IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු 36 ක් අති⁣රේක ලේකම්වරු ලෙස පත් කරයි

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 36 දෙනකු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙන රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම් ධුරයට හිමි වැටුප් හා අනෙකුත් පහසුකම් හිමිවනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි වූ බැවින් රාජ්‍ය ඇමැතිවරුන්ට පවරා තිබූ බලතල හා කාර්යන් කැබිනට් ඇමැතිවරයාට පැවැරිණි.

පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මෙම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සේවය කැබිනට් අමාත්‍යාංශ කටයුතුවලට ලබාගත යුතු බැවින් ඔවුන් එලෙස අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙනු ඇත. 



අදහස් (7)

රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු 36 ක් අති⁣රේක ලේකම්වරු ලෙස පත් කරයි

chandima Friday, 05 June 2020 01:40 PM

පළපුරුදු කියන්නේ මේ රට බංකොලොත් වුනු ගානට ගේන්න වැඩකරලා ලබපු පලපුරුද්දනේ නේද?

:       6       169

සිරිබිරිස්Saturday, 06 June 2020 02:00 AM

චන්දිමා පළපුරුද්ද කියන්නේ අත්දැකීම් වලට කියලයි මම අසා තියෙන්නේ. එම අත්දැකීම් විශ්ව විද්‍යාලයකින් කිසිදාක ලබන්න බැහැ. වර්තමානයේ මේ රටත් සමස්ත රාජ්‍ය සේවයත් පිරීහීමට අත්දැකීම නොමැති දේශපාලකයිනුත් රාජ්‍ය නිළධාරීන්හා සේවකයිනුත් හේතුවෙලා තියෙනවා. ඒ වගේමයි රාජ්‍ය සේවයට බඳවා ගැනී‍මේදීත් ඉන් පසුවත් නියම පුහුණුවක් නොදීම පුහුණවකින් ලබාදෙන්නේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමයි. ඔබ සිතන ලෙසට පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පමණක් සියල්ල කරන්න බැහැ.

:       11       99

දොළුකන්දSaturday, 06 June 2020 06:17 AM

ඔබ කියන කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙමු... ඇමැතිවරුන්ට එහෙයි කියමින් මේ රට බංකොලොත් කරන්න උදව් වුණා අයගෙ පළපුරුද්ද ඇති වැඩේ මොකක්ද?

:       0       6

sas Friday, 05 June 2020 02:55 PM

මා පුද්ගලිකවම අත්දැකීමෙන් දන්නා දෙයකි මෙහි ලියන්නේ. බොහොමයක් මෙම පළපුරුදු ජ්‍යෙෂ්ඨ යයි සලකන නිලධාරීන් ඇත්ත වශයෙන්ම අකාර්යක්ෂම නිලධාරීන් වෙති. ඉන් සමහරක් දූෂිත නිලධාරීන්ද වෙති. චන්දිම මහතා ලියා ඇති පරිදි මේ රට බංකොලොත් වුනු ගානට ගේන්න මොවුන් සිදුකල සේවය අති මහත්ය.

:       2       6

siiripaala Friday, 05 June 2020 05:28 PM

මේ තනතුරුවලට පත් කරන්න විශ්‍රාමික හමුදා නිලධාරීන් හොයා ගන්න බැරි වුණාද?

:       18       127

MD Saturday, 06 June 2020 12:18 PM

එහෙම කළොත් කුහකයින් කියයි රට මිලිටරි කරලා ... ඔයාගේ අදහසට ගරු කරමි...

:       1       0

කුමාර Saturday, 06 June 2020 12:20 PM

ආණ්ඩුව විසුරුවල දැන් ගොඩක් කල්. ඇයි මෙක දැන් කරන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 60 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 279 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 150 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 280 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 632 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 797 5

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site