IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉදිකරන්න සැලසුම්

(සිරාජ් හසීම්)
 
අවසන් යුද සමයේ මියගිය කොටි සාමාජිකයින් ඇතුළු දෙමළ ජනතාව සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.
 
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුදල් වලින් මෙම ස්මාරකයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් මෙම ස්මාරකය ලබන 18 වැනි දා ට පෙර ඉදිකර අවසන් කිරීමටත් මහා ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.
 
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණ මේනන්ගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල කලා මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
 
2009 මැයි 18 වැනි දා මුලතිව් මුල්ලි වයික්කාල්හි පැවති අවසන් යුද්ධයෙන් මියගිය සාමාන්‍ය සිවිල් ජනතාව ඇතුළු කොටි සාමාජිකයින් සිහිකිරීම වෙනුවෙන් සිදුකරන මුල්ලිවයික්කාල් සැමරුම නිමිත්තෙන් මෙම ස්මාරකය ඉදිකිරීමට නියමිතය.
 
 



අදහස් (21)

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉදිකරන්න සැලසුම්

kosala Friday, 20 April 2018 07:15 AM

මේක වාර්තා කරන සිරාජ් හසීම් මහත්මයාණෙනි. මෙහි කොටි සාමාජිකයින් නොව කොටි ත්‍රස්තවාදී සාමාජිකයින් ලෙස නිවැරදි විය යුතුය්.

:       2       1110

HafeelFriday, 20 April 2018 08:15 AM

කෝසල, ඔබ හරි. තවත් මදිකමට කවදාවත් දේශපාලන නොකළ ඔවුන්ට කියන්නෙත් දේශපාලන සිරකරුවන් කියලයි..

:       0       138

sanath Friday, 20 April 2018 08:01 AM

සංහිඳියාවට ඉඩදී බලා ඉඳිමු.

:       6       3

KANDEPOLA Friday, 20 April 2018 08:15 AM

රටට ආදරයක් නැති දුර්වල නායකයින් ඉන්නකොට, ඔයිට වඩා දෙයක් කළත් පුදුම වෙන්න දෙයක් නෑ හිටන්...

:       100       200

Pradeep Friday, 20 April 2018 08:22 AM

ඇයි අප්පා මහ ශිෂ්‍ය සංගමයේ මුදල් වියදම් කරන්නේ. ජනාධිපතිගෙන් අගමැතිගෙන් ඉල්ලීමක් කළා නම් සංහිඳියාවේ නාමයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඕක කර ගන්න තිබුණා.. ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට ගෙන්න ගන්නත් තිබුණා.

:       438       502

Hafeel Friday, 20 April 2018 08:22 AM

කොටි හිතවාදීන් උතුරේ නැගෙනහිරේ සැමරුම් ස්මාරකයක් ඉදිකරනවා, සමරනවා. නමුත් රජය එක්සත් ජාතීන්ට බයෙන් යුද ජය දිනය සමරන එක පහුගිය අවුරුද්දේ සිට නවත්තලා.

:       239       280

vidwathek Friday, 20 April 2018 08:52 AM

විශ්වවිද්‍යාල පිහිටුවීමේදී කොළඹ වැනි දියුණු, එනම් සිසුන්ට හා දේශකයින්ට තම ක්ෂේත්‍රයේ අධ්‍යාපනය මෙන්ම අත්දැකීම් දියුණු කරගත හැකි ප්‍රදේශයක පිහිටුවීමෙන් තම කුසලතා වර්ධනය කරගත හැකි අතර, රැකියා සඳහා ඉදිරිපත් වීමේදී වඩාත් අවස්ථා වැඩිය. උදාහරණ වශයෙන් ගතහොත් පේරාදෙණියට වඩා ජයවර්ධනපුර. කැලණිය ඉදිරියෙන් සිටියි. අනික් අතින් මෙවැනි ගැටළු සහගත තත්වයන් ඇතිකරලීම වලක්වයි. මෙම තත්වයන්ගෙන් සිදුවන්නේ ජාතියට විනාශකාරී පුද්ගලයින් බිහිකිරීමයි.

:       1       71

ajith Friday, 20 April 2018 08:54 AM

දෙමළ මිනිස්සුන්ට දෙමළ අය සමරන්නට දෙන්න බොරු සිංහයෝ වෙන්නේ නැතිව...

:       499       306

BamunuarachchiFriday, 20 April 2018 10:13 AM

හලෝ දෙමල්ලු සමරන්නේ සිංහලයන් මැරූ තම සාමාජිකයින්. තහනම් ත්‍රස්තවාදී පක්ෂයක් සැමරීමත් තහනම්...

