IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රිලනිප මැයි රැළිය ගම්පහ දී


 
(ඩයනා උදයංගනී)
          
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර ‘මැයි දින’ සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේදී මැයි 1 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයා නියෝජනය කළ හා පක්‍ෂ නිජබිම වන අත්තනගල්ල ප‍්‍රදේශය අයත් වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයට බැවින් මෙවර මැයි දිනය ගම්පහදී පැවැත්වීමට තීරණය කළ බව ප‍්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
          
මෙවර මැයි රැලිය සංවිධානය කිරීම සඳහා කමිටු කිහිපයක් පත්කර ඇති අතර ප‍්‍රධාන සංවිධාන කමිටුවේ ප‍්‍රධානියා ලෙස පක්‍ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.
 
එහි ප‍්‍රචාරක කමිටුවේ ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
          
රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
          
කොළඹ, කෑගල්ල, කුරුණෑගල දිස්ත‍්‍රික්කවලින් මේ සඳහා වැඩි පිරිසක් සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වන බව කී මන්ත‍්‍රීවරයා ඊට අමතරව දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකින්ම විශාල ජනකායක් මේ වෙත සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
          
මෙරට කම්කරුවන් වෙනුවෙන් වැඩිම සේවයක් ඉටුකර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සෙසු සියලූ පක්‍ෂවලට වඩා මැයි දිනය සැමරීම ගැන වැඩි අයිතියක් තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී සඳහන් කළේය.
 



අදහස් (3)

ශ්‍රිලනිප මැයි රැළිය ගම්පහ දී

smn Tuesday, 19 March 2019 02:11 PM

පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දියණියත් ඔය ළඟපාත තමයි හිටියේ... ඇයටත් ආරාධනා කරනවද?

:       1       32

charles Wednesday, 20 March 2019 01:35 AM

පරණ පක්ෂය දැන් නැහැ. දැන් තියෙන්නේ වෙන පක්ෂයක්...

:       0       0

Sanath KandyWednesday, 20 March 2019 07:46 AM

ශ්‍රීලනිප නමැති ගසේ හැදුණු කපුටු බෝ පැලේ තමා පොහොට්ටුව. ශ්‍රීලනිප සාරය උරාගෙන දැන් කපුටු බෝ ගස පරණ ගස වසාගෙන සරුවට හැදිලා ඉවරයි. ආයේ පරණ ගසට පණ දෙන්න බැහැ. එ්ත් ඒක කපුටු බෝ ගසක් විතරයි.

:       2       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 103 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 142 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 151 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 366 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 410 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 725 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site