ප්‍රවීණ සංගීතවේදී තිස්සසිරි පෙරේරා මහතා අද (12) අභාවප්‍රාප්ත විය.
දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇති ඒ මහතාගේ තනු නිර්මාණ අතර අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන්ගේ මා ළඟටම තව ළංවෙලා, කරුණාරත්න දිවුල්ගනේගේ ඔබ දන්නවනම් වැනි ඉතා ජනප්‍රිය ගීතද වේ.
ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියකු ලෙසද ඒ මහතා කටයුතු කළේය. තිස්සසිරි පෙරේරා මහතා ස්නායු ආබාධයක් හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත අයෙක් විය. ඒ මහතා අංක 310/ ඒ , උයන් කැලේ ගාලුපාර, පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන ඉරිදා (14) සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (ම)
අප සවන් මෝහනය කළ සත්සර රටාවන් මැවු ප්‍රවීනයාණනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව!! (බ)
ඔබට නිවන් සුව පතමි.! (ර)
ඔබට නිවන් සුව ලැබේවා.! (ර)
ඔබට නිවන් සුව ලැබේවා..! (ර)
ඔබ ලොවට සුන්දර දේ එකුතුකර ඇත . ඔබට නිවන් සුව.! (ර)
තිස්සසිරි පෙරේරා මහතානන්ට නිවන් සුව පතමු (හේ)
හිතාදර සොයුර, ඔබ පිලිබඳ මතකය අප තුල සදා පවතිනු ඇත. ඔබට නිවන් සුව! (ර)
රටක් පිනවූ සංගීත වේදියාණෙනි, ඔබට උතුම්වූ නිවන්සුව අත්වේවා.! (ර)