බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ විවෘත කෙරිණි.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ඊයේ සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරනු ලැබූ සියලුම දුම්රිය සේවා පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය කිරීමට නියමිතය.
‘‘වෙච්ච දේට වඩා කරගත්ත දේ මදැයි’’ යනුවෙන් කියමනක් අපේ ජන වහරේ එයි. එයින් කියැවෙන්නේ අහඹු සිදුවීමකට සොයන ලද විසඳුමක් අහඹු සිදුවීමෙන් වූ විනාශයට වඩා වැඩි විනාශයක් අත්පත් කරගත් බවකි. අහඹු සිදුවීමෙන් පසුව එය මනා සංයමයකින් යුතුව වග විභාග කර නිවැරැදිම විසඳුම තෝරා එය ක්‍රියාත්මක කිරීමෙන් අහඹු සිදුවීමේ විනාශය අවම කරගත හැකිවනු ඇත.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තිබෙන්නේ ඉතා අනතුරුදායක තැනකය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් අටදහසකට අාසන්නය. කොරෝනා මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිවරිය ද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ කොරෝනා අනතුර දිනෙන් දින තියුණු වෙමින් තිබෙන බවය.
කරුණු කාරණා එපරිදි වුවද මෙම තත්ත්වය හමුවේ ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් එය කොරෝනා වයිරසයටත් වඩා භයානක තත්ත්වයක් නිර්මාණය කිරීම ඒකාන්තය. රට එක අතකින් චිකාගෝවක් බවට පත්වීමත් අනෙක් අතින් විශාලා මහනුවරක් වීමත් වැළැක්විය නොහැක. එහෙයින් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙමින් කොරෝනා මාරාන්තික වයිරසයට මුහුණ දීමය. එය එතරම් අසීරු හා දුෂ්කර අභියෝගයක් ද නොවේ. බුද්ධිය අවශ්‍ය වන්නේ එයටය. රටක අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් වියදම් ලෙස නොසැලකේ. එය සැලකෙන්නේ ආයෝජනයක් ලෙසය. අධ්‍යාපනයේ වටිනාකම ගණන් බලා තිබෙන්නේ එසේය. එහෙයින් කවර දුෂ්කර තත්ත්වයක් තුළ වුවද අතිශයින්ම හිතුවක්කාර කොන්දේසිවලට යටත් වෙමින් වුවද රටේ අධ්‍යාපන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එසේ නොවුණහොත් එහි ආදීනව අනාගත පරම්පරා කීයකට බලපානු ඇද්දැයි ගණනය කළ නොහැකි තරම්ය.
මේ වනවිට බස්නාහිර පළාතෙත් රටේ හුදකලා කෙරුණු ගම්මානවල පිහිටි පාසල් හැර සෙසු පළාත්වල පාසල් විවෘතව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල පාසල් පෙබරවාරි 15 වැනිදා වනවිට විවෘත කළ හැකි බවය. අප රටක් වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ යුතු වන්නේ එසේය.
නිවෙසේ දී තම දරුවා නිසි පරිදි රැකබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමය. පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවන දරුවා නිසි පරිදි රැකබලා ගැනීම ගුරුවරයාගේ වගකීමය. ගුරුවරයා එය මෙතෙක් ඉටු නොකරණ ලද වගකීමක් ද නොවේ. එහෙත් මෙවර එහි වෙනසක් තිබේ. ඒ මාරාන්තික වයිරසයක් ඉදිරිපිට දරුවා රැක බලා ගැනීමය. දරුවාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දී අනතුරෙහි බරපතළකම නිවැරැදිව වටහා දී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට දරුවා යොමු කිරීමේ හැකියාව ගුරුවරයා සතුව වේ. අවශ්‍යවන්නේ එම හැකියාව උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමය. එය එසේ වුවහොත් ‘‘රණ විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘සුව විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘ගුරු විරුවා ද’’ බිහිවනු ඇත.
සියවසකින් පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන්නේ අපගේ හැකියාවය. අපගේ ධාරිතාවය. දුෂ්කර මොහොතක දී අප ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්නය. එහෙයින් එළැඹ ඇත්තේ අතපය හකුලාගෙන උකටලීව පසුවන මොහොත නොව අභියෝගයට අභියෝග කිරීමේ මොහොතය. මෙහිදී අප සාර්ථක වන්නේ නම් මුළු ජීවිත කාලය පුරාවටම අපට වඩාත් ජයග්‍රාහී ලෙස ජීවත් වීමේ හැකියාව අත්වීම නියතය. නිසැකය. ඒකාන්තය.
(***)
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම