IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති

 (නිමල කොඩිතුවක්කු)
 
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) හමුවූහ.
 
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පෙරමුනේ ජනාධිපති  අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව  කොළඹ අරලියගහ මන්දිරයේදී  ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන්  සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු  අග‍්‍රාමාත්‍යවරයා හමු වූහ.
 
හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  සහ මහින්ද රාජපක්ෂ යන  මහත්ම මහත්මීන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා  ඉදිරිපත් කර තිබෙන වාර්ථාත් මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප‍්‍රකාශත්  පදනම් කරගනිමින් නව ව්‍යවස්තාව  සකසන බවට ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති  ප‍්‍රකාශයට ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව  අග‍්‍රාමාත්‍යවරයා සමග  පැවති හමුවේදී දෙමළ පක්ෂ නායකයන්ගේ අවධානය යොමුවිය.
 
දෙමළ ජාතික  සන්ධානයේ ප‍්‍රධානතම පාර්ශවය වන ඉලංගයි තමිල් අරසුකච්චි සහයෝගය  ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට ඊයේ තීරණය  කෙරිණි.
 
ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහායද සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි  දින දෙක තුළ නිල ප‍්‍රකාශයක් කරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවැසීය.



අදහස් (38)

ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති

Kalu Monday, 04 November 2019 08:38 AM

ඕක අලුත් දෙයක් නෙමෙයිනේ. මුළු රටම දන්නවා මෙයාලා හොරගල් ඇහුලුවේ සජිත්ට සහයෝගය දෙන්න තමයි කියලා. එල්.ටී.ටී එකයි දෙමළ සන්ධානෙයි අතර ලොකු වෙනසක් නැහැ. තාත්තා එයාලට ගෙඩියපිටින් උදව් කරපු නිසා එයාලා දන්නවා පුතා උඩින්ම එයාලගේ කොන්දේසි වලට කැමති කියලා.

:       2699       2669

RaveendraMonday, 04 November 2019 08:53 AM

තාත්තා රටේ ලොක්කා වී සිටින වකවානුවේ නිරායුධව කොටින්ට යටත්වීමෙන් පසු ඝාතනය වූ ඒ අහිංසක පොලිස් නිලධාරීන්ට නිවන් සුව අත්වේවා..!!! සජිත් මලයාට සහ සූත්තර පුංචාට ජයවේවා..!!!

:       1041       325

saaliMonday, 04 November 2019 01:56 PM

පොලිස් භටයන් ඝාතනය කළ දේශප්‍රේමීන්ට ජයවේවා ...!!!

:       115       137

tarzanMonday, 04 November 2019 08:57 AM

ඔය රට කඩන ගිවිසුම් අපි දැනට කීයක් දැකලා තියෙනවද නේද? 100ට වැඩි මිසක් අඩු නැත...

:       757       872

lalithmMonday, 04 November 2019 09:54 AM

ගෝඨා හැර අනිත් කාට සහාය දුන්නත් දේශද්‍රෝහී කියලා හිතන ඔබ ද්‍රවිඩ වී උපන්නා නම් මොකද වෙන්න තිබුනේ... හැම ජාතියක්ම ජීවත් වෙන්න ඕනේ.

:       1176       1221

SelvanMonday, 04 November 2019 11:19 AM

නමුත් මෙවර දෙමල ජනතාවගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ජාතිවාදී අදහස් වලින් මිදී ගෝඨා ට සහය දක්වනවා.

:       0       7

kamani Monday, 04 November 2019 08:41 AM

ඔය එන්නේ.....රට පාවාදෙන අගමැතිගේ වැඩ.

:       1383       1418

saaliMonday, 04 November 2019 01:59 PM

එල්ටීටීඊ, සිරකාරයන් නිදහස් කරන්න තව කට්ටියක් පොරොන්දු වුණාලු. ඔන්න දේශප්‍රේමියෝ...

:       62       106

Sumith Monday, 04 November 2019 08:47 AM

එජාප එකට තියෙන මනාප දෙක තුනත් අවසන් වෙනවා.

:       1356       1212

Sanka Monday, 04 November 2019 09:08 AM

සජිත්ට හොඳ වැඩපිළිවෙලක් තියෙන බව අනික් පොඩි පක්ෂ තේරුම් අරගෙන බව මේකෙන් හොඳට තේරෙනවා. අනික් අය මොන අවලාද නැගුවත් ජාතීන් අතර සමගිය ගොඩනගන එක තමයි පක්ෂයක ප්‍රධාන අරමුණ විය යුත්තේ...

