IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණු කොරියාවේ හිටපු ජනපතිට සිර දඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක් මහතාට වසර 17 ක සිර දඬුවමක් එරට අභියාචනාධිකරණය  අද(19)  නියම කළේය.

අල්ලස් හා මුදල් වංචා කිරීම ඇතුළු දූෂණ ක‍්‍රියාවලට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම පැනවීය.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ගෙවීමට ද ඔහුට නියම විය.

2018 වසරේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් සමඟ වසර 15 ක සිර දඬුවම් මොහුට නියම වූ නමුත් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇප ලබා සිටියේය.

2008 වසරේ සිට 2013 වසර දක්වා‍ කාලය තුළ ලී ම්යුන්ග් බක් මහතා දකුණු කොරියාවේ ජනාධිපති ධූරය දැරුවේය.

(ඒ.එෆ්.පී. ඇසුරෙනි)

226



අදහස් (11)

දකුණු කොරියාවේ හිටපු ජනපතිට සිර දඬුවම්

Pradeep Wednesday, 19 February 2020 01:30 PM

ඔන්න පේනවා නේද.. ඇයි අපිටත් බැරි ඔය විදියට කරන්න. අපේ අය බලයේ ඉදලා පුළුවන් තරම් ගසා කාලා, නෑදෑ හිතමිතුරන්ටත් සංග්‍රහ කරලා තනතුරින් ඉවත්වන විට කෝටි ගණනක දෙපලත් අරගෙනයි යන්නේ. බලේට එනකොට නම් කියන්නේ මම හරිම සරලයි යන දවසට ඇදුම් ටික බෑග් එකක දාගෙන යන්න විතරයි තියෙන්නේ කියලා. එත් කරනකොට... අනිත් රටවල් දිනෙන් දින දියුණු වෙනකොට අපි දිනෙන් දින වලපල්ලට.. නමුත් පෞද්ගලිකව දේශපාලකයන්ගේ අර්ථිකයනම් දිනෙන් දින ඉහලට..

:       77       147

රමල් Wednesday, 19 February 2020 01:32 PM

අපි කවදද අපේ හිටපු එකා හිරේ අරින්නේ.. ව්‍යවස්තාව අමුඅමුවේ කැඩුවට, පාස්කු ප්‍රහාරය වලක්වන්න අවස්තාව තිබියදී කිසිවක් නොකිරීම,අධිකරණ මගින් වැරදි කරුවන් වී දඩුවම් දීපු අය හුරතල් කිරීම

:       0       143

menna Wednesday, 19 February 2020 02:58 PM

දකුණු කොරියාවේ ජනතාවට ලෝකේ දෙවැනියට හොඳම පාස්පෝට් එක තියෙනවා. එත් දේශපාලන පලිගැනීම් වැඩියි වගේ. දකුණු කොරියාවට සහ ජපානෙට ආර්ථිකමය ලෙස දියුණු වීමට ගොඩක්ම හේතු වුනේ ඇමරිකාවේ සහයෝගය. ලංකාවටත් ඇමරිකාව සමග එම්.සී.සී මගින් ආර්ථිකමය දියුණුවක් ලබා ගැනීමට පුළුවන් වෙයි කියල හිතෙනවා. නමුත් ජපනෙයි, දකුණු කොරියවෙයි දෙකේම ඇමරිකානු යුදහමුද බේස් තියෙනවා. කොහොමටත් හැමෝම තමන්ගේ ආරක්ෂාව මෙන්ම වාසිය ගැන සලකන බැවින් ආර්ථිකමය අතින් දියුණුවක් ලබා ගැනීමට ආරක්ෂාව අවශ්‍යමයි වගේ. කෙසේ වෙතත් ජපානේ ආර්ථික දියුණුවයි, දකුණු කොරියාවේ ආර්ථික දියුණුවයි සැසඳූ විට දකුණු කොරියාවේ දේශපාලන අස්ථාවරය (අසමගිය) වැඩියි කියල හිතෙනවා.

:       235       123

siriWednesday, 19 February 2020 04:34 PM

සමහරවිට බොහෝ දෙනකු නොදන්නා එහෙත් සුප්‍රකට කතාවක් තමා "ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඇමෙරිකානු නාවික හමුදා කඳවුරක් ඇති කිරීමට ගත් උත්සාහය සහ එවකට තිබු සෝවියට් සමුහ ආණ්ඩුව ඉන්දියාවේ උපකාරයෙන් එම උත්සාහය කඩා කප්පල් කිරීමට දෙමල ත්‍රස්තවාදි ව්‍යාපාරයක් නිර්මාණය කිරීම". පිලිපීනයේ මාකෝස් පරාජයකරමින් අකිනෝ බලයට පත්වූ මැතිවරණයේදී අකිනෝ පාර්ශ්වය පිලිපීනයේ සුබික් මුහුදු බොක්කෙහි තිබු දැවැන්ත ඇමෙරිකානු නාවික හමුදා කඳවුර ඉවත් කරන බවට වූ පොරොන්දුවත් මේ කතාවේ තවත් දිගුවක්. එවකට ඛනිජ තෙල් නිධි සොයන මුවාවෙන් හමුදා කඳවුරකට අවශ්‍ය ගොඩනැගිලි සහ තෙල් ටැංකි ඇමෙරිකාව විසින් ත්‍රිකුණාමලයේ ඉදිකරනු ලැබුවා. එම ගොඩනැගිලි අදටත් අපේ නාවික හමුදා භාවිතා කරනවා. මගේ හිතේ තෙල් ටැංකි නම් ජරාජීර්ණවෙලා.

:       0       0

Rohana Wednesday, 19 February 2020 03:17 PM

ලංකාවේ මෑතම හිටපු ජනපතිට සිර දඬුවම් දෙන්නේ කවදද ?

:       17       121

siri Wednesday, 19 February 2020 03:37 PM

ඒ රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ " කියන්න පටන්ගන්නනම් එපා ඔන්න

:       0       125

Buddika Wednesday, 19 February 2020 11:58 PM

ඒ කොරියාවේ. ඒ නිසා හොරකමට දඬුවම් ලැබුනා.

:       0       2

Perera Thursday, 20 February 2020 12:43 AM

කොරියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ,.... අපේ හිටපු ජනපතිලා හිරේ යන්නේ නෑ.

:       0       2

jonana Thursday, 20 February 2020 01:41 AM

ලංකාවේ නම් හිරේ හිටියත් එකයි පාර්ලිමේන්තුවේ හිටියත් එකයි

:       0       2

lalithm Thursday, 20 February 2020 02:46 AM

දකුණු කොරියානු ව්‍යවස්ථාව අපේ රටේ ස්ථාපිත කරමු. අපේ ඉන්න මහා ලොකු නීති සකසන්නන්ට ව්‍යවස්ථාවක් හදා ගන්න බැහැ කියලා ඔප්පු වෙලා ඉවරනේ.

:       0       2

dare Thursday, 20 February 2020 05:15 AM

@lalithm, නාගානන්ද ව්‍යවස්ථාවක් හදලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 8 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 246 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 190 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 186 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 410 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 488 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site