IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
 
පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
 
මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.
 
රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
 
මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඔහු ජනාධිපතිට කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
 
එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇත.



අදහස් (22)

විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Asanka Tuesday, 16 January 2018 12:44 PM

තමන්ගේ දෙපාර්තමේන්තුවේ සේවකයාට ඔහොමනම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට කොතරම් තාඩන පීඩන කරනවද කියල ආසියානු මානව හිමිකම් කොමිසම ලෙහෙසියෙන් තීරණය කරාවි.

:       370       402

anura Tuesday, 16 January 2018 03:40 PM

ඔය පරණ කුණු මොකටද ආයිමත් අවුස්සන්නේ

:       476       366

samanth Tuesday, 16 January 2018 03:56 PM

මෙහෙමද සමහර ලොක්කෝ, රජයේ ඉහල නිලධාරින්, මැති ඇමතිවරුන්, බිම දාගෙන තඩිබාලා තියෙනවාලු මේවා ඉතා සුළු දේවල් .

:       266       384

alwis Tuesday, 16 January 2018 04:10 PM

මේ අහිංසක මනුස්සයාගේ පිටිපස්සේ ඉදගෙන පුද්ගලයෙක් හෝ පිරිසක් මේ අහිංසකයාව මෙහෙයවනවා කියලා අපිට හිතෙනවා .

:       527       793

Jagath Samarakoon Tuesday, 16 January 2018 04:20 PM

අපේ සමාජයේ තිබුණ වටිනා ගුණාංග වර්තමානයේ දක්නට ලැබෙන්නේ නෑ. මේ අපි දැක්කේ තවත් එක් සිදුවීමක් පමණි.

:       1       142

Sunil Tuesday, 16 January 2018 05:48 PM

1) "රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා" 2) "පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා" දැන් ඉතින් මේ අසරණයා මේ ගැන තව කාට කියන්නද?

:       0       229

emerson Tuesday, 16 January 2018 06:10 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       221

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 07:20 PM

පොලිස්පති වෙන්න පෙර ඉතාමත් නීතිගරුක කීර්තිමත් නිළධාරියෙක් වූ මැතිතුමාට මොකද මේ වුනේ. පොලිස්පති තනතුර එතුමාට බර වැඩි උනාද​?

:       5       105

sunimal Tuesday, 16 January 2018 07:59 PM

මෙවැනි දේ වලට නිහඬව ඉන්න රටේ පොඩි මිනිහෙකුගෙන් ලොකු පියවරක් ඉදිරියට, සිදුවූ දේවල් වලට එක හෙලාම විරුද්ද වන අතර ඔබට අපේ සහයෝහය.

:       0       231

chandra weerasinghe Tuesday, 16 January 2018 10:00 PM

අනුර නමින් අදහස් ප්‍රකාශ කරන්නේ පොලිස්පතිට කඩේ යන කෙනෙක් නේද?

:       8       130

chandra weerasinghe Tuesday, 16 January 2018 10:10 PM

මෙවැනි දේවල් අප ජීවත් වෙන රටවල් වල වුනොත් පවතින ආණ්ඩුත් බිඳ වැටෙනවා

:       1       61

sam Tuesday, 16 January 2018 11:21 PM

දේවාලේ කපුවා කන්නලව් කරනවා බලාගෙන තමයි ගෝලයෝ පුරුදු වෙන්නේ. අනේ මේ කතා කරන ලොක්කා ගෝලයෙකුගේ කොලර් එකෙන් ඇල්ලීම හරිද?

:       0       44

Polis Wednesday, 17 January 2018 05:52 AM

භාවනාවේ අනුහස්!

