IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ලබාදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න - මල්වතු මහනාහිමියෝ

රංජන් කස්තුරි සහ චමිල් රූපසිංහ

රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.



අදහස් (32)

ලබාදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න - මල්වතු මහනාහිමියෝ

senarath Friday, 16 February 2018 04:19 PM

රට ඉදිරියට ගෙනියපු තරම, පොරොන්දු ඉටුකරපු තරම රටේ ජනතාව හොදින් දන්නවා. එකනේ මේ ඡන්ද ප්‍රතිපලය දුන්නේ.

:       2214       2655

sathyapalaSaturday, 17 February 2018 11:42 PM

මෙයා එජාප භික්ෂු බල මණ්ඩලයේ මහා නායක. විලි ලැජ්ජා නැතුව තවත් රනිල්ව බේරගන්න කඩේ යනවා.

:       1       443

Gihan Friday, 16 February 2018 04:45 PM

හාමුදුරුවො කියන්නේ දැන්වත් පොරොන්දු ඉ‍ටු කරන්න කියලා.

:       536       476

PerakumSaturday, 17 February 2018 02:28 AM

ඒකෙන් තවදුරටත් තහවුරු වෙනවා මෙතෙක් දීපු පොරොන්දු ඉටුකළේ නෑ කියල.

:       10       240

Nandalal DE SILVA - France Friday, 16 February 2018 04:52 PM

ඔබ වහන්සේගේ අනුශාසනාවට සහ රජයට කරන ලද කාරුණික ඉල්ලීමට මම ඉතසිතින්ම එකඟවෙමි. 2015දි රටේ ජනතාවට අපේ නායකයන් දෙදෙනා දුන් පොරොන්දු සියල්ල එලෙසින්ම ඉටුකිරීම ටිකක් පමා වුනත් ඒවා ඉක්මනින්ම ඉටු කිරීමට එම දෙපොළට පුළුවන. ඒවා ඉටුකර, රට සංවර්ධන මාර්ගයට කඩිනමින් ගෙනයාමට ඔබතුමන්ලාට තෙරුවන්ගේ ආශිර්වාදයත් දළදා සමිඳු පිහිටත් ලැබේවා !!!

:       3205       967

samanSaturday, 17 February 2018 07:39 AM

උන්නාන්සේලාට දළදා පිහිටවත් ලැබෙයි ! එතකොට අපිට? ප්‍රංශය වගේද ලංකාව?

:       109       412

Naween Friday, 16 February 2018 05:09 PM

පොරොන්දු ඉ‍ටු කරන්න නම් විකුණූ වරාය නැවත අරන් දෙන්න, ඩෝසර් කළ චෛත්‍ය හදා දෙන්න, රණ විරුවන්ගෙන් පළිගන්න එක නතර කරන්න.

:       955       1913

බන්ඩ Friday, 16 February 2018 06:14 PM

නායක හාමුදුරුවො නිසා මට අවශ්‍ය උත්තරේ ලියන්න බැහැ.

:       0       0

siri Friday, 16 February 2018 08:18 PM

නායක හාමුදුරුවනේ, දැන්ද අවදි වුණේ? ජනාධිපති මහමැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු නොකළ නිසා තමයි ජනතාව ඒ අයට නිසි පාඩම ඉගැන්නුවේ...

:       0       6

Lasantha Friday, 16 February 2018 09:57 PM

ඔබ වහන්සේ ඔය නොකියා කියන්නේ, රනිල් වික්‍රමසිංහ තවදුරටත් බලයේ තියාගන්න කියලනේ..

:       94       48

Indhika Friday, 16 February 2018 10:58 PM

පොරොන්දු ඉටු කළෙත් නැහැ. ඉදිරියට ගියෙත් නැහැ. මේ විදිහට බැලුවොත් වෙනස් වෙයි කියල හිතන්නත් බැහැ.

:       0       24

Bamunuarachchi Friday, 16 February 2018 11:31 PM

නව ව්‍යවස්ථාවක් මගින් උතුර ඉඩම් හා පොලිස් බලතල දෙන්නත් පොරොන්දුවෙලා තිබෙනවා. ඒවත් ඉෂ්ට කරමු නේද හාමුදුරුවනේ?