:       1       129

Senaka Friday, 20 April 2018 10:41 AM

අජිත් මහත්තයෝ දෙමල මිනිස්සුන්ට දෙමල අය සමරන්න අයිතියක් තියනවා. එ්කනම් අපේ රටේ ඕනෑම මනුස්සයකුටම තියෙන අයිතිවාසිකමක්. නමුත් ලෝකයේ කිසිම රටක මිනීමරපු ත්‍රස්තවාදීන්ව සමරන්න ඉඩදීලා නැහැ. දුන්නොත් දෙන්නේ තමුන්නාන්සේලා වගේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන මිනිස්සු. ඔහොම අදහස් දරපු මිනිස්සු හිටිය නිසා තමයි අවුරුදු තිහක යුද්ධයක් තිබුණේ. අද තමුන්නාන්සේලා බයක්, සැකයක් නැතුව ජීවත් වෙන්නේ, ඒ මිනීමරපු ත්‍රස්තවාදය නැති කරපු නිසායි. එකට තමුන්නාන්සේට හිතට අමාරුයිනම්, ලාභයක් නැත්නම් කරන්න දෙයක් නැහැ. නමුත් රටේ ජීවත්වන අහිංසක මිනිස්සු බයෙන් සැකයෙන් තොරව ජීවත් වෙනවා. තමුන්නාන්සේලාගේ පව් ගෙවන්න රටේ ඉන්න ජනතාව ලෑස්ති නැහැ.

:       110       341

malka Friday, 20 April 2018 08:56 AM

අනේ ශ්‍රී ලංකාවට ගිය කලක්...

:       151       188

janahitha Friday, 20 April 2018 09:39 AM

ත්‍රස්තවාදය නිමකලේ කොයිතරම් අමාරුවෙන්ද? වත්මන් පාලකයින්ට එහි අගයක් නොදැනෙන හැටි... රජයේ මුදල් වලින් නඩත්තුවෙන විශ්ව විද්‍යාලයක රජයේ නිසි අවසරයකින් තොරව එහෙම කරනකන් රජය මොකද කරන්නේ? නැතිනම් දැන් රජය කරගෙන යන්නේ කොටි ත්‍රස්තවාදීන්ද?

:       0       35

ලුම්බිණි Friday, 20 April 2018 09:41 AM

යුද්ධයෙන් මියගිය සියල්ල සිහි කරන්න සැමරුම් ස්මාරකයක් හදලා දුන්නා නම් මේ ප්‍රශ්නය ඉවරයි.

:       5       73

chandana Friday, 20 April 2018 09:46 AM

ජාත්‍යන්තරේ ඉල්ලීමට තිස් අවුරුදු සාපයක්ව තිබුණු යුද්ධය අවසන් කිරීමේ මැයි මාසේ යුද සැමරුමත් අමතක කරලා දාන්න නිවට, සිංහල අපිට පුළුවන් වුණාට දෙමල මිනිස්සු එහෙම ලේසියෙන් එයාලගේ මැරිච්ච ත්‍රස්තවාදීන් අමතක කරන්න සූදානම් නැහැ. ඔන්න ඔය වගේ දේවල් නොදැක්කා සේ ඉන්න ආණ්ඩුවට තමයි අපි කියන්නේ "යහපාලන සම්මුතිවාදී ශක්තිමත් ආණ්ඩුවක්" කියලා...

:       68       111

Bandara Friday, 20 April 2018 09:55 AM

සංහිඳියාවට බාධාවෙනවා කියලා උතුරේ තියන හමුදා ස්මාරක, කදවුරු, කොටි විනාශකරපු ජල ටැංකිය ආදිය ඉවත්කරන ගමන් කොටි සමරන සැමරුම් මෙයාලා අලුතින් ඉදිකරනවා.. මෙයාලා කරන වැඩවලින් තියන සංහිඳියාවටත් අබසරණයි..

:       0       78

Rasi Friday, 20 April 2018 09:59 AM

සද්ද කරන්න එපා, සංහිඳියාව !!!

:       65       93

සෙනෙවි Friday, 20 April 2018 11:31 AM

කිසිඳු වරදක් නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්... සංහිඳියාව මෙයට අදාළ නැත. මෙම වෛරය දැන්වත් අවසන් කරමු. බුදුන් වහන්සේගේ දේශනයට අනුව.

