IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(මනෝප්‍රිය ගුණසේකර)

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය.

‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත් කර ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී මෙම ගොඩනැඟිල්ල කඩා දමා ඇති බව හෙළිවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව වරෙන්තු ලබාගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියම කරන ලද්දේ නාගරික කොමසාරිස් නුවර පක්‍ෂගේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරී ඉලාලු ඩීන් සුල්ෆිකාර්, සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සුරිය පටබැඳිගේ ලක්‍ෂමන් ප්‍රියන්ත නමැත්තන්ය.

‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 6 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත්කර ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද යන්න කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ද ලබාගැනීමට මේ සම්බන්ධයෙන් විමිර්ශන කරන නිලධාරීන්ට නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබිණී.

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සිදුකිරීම අපරාධ විමර්ශනයට අදාළව එකී විමර්ශන වල ස්වභාවය හා ප්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්  ආචාර්ය සෙනරත් දිසානායක මහතා, කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්  ආචාර්ය ආසිරි මහතා ඇතුළු නිලධාරීන් කැඳවා නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී සාකච්ඡාවක් කළ අතර එහිදී අනාවරණය වු කරුණු අනුව එම විමර්ශන පැවැත්විය යුතු ආකාරය හා විමර්ශන කළ යුතු කාරණා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පිටු 5 කින් යුත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබිණි.

‘බුවනෙක හෝටලය’ නමින් දැක්වෙන ගොඩනැගිල්ල කරුණෑගල රාජධානියේ රාජසභාව පැවැති ස්ථානය ලෙස හඳුන්වන බැවින් එය පුරාවස්තු ආඥා පනතට අනුව ස්මාරකයක් ලෙස සැළකිය යුතු බව මෙන්ම මෙම පැරණි ගොඩනැඟිලි මුල් ස්වරූපයෙන්ම සංරක්‍ෂණය කර ආරක්‍ෂා කිරීම සුදුසු බවද 2020 මැයි මාසයේදී පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නගරාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවද පැවසු නිශාරා ජයරත්න මෙනවිය මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම වයඔ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ කමිටුව දැනුවත් කර ඇති බවටත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලේඛන වලින් තහවුරු වන බවද පැවසුවාය.

එම ගොඩනැඟිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති අවස්ථාවක එම ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මීට පෙර අවස්ථාවකදී උපදෙස් දී තිබු අතර කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාගැනීමටත්, අපරාධ ස්ථානය අවට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්‍ෂා කර බලා ඒවායින් සිද්ධියට අදාළ දර්ශන ලබාගැනීමටත්, ගොඩනැඟිල්ල කඩා දැමීමට තීරණය කිරීමේදී අනුගමනය කළ යුතුව තිබු ක්‍රියාපටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක කර ඇද්දැයි විමසීමක් කරන ලෙසද විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව පිටස්තර පුද්ගලයින්ට මෙම ස්ථානයට අතුල්වීම තහනම් කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් ද නිකුත් කරන ලදී.



අදහස් (6)

බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Indhika Thursday, 06 August 2020 09:35 AM

ඩෝසර් එකේ ඩ්‍රයිවර්ව අත්අඩංගුවට ගනී. ඔඩර් දුන්නු ලොක්කෝ ටික දිහා රවලාවත් බලන එකක් නැහැ.

:       206       569

rama Thursday, 06 August 2020 10:17 AM

ඩ්‍රයිවර් නෙවේ ඩෝසරයා අත්අඩංගුවට ගන්න ඕනෑ. ඩෝසරයා තමයි මේක කඩලා තියෙන්නේ.

:       0       0

Nuwan Thursday, 06 August 2020 10:49 AM

පොඩ්ඩක් ඇතුලේ ඉන්න වෙයි 2/3 ගන්නකන්. තරහ නැහැ නේද?

:       0       0

Kuma Thursday, 06 August 2020 11:01 AM

දවස් කීයක් විතර හොයන්න බලාපොරොත්තු වෙනවද? අදාළ කාලය ගතවුණාම අත්අඩංගුවට ගන්නවද? නැත්නම් බාර වෙන්න එන්න කියනවාද? අපිට දැන් මෙවා කට පාඩම්...

:       0       0

අපේ විරුවා Thursday, 06 August 2020 06:10 PM

බුවනෙක කියන්නේ හෝටලේ අයිතිකාරයගේ පුතාටනේ.. අපි නම් දන්නේ නෑ.. සර් තමයි කිව්වේ..

:       0       0

Bamunuarachchi Friday, 07 August 2020 11:12 AM

ඡන්දය ඉවර වුණු ගමන්ම වරෙන්තුව ආවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 111 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 346 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 225 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 200 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 438 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 535 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site