IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


කතරගම දේවාලයෙ ඉබි යතුරු දමති

 

ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා

රුහුණු කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස්දෙනකුගෙන් පමණ පිරිසක් එහි දොරගුළු දමා ඒවායේ යතුරු රැගෙනපලායාම හේතුවෙන් අද (22) අලුයම 4.30 සිට පවත්වන්නට සැලසුම් කර තිබූ පූජා කටයුතු සිදු කිරීමට නොහැකිව බැතිමතුන් 500ක් පමණ පිරිසක් අපහසුතායට පත්ව සිටිති.

අද අලුයම 4.20ට පමණ දේවාලයට කඩා වාදුණු සිදු කමීස සහ කළුකලිසම් හැඳගත් පිරිසක් මෙසේ දේවාලයේ දොරගුළු දමා ඉබි යතුරු පැහැරගෙන ගොස් තිබේ. තේවාව සිදු කරන කපු මහතුන් අතර ඇති වූ ආරවුලක් මීට හේතු වී ඇති බව බැතිමත්හු පවසති.



අදහස් (19)

කතරගම දේවාලයෙ ඉබි යතුරු දමති

ලූකස් Tuesday, 22 August 2017 02:17 AM

තමුන්ගේ දේවාලේ වත් පරිස්සං කර ගන්න බැරි දෙයියෙක්ගෙන්ද පිහිට බලාපොරොත්තුව යන්නේ? මෙහෙමත් මිත්‍යා දෘෂ්ටියන් රැලක්.

:       577       1163

sanjeevaTuesday, 22 August 2017 04:16 AM

ලූකස්... ඔබගේ අදහස 100,000,000% නිවැරදි... මට තේරෙන්නේ නැති දෙයක් තමයි වැඩිමනක් අය කතරගම යනවා.. හැබැයි කිරිවෙහෙර වඳින්නේ ඒ තරම් ඕනෑකමින් නෙවෙයි.. ඉක්මනට යනවා දේවාලෙට... බුද්ධ දර්ශනය සහ කතරගම දේවාලය අතරේ තියෙන සම්බන්දය මොකද්ද ? නැති සම්බන්දයක් හිතින් මවාගෙන දේවාලෙට යනවා. කොටින්ම කියනවනම් මට පැහැදිලි කරලදෙන්න නුවර දළදා මාලිගාව 'ආරක්ෂා' කරන්නේ සතර මහා දේවාල කියල කියනවා. බුදු දහම සහ සිවු මහා දේවල අතරේ මොකද්ද සම්න්බන්දය ? අපි ම තමයි බුදු දහම කෙලෙසන්නේ. අපි ම තමයි බුදු දහමේ ඉගැන්වීම් කණපිට හරවන්නේ. අවාසනාවට මේ දේවල් හරි අතට ගන්න කෙනෙක් නැහැ.

:       2       392

kumar (galf)Tuesday, 22 August 2017 06:02 AM

දෙකම එකයි, මිනිස්සුන්ගේ අත්වලින් හදපු ඒවාට මිනිස්සු පෙරලි පෙරලි වැඳලා ආශිර්වාද ඉල්ලනවා, නිනක් පුහු වැඩ.

:       1       265

ප්‍රීතිTuesday, 22 August 2017 05:28 AM

ඔර්ජිනල් ලුකස්ලා ඔයිට වඩා ටිකක් වෙනස්. ඔක්කොටම කලින් හංගගෙන කරන වැඩ පැත්තකින් තියලා කෙලින් වැඩ කරන්න පුරුදු වෙන්න.

:       240       1

ස්කන්ධTuesday, 22 August 2017 08:01 AM

මහත් බල ඇති කතරගම මහා දිව්‍ය රාජයා නොහොත් කඳ සුරිඳුන්ගේ භාණ්ඩාගාරයට වැදී කල මේ මහත් අපරාධයට නුදුරු අනාගතයේදීම වැඩිකල් නොගොස් පල දෙනවා නියතයි. මේ කිසිවක් නොදැන කොමෙන්ට් දමන හුදී ජනයා ගැන එතුමන්ගේ සිතේ ඇත්තේ තදබල අනුකම්පාවක් මිස ක්‍රෝධයක් නොවන වග මෙයින් දන්වා සිටිමි.

:       0       0

සෙනෙවි Tuesday, 22 August 2017 02:25 AM

පේනව නේද දෙවියන්ගෙ බලය .මෝඩ මිනිස්සුනේ! දැනවත් ඔය අන්ධ විශ්වස අත්හැරල නියම බෞද්ධ දර්ශනය අනුව යන්න

:       5       240

mahee Tuesday, 22 August 2017 02:39 AM

දෙවියනි ඔබ කොහිද? කොහේ හිටියත් කතරගම නම් නමැති බව දනිමු. මහා භාරකාර මහින්ද ඇල්ලේපොල මැතිතුමාගේ කාලයේ කතරගම කපු මහත්තුරුන්ගේ ගෙවල් (මාලිගා) පරීකෂා කළා දේශීය ආදායම දෙපාර්තමේන්තුවෙන්. දේවාලෙට බැතිමතුන් පුජා කල රත්තරන් වලට වෙන දේ අපි දැනගත්තේ එතකොටයි. ඒ කාලෙත් දැන් කාලෙත් දේවාලේ ගිණුම් පරීකෂා කර බලන්න, වෙනස දැනගන්න.

:       2       195

asiri Tuesday, 22 August 2017 02:50 AM

කතරගම දෙවියනේ මේ මොනවද වෙන්නේ

:       0       122

sanjeeva Tuesday, 22 August 2017 02:56 AM

හපොයි .. එතකොට දෙවියෝ මොනවා ද කෙරුවේ..

