IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවක වදය නිසා වව්නියා මණ්ඩපයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමයි

(රොමේෂ් මධුෂංඛ)


යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ දෙවන වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ  සිසුන් විසින් නවක සිසුන්ට බරපතල අයුරින් නවක වදය ලබා දීම හේතුවෙන් දෙවැනි වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට වව්නියාව මණ්ඩපයේ පරිපාලනය විසින් පියවර ගෙන ඇත.


ව්‍යවහාරික විද්‍යා අංශයේ දෙවන වසර සිසුන් පිරිසක් විසින් පසුගිය 22 වනදා නවක සිසුන් 25 දෙනෙකුගේ හිස මුඩු කොට ඔවුනට බරපතල අයුරින් නවක වදය ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව මණ්ඩපයේ පරිපාලනය සිදු කළ පරික්ෂණයකින් අනතුරුව අදාල සිසුන්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමටත් එතෙක් විද්‍යා අංශයේ දෙවන වසර වසා දැමීමට පියවර ගෙන තිබේ.


එමෙන්ම දෙවන වසරේ සිසුන්ගේ නේවාසිකාගාරද වසා දැමීමට පියවර ගෙන ඇති අතරම නවක වදය ලබා දුන් සිසුන් සියුලු දෙනාගේ පංති තහනම් කොට ඔවුන්ට එරෙහිව විධිමත් විනය පරික්ෂණයක් සිදු කිරීමටද වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇත.
 

 



අදහස් (5)

නවක වදය නිසා වව්නියා මණ්ඩපයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමයි

tommy Sunday, 24 June 2018 08:01 AM

මේ පිළිලය නැති කිරීමට නම් නවක වදය දෙන සිසුන්ගේ පන්ති සදාකාලිකව තහනම් කල යුතුයි.

:       3       106

Sanath Sunday, 24 June 2018 09:39 AM

මටත් විශ්වවිද්‍යාලයේදී නවක වදය විඳින්න සිදුවුණා නමුත් ඒකාලේ නීතියක් තිබුණ වදය දෙනකොට කිසිම හේතුවකටවත් නවකයාගේ ඇඟට අත තියන්න එපා කියල. නවක වදය දෙන්නේ වාචික විධානයකින් විතරයි. ඒ විධානයට අනුව වදය විඳින එක නවකයා කරන්න ඕන. හැබැයි විධානය පිළිපැද්දේ නැත්නම් වදය දික්ගහෙනවා. නවක වදය අමානුෂික එකක් බවට පත්වුණේ 1987-89 ජේ වී පී කලබල වලින් පස්සේ කැම්පස් පටන් ගත්තමයි. වසරින් වසර නවක වාදයේ අමානුෂික බව වැඩිවෙලා දැන් නවකකන්ට කෝටු පොලු වලින් ගහල බය කරලා ශාරීරික වද හිංසා දෙන මට්ටමකට දරුණුවෙලා තියෙනවා.

:       0       0

Raveendra Sunday, 24 June 2018 10:26 AM

ටොමී මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදියි. රටේ සාරය ලෙස හැඳින්වෙන මෙම දරුවන් අපට පෙනෙන්නේ "රොඩු" ලෙසයි. එසේ අප පවසන්නේ කොහෙවත් යන අර සමාජයේ "වාදය" මේ සමාජයේ " වාදය " ගැන කතාකරන දවසින්, දවස සෝදාපාළුවට ලක්වෙමින් පවතින පක්ෂයක අතකොලු මෙන්ම රූකඩ වී ඇති බැවිනි. මෙම අපේ අනාගත පරම්පරාව එක එක පක්ෂවල ඇම්බැට්ටයන් වීමෙන් මොවුන්ව රටේ සාරය ලෙස හඳුන්වනවාට වඩා රටේ ඉන්න රොඩු ලෙස හැඳින්වීම ඉතාම උචිත මෙන්ම සාධාරණද වන්නේය. මොවුන් අනිකුත් ළමුන්ගේද කාලය කාදමන මේ නූගත් දරුවන්ව සදාකාලික පන්ති තහනමට ලක් කළයුතුමය. මොවුන් දියවන්නා ඔයේ 225සේම ඔබේ, අපේ බදුමුදල් විනාශ කරන පිරිසකි. එය තමා හොඳම සහ නිසි යතාර්ථවාදී අර්ථය...

:       2       51

Ronny Dias Sunday, 24 June 2018 11:03 AM

නිදහස් අධ්‍යාපනයේ අතුරු ඵලයක් ලෙස මෙය දැක්විය හැක. තමන්ගේ බලයට දුබලයාට රඟ දැක්වීමක් දුරදිග ගොස් ඇත. නවක වදයේ සිදුවිය යුත්තේ සිසුන් අතර ඇති පන්ති, කුල, බල මාන්නයක් එක සමාන මට්ටමකට ගෙන ඒම වේ. එවිට සියලු සිසුන් අතර සමානාත්මතාවය, සහයෝගිත්වය, පරෝපකාරය රෝපණය කිරීම පහසුවේ. නවක වදය තුළ නීති රීති මෙන්ම, සියලු ක්‍රියාකාරකම් විශ්වවිද්‍යාල පාලකයන්ගේ අධීක්ෂණයට ලක්ව, නිසි මානුෂිය පදනමක් තුල සිට කල හැකිනම් , සිසුන්ට කායික හෝ මානසික වද සිංසා දෙන මෙවැනි ගෝත්‍රික ක්‍රියාකාරකම් වැළක්විය හැක. එසේම එම නීති රීති වලට පිටින් ක්‍රියාත්මක වන සිසුන්හට විශ්වවිද්‍යාල තහනම් කල යුතුය අතර ඔවුන්ට නැවත අධ්‍යාපනය ලැබීමට නම්, වසරක හෝ වසර දෙකක ස්වේච්ඡා සමාජ සේවයක නියැලීම අනිවාර්ය කල යුතුය. මෙම ස්වේච්ඡා සමාජ සේවා ලෙස ඔවුන්ගේ සහය නගර පිරිසිදු කිරීම්, මහාමාර්ග තැනීම් හෝ නඩත්තු කිරීම්, කෘෂිකාර්මික හෝ ගොවිපල සහකරුවන් වැනි රැකියාවලට (වැටුප් රහිතව) යොදාගත හැක. එවිට ඔවුන් සමාජය මෙහවර පිළිබද ප්‍රයෝගික පුහුණුවක් ලබනවා සේම ඔවුන්ගේ කාලය රටේ දියුණුව සඳහා යෙදවේ.

:       5       18

senakaSunday, 24 June 2018 01:09 PM

කිසියම්වූ "වදයක්", මානුෂිය පදනමක් මත කරන්නේ කෙලෙසද? මෙවැනි පුහු තර්ක සහ අදහස් නිසා තමයි මේ සිද්ධිය අද විශ්වවිද්‍යාල තුල ඔඩු දුවා ඇත්තේ. මෙවැනි හැසිරීම් සමාජයෙන් තුරන් කල හැක්කේ දැඩි දඬුවම් තුලින් පමණයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 42 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 113 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 138 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 342 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 377 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 683 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site