීය. 

ලබන මස පළමුවැනිදා සිට 21 වැනිදා දක්වා අයදුම්පත් කැඳවන අතර අන්තර්ජාලය ඔස්සේ එවනු ලබන අයදුම්පතේ මුද්‍රිත පිටපතක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත 21 වැනිදා ට පෙර එවිය යුතුය. 

මේ සඳහා වන ගැසට් නිවේදනය ලබන සිකුරාදා පිටවීමට නියමිතය. එහි අයදුම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙබ් අඩවියේ පළ වන අතර මේ වනවිටත් ඒ පිළිබඳ විස්තර එම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත. 

අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ හා ඉසෙඞ් අගය අනුව සුදුසුකම් ලබන අභ්‍යාස ලාභින් ලැයිස්තුගත කරන අතර තෝරා ගැනීම ඉසෙඞ් අගය හා දිස්ත‍්‍රික් පදනම මත සිදුකෙරෙනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ දී තමන්ගේ  කැමැත්ත අනුව අනුපිළිවෙලට අංශ කිහිපයක් සඳහා එම අයදුම්පතේම අයදුම්කළ හැකි වීමයි. එක් අයදුම්පතක් සඳහා රුපියල් 500 ක් සේවා ගාස්තු ලෙස අයකෙරෙනු ඇත.  

යම් අපේක්ෂකයෙකුට අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට නොහැකි ප‍්‍රශ්නයක් වේනම් ඒ සඳහා උපකාර කිරීම සඳහා ලබන පළමු වැනිදා සිටි දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල නිලධාරින් දෙදෙනෙක් ඒ සඳහා රඳවනු ලබන බවද ආචාර්ය දිලිප් සිල්වා මහතා කීය.



අදහස් (2)

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදී අංශ 13 ක් සඳහා ‘ඔන් ලයින්‘ අයදුම්පත් කැඳවේ

දිමුත් Thursday, 16 August 2018 10:03 AM

Online දාලා ආයිත් මුද්‍රිත පිටපතකුත් එවන්න කියන්නෙ මොකද?

:       1       14

wedage Thursday, 16 August 2018 10:31 AM

අයදුම්පත් පනස් දාහක් ආවොත් රුපියල් මිලියන විසිපහක් ශුද්ධ ලාභයක්නේ රැකියා නුදුන්නත් ප්‍රශ්නයක් නෑ නේ

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 15 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 251 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1768 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 343 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1755 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1227 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site