IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එක තනතුරකට වඩා දෙන්න එපා

(අජන්ත කුමාර අගලකඩ)
 
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් එක් තනතුරකට වඩා තනතුරු නොදැරිය යුතු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
 
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට සමගාමීව තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරී සඳහා ගත කළ කාලය අඩු වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
 
හේමසිරි ප්‍රනාන්දු මහතා 2018 ඔක්තෝබර් 30 වැනිදා සිට 2019 අප්‍රේල් 25 වැනිදා දක්වා කාලය තුළ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අතර, 2018 නොවැම්බර් 7 වැනිදා දක්වා ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී තනතුර හෙබවීය.
 
ඔහු මීට අමතරව 2019 අප්‍රේල් දක්වා මහජන ලීසිං සභාපති ධූරයද, 2019 මාර්තු දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය  සහ ජාතික දුම්රිය කෞතුකාගාරයේ සභාපති ධූරය ද හෙබවා ඇතැයි කොමිසන් සභා වාර්තාවේ සඳහන් වේ.



අදහස් (7)

රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එක තනතුරකට වඩා දෙන්න එපා

siri Friday, 26 February 2021 03:55 PM

ඇමතිවරුන්ට විතරක් තනතුරු, වරදාන වරප්‍රසාද පොදි ගණන් දුන්නට කමක් නැද්ද ?

:       0       0

Bamunuarachchi Saturday, 27 February 2021 03:53 AM

ඒ කතාව හරියට හරි... දීපු ජොබ් එකවත් හරියට කරගන්න බැරි අය කොහොමද ජොබ් තුන හතරක් කරන්නේ? අනික ඔය වාර්තාව ක්‍රියාත්මක කරයි බලාගෙන ඉන්න. අර නරියා එළුවා පස්සෙන් ගියා වගේ තමයි...

:       1       0

De Saturday, 27 February 2021 06:46 AM

අවුරුදු 60 පැන්නාට පස්සේ එකක්වත් දෙන්න එපා... ඒ අයට විශ්‍රාම දෙන්න. නැතිනම් ලංකාවේ දේශපාලනේ වගේමයි රාජ්‍ය සේවයත්...

:       0       1

BamunuarachchiMonday, 01 March 2021 02:04 AM

එතකොට සර් මේක කරන්නේ කොහොමද කියලා අහගන්න කෙනෙක් නැතිවෙනවා... ඒ ගැනත් හිතන්න.

:       0       0

Hafeel Saturday, 27 February 2021 09:48 AM

60 පැනපු අයට ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුරය දැරීමත් තහනම් කළයුතුයි. වර්තමාන පාර්ලිමේන්තුව හරියට වැඩිහිටි නිවසක් වගේ...

:       1       11

කපුරුහාමිSaturday, 27 February 2021 01:50 PM

මහලු මඩමක් වගේ, වෙලාවකට සත්තු වත්තක්.. ඇමති තනතුරු තුන හතරක් බදාගෙන ඉන්න අයත් ඉන්නේ...

:       0       8

de silva Saturday, 27 February 2021 04:57 PM

ආරක්ෂක ඇමැතිකම්, ආරක්ෂක ලේකම් වැනි තනතුරු බාර අරන් ඒවා නිසි ලෙස ඉටු නොකර වැටුප් සහ වෙනත් වරප්‍රසාද භුක්ති විඳීම වරදක් නොවේද? ඒකට දඬුවම් කළ යුතු නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 76 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 296 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 151 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 288 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 642 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 813 5

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site