( නවරත්න සමරතුංග)
කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිතව ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් බවට පත්කර එයට මහජන සුභ සිද්ධිය උදෙසා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම ඇතුලු අනෙකුත් පරිපාලන කටයුතු සඳහා බලතල ලබා දෙන ලෙස බල කරමින් පසුගියදා ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට ද ක්‍රියාත්මක වේ.
කල්මුණ ශ‍්‍රී සුබද්‍රාරාමයේ විහාරාධිකාරී හිමියන් පසුගිය 16 වැනිදා මෙම උපවාසය ඇරැඹූ අතර අද (18) සවස 4-.00 පමණ වන විට දැඩිලෙස වෙහෙසට පත්ව සිටිනු දැක්නට ලැබිණි.
කල්මුණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තනාගෙන ඇති අට්ටාලයක මෙය පැවැත්වෙන අතර එයට සහය දැක්වීට බොහෝ පිරිස් එම ස්ථානය පැමිණ සිටියහ.
මෙම මාරන්තික උපවාසයට අවතීර්ණව සිටින රන්මුතුගල සංඝරතන හිමියන් පැවසුවේ කල්මුණ දමිළ ජනයා වෙසෙන උතුරු ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය බලතල සහිතව උසස් තත්වයකට පත්කළ යුතු බවය.
දැනට වසර 35ක් මේ ගැන අදාල අංශ වෙතින් ඉල්ලීම් කලත් එය ඉටු නොවුණ බැවින් මෙම තීරණය ගත් බවද උන්වහන්සේ පැවසූහ.
සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්.ලෝගනාදන් මහතා පැවසුවේ
මෙම කාර්යාලය 1989 වසරේ ආරම්භ කරනලද බවය. 1993-07-28 අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙය මහ ලේකම් කාර්යාලයක් ලෙස බලතල නොමැතිව පවත්වාගෙන යාමෙන් ජනතාවගේ සංවර්ධන කටයුතු වලට මූල්‍ය ප‍්‍රතිපාදන පවා නොලැබෙන බවත් මෙම කොට්ඨාශයට ග‍්‍රාම නිලධාරී වසම් 32ක් එවකට තිබුණ බවද ඔහු පැවසීය.
එයින් දෙකක් දේශපාලඥයින් විසින් මුස්ලිම් වරුන් වෙසෙන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට පවරා ගෙන ඇති අතර දිගින් දිගටම කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසා එයට විසඳුම් අපේක්ෂාවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
මේ සම්බන්ධව රජය දැනුම්වත් කිරීම සඳහා අද 18 සවස මාධ්‍ය හමුවක් ලේකම් ගොඩනැගිල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව එස්.ලෝගනාදන් මහතා කීය.
රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක
රුසියන් - යුක්ක්‍රෙන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර
පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කල්මුණේ උපවාසය දිගටම
රවින් Tuesday, 18 June 2019 02:06 PM
තැඹිලි ගෙඩියක් අරන් යන්න කවුද ඉදිරිපත්වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. සම්පුර්ණ පළාත් ක්‍රමයම අහෝසි කලොත් රටට වැඩ දායක වේ
Chanak los angeles Tuesday, 18 June 2019 07:51 PM
සියලු ප්‍රශ්න උපවාස ක්‍රමයෙන් විසඳෙන්න යන හැඩයි. මාරාන්තික උපවාසයක් යනු පරපණ නසා ගැනීමේ පරමාර්ථයක් මෙය නීතියට සම්පුර්ණ විරුද්ධ ක්‍රියාවක් ඒක නිසයි දිවිනසාගන්න ගිහින් බේරෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ .
shan Wednesday, 19 June 2019 04:35 AM
හාමුදුරුවෝ අපවත් උනත් රටේ කිසිම ප්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභාවකට අනවශ්‍ය බලතල දෙන්න රජයක කිසිම අයිතියක් නැහැ ජනමත විචාරණයක් නොමැතිව.