:       133       112

de silva berlin Friday, 20 April 2018 11:41 AM

යුද්ධයේදී මිය ගිය ජනතාව සමරුවට කමක් නැහැ. ත්‍රස්තවාදීන් සමරන්න නම් දෙන්න එපා. එහෙම කලොත් ලංකාවෙන් පිටත ඉන්න කොටි සංවිධානේ සාමාජිකයොත් යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න කියලා ඉල්ලීම් කරාවි.. ඔවුන් පෙන්වා දේවි ලංකාවේ කොටින් සමරන්න, ස්මාරකත් අලුතින් හදනවා කියලා...

:       0       85

Sapumal. Friday, 20 April 2018 01:22 PM

මියගිය සාමාන්‍ය ජනයා සැමරීමට නම් කමක් නැත. ඒත් මියගිය කොටි සමරන්න ස්මාරක ඉදිකිරීමට දීම රටේ ආරක්ෂාවට කෙරෙන තර්ජනයක්. අපේ පැත්තෙන් බලනවිටත් පොඩි දුර්වලකමක් තියෙනවා. රටට හානි කරපු සිංහල රතු ත්‍රස්තවාදීන් ඒ අයගේ නායකයා සහ රට වැනසූ දේශද්‍රෝහීන්ව විරුවන් ලෙස සමරනවා. ඒ ත්‍රස්ත සංවිධානය නමින්ම මෙරට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක්ද තිබෙනවා.

:       1       54

sanjeevaFriday, 20 April 2018 04:24 PM

ඔබ හරි. අපේ බහුතරයක් ඉන්නේ මහා අන්තවාදී ස්වෝත්තම අදහස් මුල්කරගෙනයි.. 88 89 කාලයේ අපි දකුණේ විඳපු අනන්ත කරදර අමතකද ? ඒ රතු කට්ටිය දැන් හොද වෙලා ඉන්නවා.. ඒගොල්ලොන්ගේ තිබුනේ විප්ලවයක් ලු. උතුරේ තිබුනේ ත්‍රස්තවාදයක් ලු.. ඔක්කොම ප්‍රශ්නේ උතුරේ දෙමල නිසා නේ. ඒ විතරක් නෙවෙයි , මුළු රටම යුද මානසිකත්වයෙන් තවම මිදිලා නැහැ.. කොටින්ම හමුදාවේ සාමාජිකයින්වත් එයින් මිදිලා නැහැ.. දැනටමත් හමුදා අයගේ වැඩි කොටසක් මානසික පීඩාවන්ට ලක්වෙලා තියෙනවා.. ඉංග්‍රීසියෙන් කියන PTSD(post traumatic stress disorder) - පශ්චාත් කම්පන මානසික ආබාධය කියන ව්‍යාකූල තත්ත්වයට මුහුණදීලා මිදෙන්න බැරිව පීඩා විඳින අය ඉන්නවා. සමහර කට්ටිය සියදිවි නසාගෙන තියෙනවා. මේ තත්ත්වයේ භයානකකම කවුරුත් තේරුම් ගන්නේ නැහැ. මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න කැමති නැහැ. ත්‍රස්තයා හැමදාම ත්‍රස්තයා හැටියට ලේබල් කරනවා. හැබැයි පොඩි ත්‍රස්තයන්ට අවි යුද නැවු පිටින් ගෙනාපු අයටනම් හුම් කියලවත් බනින්නේ නැහැ.. මොකද ඒ අය එකතු වුනේ හොද කට්ටිය එක්ක නේ. ඒ අයට නඩුත් නැහැ පරීක්ෂණත් නැහැ. ඒ අතින් බලනකොට අපේ දුර්වලකම් ගැන නෝ කතා

:       0       0

Sapumal.Saturday, 21 April 2018 09:24 AM

එදා එම රතු ත්‍රස්තයින්ගේ වැඩ ආදර්ශයට අරගෙන කොටි සංවිධානය බිහිවූ බව කොටි පැවසුවා. එදා සන්නද්ධ අංශ මරන්නට සෙවූ භයානක රතු ත්‍රස්තයෙකු ගුරුවරයාගේ ඇඳ යට සැඟවීම නිසා ජීවිතය බේරා ගත්තා. පසුව නම වෙනස් කරගෙන පසුගිය රජයේ ඇමති කෙනෙක් හැටියටත් වැඩ කළා. නම වෙනස් වුවද ඔහුගේ ත්‍රස්තගති තවමත් එසේම පවතිනවා. එයින් රටට නොදැනෙන්න රට වනසනවා. ජනතාව වඩාත්ම පරිස්සම් විය යුත්තේ මෙවැනි සිංහල ත්‍රස්තවාදීන් ගෙනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 86 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 324 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 214 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 198 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 430 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 524 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site