:       815       2641

BANDARAMonday, 04 November 2019 09:49 AM

ජාතින් අතර සමගිය ඕනෑ නම් මොකටද අර ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරේ... මිනිස්සු මෝඩ නැහැ මේවා නොතේරෙන්න. මේකෙන් වෙන්නේ ඡන්දය දෙන්න හිතන් ඉන්න මධ්‍යස්ත මිනිස්සුන්ගේ ඡන්ද බුරුත පිටින් අහිමිවීමයි.

:       1331       627

AsankaMonday, 04 November 2019 09:49 AM

ජාතින් අතර සමගිය ගොඩනගන්නේ මෙයාලා ඉල්ලන ඉල්ලීම් දීලද..? එහෙනම් මොකටද අවුරුදු 30ක් යුද්ධ කරලා දහස් ගණන් මරාගෙන, සදාකල් අබ්බගාත කරගෙන යුද්ධ කරලා ඔය ඉල්ලීම් සේරම ඊළම කියන තනි වචනෙන් ඉල්ලපු ප්‍රභාකරන් මැරුවේ. ඔබ වැනි කුහකයින් මේ රටේ නිදහසේ ජීවත්වෙන්න සුදුසු නැහැ. කරුණාකරලා රටින් යන්න...

:       637       807

sharm warnMonday, 04 November 2019 09:58 AM

හොඳ වැඩ පිළිවෙලක් තියේ නම් මස් රාත්තලම ඉල්ලන සුළු ජාතීන්ගේ පස්සෙන් යයිද? සිංහල ජාතිය එක තැනකට ගේන්න හදන මිනිහෙක් කවදාවත් මේ වගේ කැනහිලුන්ගේ බලපෑම්වලට යටවෙන්නේ නැහැ. අනුමානයක් නැහැ... යෝජනා 13 ම උඩින්ම පිළිගෙන ඇති.. අනිත් එක ඔය ලස්සනට රට දෙකට බෙදලා ඇමරිකාවට දේශසීමාව බාර දීලා තියෙන්නේ... තව මොන කතාද..?

:       946       1050

ධනාMonday, 04 November 2019 01:41 PM

රට පාවාදීම ගැන හොඳ වැඩපිළිවෙළක් තියෙනවා වගේ...

:       166       231

ගල්කටස් Monday, 04 November 2019 09:12 AM

මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය පතුරන්නන් සියල්ල එක පෙළකට සිට සිංහල අපිට බැරිි අැයි එකට සිටගන්න... මෙවර සිංහල බෞද්ධයින්ගෙන් 70%ක් වත් එකට සිටගත්තා නම් ඔය රෑනම ඉවරයි.

:       618       849

kapMonday, 04 November 2019 10:48 AM

ඔබ හිතන්නේ මේ රටේ ජාතින් අතර ප්‍රශ්න විසදන්න ඒකද උත්තරය ? අපි සිංහල විතරක් ආණ්ඩුවක් පිහිටවලා ඊට පස්සේ මොනවද කරන්නේ මේ අයට? රටෙන් එළවනවද ? ඒ අයගේ ප්‍රශ්න අපි ගණන් ගන්නේ නැතුව ඉන්නවද? මේ රටේ යුද්ධයක් ඇති උනේ ඒ නිසා නේද? ඇයි අපි මේ ජාතින් ඔක්කොම එකට එක් කරලා එකම ජාතියක් වශෙයෙන් අපේ මේ රට ලෝකයේ උඩින්ම තියන්න පුළුවන් කෙනෙක් පත් කර ගන්නේ නැත්තේ ? ඒකට අපිට මේ මිනිස්සුන්ව අමතක කරලා බෑ. ඔබ පුළුල් විදිහට හිතුවොත් මම කියන දේ තේරෙයි . නැත්නම් මම දේද්‍රෝහියෙක් කියලා හංවඩු ගහයි.

:       607       1041

ගල්කටස්Monday, 04 November 2019 01:02 PM

තේරෙන්නැති අයත් එක්ක තර්ක වැඩක් නැත... 16 වෙනිදාට බලමු පුළුවන් නම් එන්න 14 ගුවන්තොටුපලට පාන්දර 3.40ට අපි එනවා.

