IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තු ගැටුම ගැන හොයන පොලිස් ලොක්කාත් මැතිසබයට කැඳවයි

සුජිත් හේවාජූලිගේ
 
මැතිසබයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳව විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ද අනිද්දා(12) පාර්ලිමේන්තුවට කැඳවීමට මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇත.

 
පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමසීම සඳහා ඒ පොලිස් ප්‍රධානියා මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත්කෙරුණු කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 
පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට මෙම කමිටුව පත්කරුණු ලැබුවේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජ යන මන්ත්‍රීවරුන්ය.
 
මෙම කමිටුව අනිද්දා(12) පෙරවරුවේ ප්‍රථම වතාවට රැස්වීමට නියමිතය.
 
කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට පොලිස් ප්‍රධානියාට දැනටමත් දැනුම් දී ඇතැයි ද නියෝජ්‍ය කතානායකවරයා කීය.
 
පාර්ලිමේන්තුවේදී මේ ගැටුම්කාරී සිද්ධීන් ඇතිවුණේ ඉකුත් නොවැම්බර් මස 14, 15 හා 16 දිනවලදීය.
 
මෙම ගැටුම්වලදී පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වූ පාඩුව රුපියල් දෙලක්ෂ හැට දහසක් වශයෙන් ගණන් බලා ඇත.



අදහස් (4)

පාර්ලිමේන්තු ගැටුම ගැන හොයන පොලිස් ලොක්කාත් මැතිසබයට කැඳවයි

රවින් Monday, 10 December 2018 02:42 PM

අපොයි ඔය මුදල එක වාඩියේ සල්ලිනේ. පටගාලා ගෙවලා දායි.

:       0       0

Raveendra Monday, 10 December 2018 02:49 PM

අනේ මේ 225 ක් ගවයන්ට සහ එම රැලේ දෙමව්පියන්ද කැදවා තදින් අවවාද කර කැලේට නිදහස් කරමු නේද...?

:       0       0

ගල්කටස් Tuesday, 11 December 2018 02:46 AM

ඕක සි.අයි.ඩි. එකට හරි ත්‍රස්තවිමර්ශන එකකයට හරි බාර දෙන්න ඕනා ...............

:       0       0

jani Tuesday, 11 December 2018 03:26 AM

මොනවද මේ බොරුවැඩ, වීඩියෝ ටිකේ ඔක්කොම තොරොතුරු තියෙනවනේ , ඉක්මනට හොරුටිකට දඩුවම් දෙන්න

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 81 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 145 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 382 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 553 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 228 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 476 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site