IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්නාරම් සමූහ මිනීවළ ගැන අවසන් සාකච්ඡාව හෙට

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියට සිදුකිරීම හෝ නතරකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) මන්නාරම් මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන බව සමූහ මිනීවළේ කැණීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියාසිටියි.
 
මන්නාරම් අධිකරණ ශාලාවේදී මෙම සාකච්ඡාව පැවත්වෙන අතර ඒ සඳහා මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කැනීම් කළ පිරිස ද අතුරුහන්වූවන්ගේ කාර්යාල නිලධාරීන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බවද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
එම සාකච්ඡාවේදී මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියටත් සිදු කරන්නේද නැතිනම් කැණීම් සම්පූර්ණයෙන් නතරකරන්නේද යන්න තීරණය කෙරෙන අතර එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.
 
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී 2018 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අධිකරණ නියෝගයකට අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු  2018 මැයි 28 වනදා ආරම්භ කෙරිණි. මේ දක්වා කරන ලද කැණීම්වලදී මළ සිරුරු 342 ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 330 ක් මන්නාරම් අධිකරණයේ විශේෂත කුටියක තැන්පත් කර තිබේ. එම සිරුරු අතර ළමුන්ගේ මළ සිරුරු කොටස් 30ක් වන බවද සඳහන් වේ. 

 



අදහස් (5)

මන්නාරම් සමූහ මිනීවළ ගැන අවසන් සාකච්ඡාව හෙට

Nishantha Thursday, 21 March 2019 08:25 AM

දැන් ඉතින් මානව හිමිකම් කොමිසමට තියෙන්නේ අදාළ රටවල් වලට නඩු දාලා ලංකාවට වන්දි අරන් දෙන එකයි .........

:       0       419

Sanath Kandy Thursday, 21 March 2019 11:25 AM

මාතලේ සමුහ මිනීවල ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි? කාගේ උවමනාවටද ඒක යට ගැහුවේ?

:       1       196

Ashoka Thursday, 21 March 2019 02:16 PM

මම නම් හිතන්නේ මේක නතර නොකළ යුතුයි. පුංචි ළමයින්ගේ ඇට සැකිලි තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ත්‍රස්තවාදී කොටි කළ දෙයක්ම තමයි. කවුරු කලත් වැරදියි. අහිංසක පුංචි දරුවන් මරා දැමීම සහගහන අපරාධයක්. සාධාරණ විනිශ්චයකින් අනතුරුව වරදකරුවන්ට නිසි දඬුවම් දිය යුතුයි.

:       0       23

TILAK Thursday, 21 March 2019 02:25 PM

මානව හිමිකම් කොමිසම දැන් මොකද කරන්නේ, තව වලක් හාරනවද?

:       0       34

Lusena Thursday, 21 March 2019 02:26 PM

සුරියකන්දට මොකද වුනේ

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 1 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 13 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 165 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 310 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 167 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 403 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site