:       11       64

Rasi Saturday, 17 February 2018 12:39 AM

මේ ගොල්ලෝ වැරදි කරන කොටත් මේ වගේ ලියුමක් යවලා අවවාද කරන්න අපේ හාමුදුරුවනේ. නැත්තම් මේ ගොල්ලන්ට කරගන්න බැරිවෙන කොට විතරක් ලියුම් යවන්න එපා. මොකද ජනතාව පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්නේ ආණ්ඩු වෙනස් කරන්න නොවුණත්, ප්‍රකාශ කලේ මේ ආණ්ඩුව ගත් තීන්දු වලට දැඩි විරෝධයක් බව සිහිකර ගන්න. නමුත් ජනතාව අපහසුවට පත්වූ ඒ අවස්ථාවලදීත් ඔබ වහන්සේ මෙවන් ලිපි යොමු කළා නම් ජනතාව පැත්තෙන් එය වටිනා දෙයකි.

:       0       175

laksman Saturday, 17 February 2018 01:05 AM

නායක හාමුදුරුවනේ මේ රටේ ඉන්න සියලු දේශපාලකයන්ට ඕන කරන්නේ පක්ෂය රජකරන්න මිස රට, ජාතිය සංවර්ධනය නොවේ. නැත්නම් පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල මත රජය වෙනස් කරන්න කියාවිද? එ් නිසා හිමියනේ ඔබ වහන්සේ ඉදිරිපත්ව සියලු නායක හිමිවරුනුත්, අනෙක් ආගමික නායකයනුත් එකතු කරගෙන රටට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර මේ රට බේරා ගැනීමට කටයුතු කරන්න.

:       80       18

Saman Saturday, 17 February 2018 01:56 AM

අපේ හාමුදුරුවනේ දැන් ආණ්ඩුවක් නැහැනේ. ඔබවහන්සේ දැක්කනේ අවුරුදු තුනක් රටට ජනතාවට දුන්නු දේවල්. දැන් ඉතින් තියෙන්නේ කරන්න පුළුවන් කෙනෙකුට දීල යන එක, මේ චාටර් වෙච්ච හරිය මදිද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. නැත්නම් ඊළඟ පාර හිටපු තැනුත් හොයා ගන්න බැරි වේවි!!!.

:       119       815

Cisco Saturday, 17 February 2018 02:26 AM

වසර තුනක් ගතවූ තැන කරගන්න බැරිවූ දේ ඉතිරි අවුරුදු දෙකේ කොහොම කරන්නද අපේ හාමුදුරුවනේ?

:       79       465

mangala Saturday, 17 February 2018 02:33 AM

ඔබ වහන්සේටත් හිතට හරි අමාරුයි වගේ නේදෙ? අපේ හාමුදුරුවනේ. මේ ආණ්ඩුව කරපු ජනතා විරෝධී වැඩ වලදී ඒවා නොකරන්න උපදෙස් දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ.

:       130       1250

Lakshman Kumara Saturday, 17 February 2018 03:12 AM

හරියටම හරි. එකතු වෙලා සහයෝගයෙන් රටට වැඩ කරන්න අපිට දේශපාලනය නෙමෙයි වැදගත්... හොරු ටික අල්ලන්න කූඩුවලට දමන්නයි.

:       638       518

pawanSaturday, 17 February 2018 12:59 PM

අර තිස්සමහාරාමයේ ඡන්දෙ ගන්න රුපියල් විසිදාහ, පනස්දාහ චෙක් පත් බෙදපු කෙනාත් අල්ලන්න කියන්න.

:       0       162

saman Saturday, 17 February 2018 05:40 AM

"ආර්ථික පරිහානිය ළඟා කර දෙයි" කියන්නේ අපේ හාමුදුරුවනේ අමුතුවෙන් මොන පරිහානියක්ද? මහ බැංකුව මංකොල්ලය ගැන ඔබවහන්සේ නොදන්නවා වත්ද? මගේ අදහස නම් ඔබ වහන්සේලා පක්ෂ පාට අමතක කර දැමීමට මේ සුදුසුම කාලයයි.

