කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ගෙස් යන තිදෙනාය.
කළු කුහර යනු ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සෘජු ප්‍රතිපලයක් බව ගණිතය උපයෝගී කර ගනිමින් ඔප්පු කිරීම සඳහා සිදුකළ සේවය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් පෙන්රොස්ට ත්‍යාගයෙන් භාගයක් වන ස්වීඩ්න් ක්‍රවුන් මිලියන 10ක් හිමිවිය.
ත්‍යාගයේ අනික් කොටස ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ගෙස්ට සහ බර්ක්ලිහි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රයින්හාඩ් ජෙන්සෙල් යන විද්‍යාඥයින් දෙදෙනා අතර බෙදී ගියේය. අපගේ මන්දාකිණියේ මධ්‍යයේ ඇති තාරකාවන්හි කක්ෂ පාලනය කරන්නේ අදෘශ්‍යමාන හා අතිශය බර වස්තුවක් මගින් බව ඔවුහු පෙන්වා දුන්හ.
ඇන්ඩ්‍රියා ගෙස්, භෞතික විද්‍යාව සම්බන්දව නොබෙල් ත්‍යාගය හිමිවුණු සිව්වන කාන්තාවයි.
රොයිටර් පුවත් ඇසුරිණි
085
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට
kamal Wednesday, 07 October 2020 01:46 AM
කළු කුහර කිව්වේ අපේ ආණ්ඩුවේ කන්තෝරුවලටද.?
banda Wednesday, 07 October 2020 07:26 AM
අපේ විමල්ගෙන් හරි, ගම්මන්පිලගෙන් හරි මේ ගැන ඇහුවා නම් හරියටම කියලා දේවි. නමුත් මේවා දන්නේ බටහිර අධිරාජ්‍යවාදී රටවලට විතරයි.