IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රවිගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න මිලියන 364 ක් ඉල්ලයි

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති  රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට්  සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමේදී  දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.

මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙර ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් මෙසේ සිය විරෝධය පළකර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ උදේ පැවැති කැබිනට්  රැස්වීමේදී ද අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකර ඇත.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අදාළ කැබිනට් සංදේශය ඊයේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.

අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තීන්දුවක් ගෙන ඇති නිසා විදුලිබල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

විදුලිබල, බලශක්ති  හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.

ඒ අනුව විදුලිබල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය මුදල් විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි  සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව ද වාර්තා වේ.



අදහස් (11)

රවිගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න මිලියන 364 ක් ඉල්ලයි

jagath Wednesday, 24 July 2019 06:00 AM

මෙයටනම් කොචර සල්ලි තිබත් මදි, කට ඇරියොත් මිලියන බිලියන ගණන්වලින් කියන්නේ. අර මහ බැංකුවෙන් කඩගත්ත කුට්ටියෙන් ගන්නකෝ, නැත්නම් අර ඇලෝසියස් අරන්දීපු ගේ පාවිචි කරනකො ඉඩ මදිනම්.

:       0       75

Athula Wednesday, 24 July 2019 06:38 AM

මෙන්න මුන්ට තියෙන ප්‍රශ්න මුන්වගේ උන්ට රටබාර දෙන්නේ කියලා නොහිතන එක තමයි පුදුමේ

:       1       49

Nishantha Wednesday, 24 July 2019 06:40 AM

අනේ මන්දා මේ වගේ පාලකයෝ පත්කරන්න තරම් මේ මිනිස්සු මෝඩද?

:       1       48

BamunuarachchiWednesday, 24 July 2019 08:14 AM

සුලුජාතික්යින්ට ඉඩම් විකිණීමේ වරද සහ වගකීම කලින් ප්‍රදේශයේ පදිංචිව සිටි අපි භාර ගතයුතුය.

:       0       5

BamunuarachchiWednesday, 24 July 2019 09:27 AM

රවීට උතුරුකොළඹ ආසනය තෝතැන්නකි. ඉස්සර සිංහල ප්‍රදේශයකි. දැන් සුළුජාතික ප්‍රදේශයකි..

:       0       2

Buddika Wednesday, 24 July 2019 07:01 AM

දීලා දාන්න වහාම...... මුදල් ඇමතිනේ...... අනික මේ මූල්‍ය විනය ගැන කතා කරන්නේ්‍.....

:       1       8

රවින් Wednesday, 24 July 2019 09:20 AM

තව සුපිරි නිවසක් ගන්න හිතිලා වගේ. දන්නා විදියට නම් සුපිරි නිවාස දෙකයි. තව නීත්‍යානුකූල අයත් ඉන්නා හැඩයි.

:       0       22

මුණසිංහ Wednesday, 24 July 2019 10:26 AM

ඕකට තව සුලු ගණනක් එකතු කළා නම් අලුතින්ම එකක් හදන්නත් පුළුවන්. ඇයි ගෙනියන්නෙත් බදු ගෙවන තැනකට නේ...?

:       0       0

දිලුම් Wednesday, 24 July 2019 11:02 AM

රජයේ වියදම් කපාහරින්න කිය කියා මේ අයගේ වුවමනාවලට අත දිගෑරලා වියදම් කරනවා. දැන් රටේ තියන මූල්‍ය අර්බුදයත් එක්ක පොඩ්ඩක් ඉවසල ඉන්න බැරි හැටි. ඒ වගේ කැප කිරීමක් වත් කරන්න බැරි කාලකන්නි ජාතියේ අය ටිකක්. ඒකෙනුත් කීයක් හරි හොරා කන්න බලනවා ඇති. නැත්නම් බිල්ඩිමක්ද දන්නෙත් නෑ කුලියට දෙන්න යන්නේ..?

:       0       0

Ahamed Wednesday, 24 July 2019 11:25 AM

මේ සෙට් එකම එළවලා දාන්න ජනතාව එක් වෙන වේලාව හරි .

:       0       0

dilal Wednesday, 24 July 2019 12:09 PM

මේවට රජයේම ගොඩනැගිලි ඉදිකරන්න. මට මතකයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එහෙම ව්‍යාපෘතියක් ආරම්භ කළා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 174 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 418 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 246 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 217 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 464 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 563 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site