:       113       508

sirimal Saturday, 17 February 2018 09:27 AM

අවසරයි අපේ මහනායක හාමුදුරුවනේ, ගම් සභා මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීමක් හෝ අගමැතිවරයා වෙනස් කිරීමක් හෝ විමසා නැත. එහෙම කලයුතු බව කියන දේශපාලනයේ මෙන්ම ජන මාධ්‍යයේ නියැලී ඉන්නා උදවියට පහදා දෙන්නට කටයුතු කරන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සමහර ජනමාධ්‍ය හැසිරෙන්නේ ලෝකයේ වගකීමකින් යුතුව කටයුතු කරන ජනමාධ්‍යවේදීන් ලෝකයාට දැන ගැනීමට අත්‍යාවශ්‍ය වැදගත් උණුසුම් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා වචන දෙකක් තමන්ගේ කෝන්තර පිරිමසා ගැනීම වෙනුවෙන් යොදවා ගැනීමට තරම් තිරශ්චීන තත්වයකට අද වැටෙමිනි...

:       439       152

piyalSaturday, 17 February 2018 12:55 PM

සිරිමල් මහත්මයා, පොහොට්ටුව ඡන්දෙට ආවේ මේ මැතිවරණය මේ පවතින ආණ්ඩුවට විරුද්ධව ජනමත විචාරණයක් කරගන්න කියලා. රටේ බහුතරය ඒක අනුමත කළා. තව වෙන මොනවද ?

:       0       1219

wasantha Saturday, 17 February 2018 10:42 AM

හාමුදුරුවෝ කියන්නේ කතාවට එකයි. ලබන මහා මැතිවරණයට පෙර එජාපයේ නායකත්ව වෙනසක් අවශ්‍යයි. රාජකීය විදාලයේ පරිපාලනය පක්ෂයෙන් අයින් කල යුතුයි. පුංචි ප්‍රේමදාසව අපිට ඕනෑ.

:       99       318

BamunuarachchiSunday, 18 February 2018 01:01 AM

ටිකක් ඉවසන්න. අපේ ළමයි රටින් පිටවෙනතුරු. මගේ ළමයින් ලවා වැරදිලාවත් එක එක අයට ශ්‍රීමත් ලෙස කියවන්නට බැරිය. පිටරට ගොස් හිඟා කෑවත් කමක් නැත.

:       0       43

BamunuarachchiSunday, 18 February 2018 01:03 AM

අපිටත් ලැවරියා විකුණන්න තමයි වෙන්නේ...

:       1       39

sena Saturday, 17 February 2018 02:58 PM

මේ විනාශයට මුල් වූයේ හාමුදුරුවරු. මාදුළුවාවේ සෝභිත හිමි "ජීවිතයට යුක්තිය " පටන් ගත්ත එකට තව හිමිවරු එක්වුණා. රතන හිමිත් සහයෝගය දුන්නා. රට ඇතිකරන්නේත්, නැති කරන්නේත් මෙහෙම වෙනකොටයි...

:       2716       409

mf Saturday, 17 February 2018 05:21 PM

හාමුදුරුවනේ..!! දැනට ලංකාවේ ඉන්න පාලකයින් හැමෝම දූෂිතයි. මෙයාලව නඩත්තු කරන්න නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ... දුන් පොරොන්දු වගේම නැත්තට නැතිකරන්නම්. නැතිනම් රට සංවර්ධනය කරන්න බැහැ.

:       0       1

Bamunuarachchi Sunday, 18 February 2018 12:53 AM

හාමුදුරුවනේ මොනවාද වුණු පොරොන්දු? මම දන්නා විදිහට නම් ගිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියන පොරොන්දුව හැරෙන්නට මේ ව්‍යාපෘති රටේ ඇතිකර රට සංවර්දනය කරනවා කියන පොරොන්දුවක් නම් වුණේ නැත. වුණේ නම් අපේ ව්‍යාපෘති ගණනාවක් අවුරුදු 100 කට ආසන්න කාලයකට රටට අහිමිවීමයි. අපට බදුබර වැඩිවීමයි. ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවොත් ඒ අය හිරේ යාවි... ඊට පස්සේ මොකක්ද බලාපොරොත්තුව. තියාගන්න බලාපොරොත්තුවක් තිබෙනවාද? අපට බලාපොරොත්තු ඇතිකර තිබෙනවාද? ඉතින් හාමුදුරුවනේ ඔබවහන්සේත් මෙතන ලියන අයටම උචිතම අදහස් පලකරන්නේ ඇයි? හාමුදුරුවනේ රටේ අලුතින් ඇතිකලයුතු අලුත් කර්මාන්ත ගැන මේ පුංචි අපිට අදහස් දීමට බැරිය. නමුත් රටපුරාම වෘත්තීය සඳහා යන මා, අපේ රටේ මිනිසුන් ඉඩම් වලින් ප්‍රයෝජන නොගන්නා බව නම් දකිමි. වස්ගමුව පළාතේ අක්කර ගණන් ඉඩම්වල ඇත්තේ ලාඩප්පා ගස්ය. කර්තකොලොම්බන් අඹ ටිකක් වවන්නකෝ.. එවිට ඵලදාව පිටරට යවන්නත් අනිකුත් කර්මාන්ත වලට ගනීවිනේ. චීන අපිට කුඩා දැල් බෑග් වල එවන පොඩි නාරං... මැෂින් වල හදන එවානොවෙයි. ඒ අයගේ රටේ වැවෙනවා. තායිලන්තයෙන් පිටරට යවන බෝතල් කළ වරකා, රඹුටන් මැෂින් වල හදනවා නොවෙයි.., වවනවා. අනික තම ඉඩමේ වවා ගැනීමට කාටවත් පගාව දියයුතු නැත.

