ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා (61) අද (30) අභාවප්‍රාප්ත විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන සමරසේන මහතා ලංකාදීප පුවත්පත විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත් කිරීම අරඹද්දී එයට සම්බන්ධව සිටි අයෙකි.
ඔහුගේ බිරිය මීට පෙර මියගොස් සිටි අතර සමරසේන මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.
ඔහු මාතර තලල්ලේ දී උපත ලබා ඇත.
ශ්රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයකු ලෙස සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ සමරසේන මහතා 'ලේකම්තුමා' යන සුරතල් නාමයෙන් සගයන් අතර ජනප්‍රිය විය.
ඒ මහතාගේ දේහය කෝට්ටේ මාදිවෙල ඔබහේන පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත.
අවමංගල කටයුතු ඉරිදා (3) පස්වරුවේ මාදිවෙල දී සිදුකිරීමට නියමිතය.
(දුෂ්‍යන්ත මහතා සිය සඟයන් සමඟ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
හිතවත් දුෂ්‍යන්ත, ඔබ කළණ මිතුරෙකි. වියෝවීම අපමණ දුකකි. (ර)
ඔබ මම ලංකාදීපයේ සිටියදීත් ඉන් සමුගත් පසුත් බොහෝ සෙයින් උදව් කල සහෝදරයෙක්. ඔබට නිවන්සුව අයියේ. (ර)
හරිම දුක්මුසු ආරංචියක්... දුෂ්‍යන්ත, මහවැලි කඩිනම් සංවර්ධන යුගයේ අප සමග අමිල මෙහෙයක් ඉටුකළා. (ර)
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබේ මෙහෙය අතිවිශාලයි ඔබේ නිහතමානිකම අගයනවා ඔබේ නම අපි අතර සැමදා වැජබෙනවා (ම)
ඔබට නිවන් සුව ලැබේවා (ම)
කණගාටු දායක පුවතක් ..දයාබර මිතුර ,,, ඔබට නිවන් සුව.. (ම)
ආදරණීය මාධ්‍ය මිතුරු ඹබට නිවන් සුවය අත්වේවා..(ම)
ඉතිහාසයේ එක්තරා අප්‍රකට පරිච්ඡේදයක නිහඬ සාක්ෂිකරුවෙක්. විශ්වසනීය කලණ මිතුරෙක්. මහ පොළොවේ දූවිලි දහදිය සමඟ ජීවත් වූ මාධ්‍යවේදීයෙක්. ඔබට සදාකල් සැනසීම ලැබේවා.(හේ)
දුෂ්ෂන්ත අයියා මම ‘ලංකාදීපයට' ආපු දවසේ සිට ඇසුරු කළ හොද පුද්ගලයෙක්.ඔහු ළග ලෝකුකම් තිබුණේ නෑ. ඔහු අපිටත් හැම වේලාවම කථා කළේ මල්ලි කියලා. අපිට ඇති කණගාටුව ඔබට තවත් වසර 20 ක් පමණ අපිත් සමඟ ඉන්න හැකියාව තිබියදී අකල් මරණයකට පත්වීමයි. ඔබගේ සමීපතයන් ආදරයට ලේකම්තුමා කිව්වත් අපිට ඔබට එහෙම කියන්න හිත දුන්නේ නෑ. අපි හැම විටම දුෂ්ෂන්ත අයියා කියලයි ඇමතුවේ. ඔහු සමාජයට සේවයක් කරන්න වෙහෙසුණා මිස තමන් වෙනුවෙන්වත් වෙහෙසුණේ නෑ. ඔහු ඔහු ගැන බැලුවා නම් තවත් කාලයක් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. ඔබට නිවන් සුව ලැබේවා (ම)
ආදරණිය මාධ්‍ය මිතුර කුණු කය දිරයි නාමය නොදිරයි ,ඔබට නිවන්සුව පතමි (ම)
නිවන් සුව සුමිතුරාණනි, හිතවතාණනි, වැඩි හිටි උපදේශකයාණෙනි. (ර)
නිවන් සුව ලැබේවා.....!!!(ම)
ලංකාදීපයෙන් මාධ්‍ය ගමන ඇරැඹූ මටත් අතදුන් හොඳ මිනිසෙක්. ඔබට නිවන් සුව.......(බ)