:       1       27

asad Wednesday, 17 January 2018 07:32 AM

ලංකාවේ පොලිස්පතිට විරුද්ධව මානව හිමිකම් යාමට හැකි සහ එය මාධ්‍ය මගින් අවරණය කල හැකි පසුබිමක් නිර්මාණය වී තිබිම සතුටට කරුණක්. වෙනසක් වෙලා නැහැ කියලා කියන අයට කෙසේ පෙනේවිද යන්න ප්‍රශ්නයක්. කවුරු හෝ කියනවා නම් අඩු මිලට බඩු ගන්න හරි. කාර් ගන්න හරි, ෆ්‍රී වයිෆයි ගන්න හරි තමයි ජනතාව මහින්දව ගෙදර යැවුවේ කියලා... ඒ එසේ කියන පුද්ගලන්ගේ බුද්ධි මට්ටමයි. ඒ ගැන දුක් වෙනවා හැර කිරීමට කිසිත් නැත. නමුත් යථාර්තය නම් දැන් ජනතාවට ඇවැසි නීතිය ක්‍රියාත්මකවන හොරුන්ට දේශපාලන අනාගතයක් නැති කරන සමාජයක් බිහි කිරීමටයි. එය නොපිරිහෙලා ඉටු කිරීමට පවතින ආණ්ඩුව වගබලා ගත යුතුයි. නැතිනම් ඔවුන්ටත් වන්නේ ගෙදර යාමටයි.

:       6       237

anura Thursday, 18 January 2018 11:09 AM

ඇත්ත කියන කොට සමහරුන්ට ඇස්වලට වැලි ගහනවා සේය ... පොලිස්පතිට කඩේ ගියාට මොකද වෙන්න වර්තමාන පොලිස්පති හොද බෞදධ ශ්‍රී ලාකිය නීතිගරුක අවංක රජයේ සේවකයෙක් .

:       135       68

anura Friday, 19 January 2018 07:32 PM

පොලිසිය මිනිසුන් යහමගට යොමු කරන්න නීතිගරුක පුරවැසියන් කරන්න වෙරදරන දෙපාර්තමේන්තුවක්.. එහි ප්‍රධානියා ඔහුගේ යටතේම සේවය කරන සේවකයෙක් නිවැරදි මගකට ගන්න දඬුවම් කළාම වරදක්ද? රට හදන්න කලින් තම දෙපාර්තුමේන්තුව හදාගන්න ඕනෑ නේද ?

:       67       44

anura Saturday, 20 January 2018 01:24 AM

භාවනා කිරීම හොඳ ක්‍රියාකාරකමක් බව ඇත්ත. නමුත් රාජකාරියක් සිදු කරන කෙනෙක් එම අවස්ථාවේ භාවනා කිරීම උචිත කාර්යයක් නොවේ. පොලිස්පතිතුමා මෙම අවස්ථාවේදී ඉතාම හදිසි කාර්යක් සඳහා සෝපානය භාවිතා කරන්න ගියා යයි සිතමු. එවිට එය ක්‍රියා කරවන්නා " සර් මම භාවනා කරමින් සිටින්නේ ටිකක් ඉන්න " කිව්වා නම් සමහර විට සෝපානකරු මේ වන විට සදහටම ගොලු වී සිටීමට ඉඩ තිබිණි.

:       6       2

නීලාMonday, 29 January 2018 12:11 AM

අනුර මහතා, දැන්මම කරැණාකර කට වහ ගන්න. පන්හිඳ බිම තබන්න . ඔබ වැඩි වඩියෙන් කතා කරන විට ඔබේ අමන නිරැවත වැඩි වැඩියෙන් පෙනේ.

:       0       0

Don Sunday, 21 January 2018 07:46 AM

ජනාධිපතිතුමා, කඩුව කොපුවෙන් එළියට ගන්න හොඳ වෙලාව...............

:       0       0

chandimal Wednesday, 24 January 2018 03:12 AM

කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ...

:       0       0

asiri Thursday, 25 January 2018 10:17 AM

මිනිහත් නිකන් ඉන්න නැතුව ඇති...

:       0       0

terrance Thursday, 25 January 2018 10:30 AM

ඉමෝෂනල් පොලිස් ලොක්කන්ගේ ගැන්ග්ස්ටර් වැඩක්. ලැජ්ජයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 200 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 172 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 175 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 394 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 463 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 781 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site