:       0       220

rocky Sunday, 18 February 2018 02:22 AM

පියල් මහත්තයෝ, ඔය ඡන්දෙ `ජනමත විචාරණයක්` හැටියට ගත්තොත් .. පොහොට්ටුව පරාදයිනේ! 45% අරගන පුළුවන්ද ජනමත විචාරණය දිනන්න? අනිත් කාරණාව, පොහොට්ටුවන්ට පුළුවන්ද ජනමත විචාරණ ප්‍රකාශ කරන්න? මොන බලයක් ඇතුවද?

:       363       1

BamunuarachchiMonday, 19 February 2018 03:24 AM

" පොහොට්ටුව පරාදයිනේ! 45% අරගන පුළුවන්ද ජනමත විචාරණය දිනන්න?" අනේ මහත්තයෝ ඔබගේ නව සොයාගැනීම අනුව කව්ද දිනලාතිබෙන්නේ. ඔබේ ඔය තියරි එක ඔලිම්පික් කමිටුවටත් දාමු "පොහොට්ටුවන්ට පුළුවන්ද ජනමත විචාරණ..." පොහොට්ටුවන්ට ජනමත විචාරණ යක් කියන්නේ නැත මහජනයා දකිනවා රටේ පාලනය කොරන්න බලය ඉල්ලපු පකෂවලින් 44% ලබා ගත්තේ පොහොට්ටුව බව. ඒ වගේම පෙන්නුම් කරනවා ඒ ඒ පක්ෂවලට ජන්තාවදේ තිබෙන කැමැත්ත. පාර්ලිමේන්තු මන්ත්‍රීන තේරීමේ චන්දයක් තිබ්බානම් ප්‍රතිපල තවත් වෙනස් වෙන්න තිබ්බා නමුත් JVP, දෙමල සන්දානයට, ඔයිට වඩා චන්ද ලැබෙන්නේ නැත, UNP යෙන් චන්ද කැඩෙනවා මිස චන්ද ලැබෙන්නේ නැත. එත් SLFP මුළු චන්ද ප්‍රමාණයම පොහොට්ටුවට ලැබුනත් රට පහසුවෙන් පාලනය කිරීම සන්දහා පොහොට්ටුවට ලැබෙන චන්ද අඩුය. එමනිසා මෝඩ තකතීරු මිනිස්සු රට ආරාජික කරලය.

:       0       0

Senarath Sunday, 18 February 2018 03:40 AM

ඔබ වහන්සේගේ ලිපිය දැක්කම පුදුම හිතෙනවා. මෙයට අවුරුද්දකට විතර කලින්, විවිධ පාර්ශව රජයට චෝදනා කරනකොට ඔබවහන්සේ ප්‍රකාශයක් කරා නම් රජයට සංවර්ධන වැඩ, දේශපාලන පළිගැනිම්වලින් තොරව කරන්න කියලා. රජය නිවැරදි මාර්ගයට ගන්න යම් ඉඩකඩක් තිබුණා. එ්ත් දැන් නම් නහයටත් උඩින් ගිහිල්ලා.

:       0       135

Liyanage Sunday, 18 February 2018 05:51 AM

ඔබ වහන්සේ බණක් කියලා., අනෙක් අයගේ සිතට යමක් දුන්නා නම් හොඳයි... මේ ප්‍රශ්නෙන් අෑත්වෙලා තවත් රට අවුල් නොකර... අවසර !!!

:       0       122

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 66 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 282 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1838 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 361 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1801 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1268 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site