:       206       68

athuraTuesday, 05 November 2019 04:56 AM

ගල්කටස් ලංකාවට ඇවිල්ලා ආයි යන්න එපා. මොකද ඡන්දෙන් පස්සේ ඔය අපේක්ෂකයා දින්නොත් රටම සුරපුරයක්නේ.

:       0       11

DevindaTuesday, 05 November 2019 09:45 AM

මහත්මයා, දෙමළ , මුස්ලිම් වූ පමණින් ඔවුන්ට ඇති වී තිබෙන විශේෂ ප්‍රශ්න මොනවද කියා කරුණාකර පහදදෙන්න. ප්‍රධාන ව්‍යාපාර , රජයේ ඉහළ තනතුරු , වෛද්‍ය , ඉංජිනේරු , නීති ... මේ හැම ක්ෂේත්‍රයකම ඔවුන්ට කිසිම බාධාවක් නෑ නේද ? ජාතික ගීයට , ජාතික කොඩියට ගරු කරන්න බැරිනම් එතන තිබෙන්නේ වෙන ප්‍රශ්නයක් නේද ?

:       12       31

kap Monday, 04 November 2019 09:47 AM

අයියෝ, මේ අය අනික් කෙනාට සපෝට් කරා නම්.., කෙලින්ම දේශප්‍රේමී ලේබල් එක ගහගන්න තිබ්බා.

:       78       457

WasudewaMonday, 04 November 2019 10:30 AM

සහතික ඇත්ත... මේ හොර දේශප්‍රේමීන් හිතාගෙන ඇති අද තියෙන දියුණු සමාජයක තවමත් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවා කියලා. අපිට හොඳට මතකයි.. ඔය වගේ බොරු දේශප්‍රේමී කතා 2015දී පට්ට ගහලා බිම අැනගෙන පැරදිලා ගෙදර ගිය හැටි...

:       48       401

YapaMonday, 04 November 2019 01:28 PM

දැන් බලයෙ ඉන්න අය කී පාරක් හොට ඇනගෙන ගෙදර ගිහින් තියෙනවද..? 2015 බලයට ආවෙත් යන්තම් මෛත්‍රීපාලට පින් සිද්ධ වෙන්න. නැත්නම් බලාගන්න තිබුණා. ඒ වතාවෙත් හොට ඇනගෙන ගෙදර යන හැටි.. කෝකටත් දැන් වැඩිය දඟලන්න එපා. තව දවස් 12කින් යන්න වෙන්නෙත් එහෙම තමයි. දැකලා නැත්නම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉක්මණට බලා ගන්න පුළුවන්...

:       422       70

athuraTuesday, 05 November 2019 04:57 AM

යාපා, ඉස්සෙල්ලා පාර අයියා හිතාගෙන හිටියෙත් ඔහොම තමයි.

:       0       39

GamunuTuesday, 05 November 2019 10:22 AM

බෙදුම්වාදී අදහස් අතහැර එකතුවීමත් එසේ නොවී ඩීල් දැමීමත් අතර වෙනස ඔබට නොවැටහේද ?

:       16       11

Dayan Monday, 04 November 2019 10:06 AM

ජාතීන් අතර සමගිය ඇතිකර එක ජාතියක් සේ සමගියෙන් සිටීමට කටයුතු කළ හැකි රජයක් ඇති කරන තුරු මේ රට වලපල්ලටම තමයි.

:       63       231

sisira Monday, 04 November 2019 10:33 AM

දෙමල ඡන්ද 10 වැටෙනකොට සිංහල ඡන්ද 100 නැතිවෙනවා කියලා මෙයාලා දන්නේ නැහැ. අනික අද ටීඑන්ඒ එකට උතුරේ ඡන්ද තියන්නේ 30%ක් විතරයි.

:       408       304

sirimal Monday, 04 November 2019 10:50 AM

ජනාධිපතිවරණ සටන ආරම්භයේ දී ගෝඨාභය සියයට හැටකද සජිත් සියයට හතලිහකද ඡන්ද ප්‍රතිශතයක සිටියහ.නමුත් තම ප්‍රථම මාධ්‍ය හමුවෙන්ම ගෝඨාභය විශාල අවාසියක් කරගත්තේය. ඇල්පිටියේදී ශ්‍රීලනිපය පොහොට්ටුවට ඡන්දය නොදීමෙනුත් රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අයට හූ කීමෙනුත් ගෝඨාභයට සිදුවුයේ අලාභයකි. සජිත් සාර්ථක ගෝල්ෆේස් රැළියෙන් විශාල වාසියක් හිමි කර ගත්තේය. 2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා අයට මේ ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධාන කලකිරීමක් වූයේ හොරුන්ට දඬුවම් නොදීමය. ඒ ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ එෆ්.සී.අයි.ඩී ලොක්කාවූ රවි වෛද්‍යලංකාර පොහොට්ටුවට එක්වී කළ ප්‍රකාශ වලින් හොරු ඇල්ලීමට බාධා කෙළේ කවුරුන්ද කියා ජනතාව තේරුම් ගත්හ. ඒවගේම මෝඩ ක්‍රියා නිසා මධ්‍යම පාන්තික ජනතාවට පොහොට්ටුව එපා විය. මෙවර ජවිපෙ වෙනම ඉදිරිපත්වීම නිසා සජිත්ට එක්තරා ඡන්ද ප්‍රමාණයක් අහිමිවෙයි. අද ශ්‍රීලනිප සංවිධායකවරුන්ගෙන් සියට 80 ක්ම ඉන්නේ චන්ද්‍රිකා-වෙල්ගම කණ්ඩායම සමඟය. 5 වෙනිදා රැස්වීමේදී ඔවුන්ගේ තරම පෙනී යනු ඇත. ඔවුන්ගේ සහාය ලැබුනොත් සම්ප්‍රදායික එජාප ඡන්ද සහ දෙමළ, මුස්ලිම් ඡන්ද සමඟ සජිත්ට සියයට 50 ගැනීම අසීරු වෙන්නේ නැත.

:       1055       1562

ChandiMonday, 04 November 2019 12:12 PM

තවමත් දවල් හීන බලනවා වගෙයි. අපි බලමු 17දා මොකද වෙන්නේ කියලා..

:       114       9

samaMonday, 04 November 2019 12:48 PM

ඔබ නිවැරදියි. මෙතන තප්පුලන සමහර අයට මෙය නොවැටහේ...

:       77       86

sisira Monday, 04 November 2019 12:58 PM

බයිලා ගායනය හරිම මිහිරියි... 17 වෙනිදා ගයන්න නම් වෙන්නේ ශෝක ගී තමයි.

:       119       31

sirimalMonday, 04 November 2019 01:58 PM

මා සඳහන් කළ අදහස් වැරදි නම් ඒවා "බයිලා" ලෙස හඳුන්වමින් හිස් ප්‍රලාප ලියා කාලය කන්නේ නැතුව තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරමින් එය නිවැරදි කිරීමට ඔබට පුළුවන්... නැත්නම් ඔබට නිසි තර්කයක් ඉදිරිපත් කිරීමට කරුණු නැති බවටයි තීරණය කරන්න වෙන්නේ...

:       9       158

SuranimalaTuesday, 05 November 2019 02:02 AM

සිරිමල්, ඔයාගේ පළමු සදහනේ කරුණු 100% ක් හරි. මොකද අද සමාජ මාද්‍ය ජාලවලින් මිනිස්සු 100% ක් මොකද්ද හරි මොකද්ද වැරදි කියල සක්සුදක් සේ දන්නවා. 2015 දීත් සමාජ මාද්‍ය ජාලවලින් බුද්ධිමත් ඡන්ද වලින් තමයි පරණ රෙජීමය පැරදුනේ. අනික මේ ඡන්දය ඉතාම සාමකාමී සහ ඉස්සර වගේ හයරියන් පවුලේ පෝස්ටර් රට වටේ තහනම්. මේවා හරි ධණාත්මකයි තරුණ ඡන්ද වලට. ඉතින් තර්කානුකූලව බැලුවම සජිත්ට සුළු ජාතීන්ගේ ඡන්ද එක්ක සියයට 50 ක් ගැනීම අසීරු වෙන්නේ නැත.

:       0       2

ThilinaMonday, 04 November 2019 02:40 PM

මහත්තයෝ මෙන්න ගණන් හිලව් එක්කම තර්කය. එදා 2015 ලොකු රැල්ලක් එක්ක සිරිසේන ඇවිත් ඡන්ද ලක්ෂ 62ක් ගත්තා. එතකොට මහින්ද ගත්තේ ලක්ෂ 58යි. සිරිසේනගේ ලක්ෂ 62 ඇතුළේ ජේවීපී ඡන්ද ලක්ෂ 6ක් තිබ්බා. සිරිසේන වෙනුවෙන් තව ලක්ෂ 6ක් වගේ ආවා. එතකොට අද පටන් ගන්නේ සජිත් ලක්ෂ 50යි. ගෝඨාභය ලක්ෂ 58. මොකද පහුගිය අවුරුදු 4 ඇතුළත මහින්දගේ ඡන්ද පදනම ඒ විදිහටම තියෙනවා. මධ්‍යස්ථ ඡන්ද සහ තරුණ ජන්ද 50% ගානේ බෙදුවත් පුලුවන්න ම් කියන්න සජිත් දිනන් හැටි... අමතක කරන්න එපා අද මිනිස්සු ඉන්නේ මේ ආණ්ඩුව එපාම වෙලා කියලා..පාස්කු ප්‍රහාරය, මිලේනියම් ගිවිසුම් වගේ දේවල් නිසා තව ඡන්ද අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඕනේනම් ශ්‍රී ලංකා එකේ ඡන්දත් 50% ගානේ බෙදලා ගන්න.

:       87       33

athuraTuesday, 05 November 2019 05:02 AM

තිලිණ, ඔයා කොහොම කිව්වත් මහින්දගෙ ඡන්ද ගොඩෙන් ඡන්ද කිහිපයක් හෝ අඩුවිය යුතුයි.

:       137       35

Ruwan Monday, 04 November 2019 11:31 AM

17 වෙනිදාට එජාප එක විරුද්ධ පක්ෂයේ වැඩිකිරීම ජනතා පරමාධිපත්‍යයෙන් සිදුවෙනවා.

:       2       0

max Monday, 04 November 2019 11:32 AM

මේක අලුත් දෙයක් නෙවෙයි. මෙයාලා කොහොමත් අවසන් වන්නේ සජිත් පුතාණෝ ළඟ... දුෂ්ඨ ඉල්ලීම් 13 දෙස නොබලාම ඒවා පිරිකෙව් කළ ගෝඨාභය මහතාට අපගේ ප්‍රණාමය...

:       36       10

sirimalMonday, 04 November 2019 03:53 PM

ගෝඨාභය මහතාට සම්පුර්ණ ප්‍රචාරයක් ලබාදෙන මාධ්‍ය මඟින් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දෙමල පක්ෂ සමඟ ගිවිසුම් අත්සක් කර ඇති බවට විශාල ප්‍රචාරයක් ගෙන යන බවයි පෙනෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාත් එම කණ්ඩායමේ අනෙකුත් අයත් මෙවැනි ප්‍රකාශක දේශපාලන වේදිකාවේදී කරනවා දුටුවා. නමුත් අද සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන් සහ සුමන්දිරන් යන අය එවැනි කිසිම ගිවිසුමකට ප්‍රේමදාස මහතා හෝ අගමැති වරයා හෝ අත්සන් කලේ නැති බව කියනවා අපි එක මාධ්‍යයකින් පෙන්වනවා දුටුවා. අනිත් මාධ්‍ය එම ප්‍රකාශ පෙන්වන්නේ නැති නිසා වෙන්නට ඇති මේවගේ බොරු ප්‍රචාරයක් සිංහල ජනතාව අතර පැතිර යන්නේ. කෙසේ උවත් ලංකාවේ ඡන්ද දායකයින් බහුතරයක් මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටෙන්න තරම් නුගතුන් කියා සිතන්නට අමාරුයි.

:       0       0

denin Monday, 04 November 2019 02:04 PM

අමතක නැද්ද 2015 මැතිවරණයේදීත් කිව්වා රනිල් මෛත්‍රී දෙන්න එකතුවෙලා රට කෑලිවලට කඩයි කියා. ඒ පළමු වතාව නොවෙයි රට බෙදනවා කෑලිවලට කඩනවා කියන... ඔය කතාව 1960 සිට කියනවා. නමුත් කව්රුවත් කඩන්නේ නැහැ. අපේ සිංහල බෞද්ධයන් හරිම තණ්හාධිකයි. රටවත්, බලයවත් වෙන කාටවත් දෙන්න කැමති නැහැ. කව්රු බලයට ආවත් රට කඩනවා, බෙදනවා කියන ඒවා බොරුකතා. ඕක දැන් යල්පැන්න කතාවක්. අපේ සමසමාජ පක්ෂයේ මෙදා පොටේ දෙනවා බැටේ කියනවා වගේ...

:       96       117

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 33 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 274 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 199 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 191 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 415 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 498 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site