:       12       311

sachith Tuesday, 22 August 2017 02:56 AM

මේ රටේ මිනිස්සුන්ට කරදර ප්‍රශ්න තියනකම් ගොඩ යන දෙගොල්ලයි ඉන්නේ. දෙවියෝ විකුණන් කන කපුවෝයි, රටම විකුණන් කන දේශපලුවෝයි. මේ වැඩේටත් මේ දෙගොල්ලොම සම්බන්ධයි. දේවල කපුවොන්ට පරීක්ෂණයක් කරත් ඉතින් එකත් නැමිලා යනවනේ.

:       0       174

Ranjith Tuesday, 22 August 2017 03:02 AM

මේ බස්නායක නිලමේ දේවාලයේ තිබෙන සම්ප්‍රදායන් ඔහුගේ වාසියට වෙනස්කරන්න උත්සහ කිරීම මේ සිද්ධීන් වලට මුල. මේවයින් වෙන්නේ දේවාලයේ තිබෙන ගෞරවය සහ පිළිගැනිම හානියට පත්වී බැතිමතුන් දේවාලයට පැමිණීම අඩු වීමයි. ලොකුම ප්‍රශ්නය තමයි දේවාලයට ලැබෙන අදායම බෙදාගැනීම. මේ ලැබෙන අසීමිත මුදල් ප්‍රමාණය පසුගිය කාලය තුල අසාමාන්‍ය ලෙස ඉහල ගිය නිසා බස්නායක නිලමේට තණ්හාව ඇතිවෙලා. පහුගිය අවුරුදු 20 පමණ කාලය තුල ප්‍රවාහනය දියුණු වීම සහ පාරවල් දියුණුවීම නිසා කතරගම පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ඉහල ගිය අතර ඔවුන් දේවාලයට දාන මුදල් ප්‍රමාණයත් බැතිමතුන්ගේ අදායම් වැඩිවීමේ ප්‍රතිශතයෙන්ම ඉහල ගොස් ඇතිබැවින් දැන් අතිවිසාල මුදල් ප්‍රමාණයක් එකතුවෙනවා. එම මුදල් සෑම දාම ගියේ එක්තරා කොට්ටසයකගේ පෞද්ගලික පරිහරනයටයි. කපුමත්වරුන්ට වෙනත් රැකියාවක් කරන්න බැරි නිසා ඔහුන්ගේ නඩත්තුවට යම් මුදල් ප්‍රමාණයක් දීම සදාරණය. නමුත් බස්නායක නිලමේ යනු ගෞරව තනතුරක් බැවින් ඔහු මෙම මුදල් පරිහණය කිරීම යුතුනොවේ. ඉතිරි මුදල් දේවාලයේ නඩත්තුවට සහ කතරගම අවට වෙසෙන දුප්පත් ජනයාගේ සුබසිද්ධියට යෙදවියහැක.

:       32       181

wedage Tuesday, 22 August 2017 03:48 AM

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පෙම් පහන ලඟයි ආලෝකේ දුරයි

:       0       91

AriyaSeNA70 Tuesday, 22 August 2017 04:02 AM

‍මේවා ඔක්‍කොම ‍හොර වැඩ‍

:       0       25

ලුම්බිණි Tuesday, 22 August 2017 04:16 AM

දෙවියන්ට සල්ලි පුජා කරන එක දැන්වත් මිනිසුන් නැවැත්විය යුතුයි.

:       0       38

Sudath Sri Tuesday, 22 August 2017 04:21 AM

දෙවියන් යනු භෞතික වශයෙන් පෙනී සිටින්නාවූ අයෙකු නොවේ. මිනිසුන් දෙවියන් කෙරෙහි ආකර්ශණය වන්නේ වෙන කිසිදු පිලිසරණක් නොමැති විටයි. භෞතික නොවන දෙවි කෙනෙකුට ඉබි යතුරු දමන අවස්ථාවේ කිසියම් දෙයක් කල නොහැකි වුවත් ඉදිරියේදී මෙම පිරිසට දඬුවම් ලැබීම ඒකාන්තයි. මීට පෙරත් මෙවැනිම දෙයක් සිදිවූ පසු සිදුවූ දේ ගැන දන්නෝ දනිති, දැන් කල යුත්තේ දෙවියන් ගෙන් සමාව ඉල්ලා පුද පූජා පැවැත්වීමයි.

:       128       6

disanayaka Tuesday, 22 August 2017 04:32 AM

මේ සිද්දියට දෙවියන් පළි නැත. එහෙම සිතන්නේ නුගතුන්ය. දේව විශ්වාස හරි හෝ වැරදි හෝ යයි කීමට කිසිවකුට නොහැක. කපුවන් සහ නිලමේවරුන් දේවාල මුදල් උපදවන තැනක් කරගත්තට කතරගම යනු අපේ උරුමයකි. අපේ සංස්කෘතියේ කොටසකි. කොහෙවත් යන මිනිස්සු කඩාපන්න පමණින් කතරගම් දෙවියන්ට දොස්පවරීම අනුවන දෙයකි. අද රටේ සිදුවන වැඩ මෙල්ල කිරීමට දෙවියන්ට තියා සක්කරයාටවත් නොහැකිය. මන්ද සියල්ල මුදල්ල්වලට යටවී ඇති නිසාවෙනි.

:       46       72

ස්කන්ධ Tuesday, 22 August 2017 07:59 AM

මහත් බල ඇති කතරගම මහා දිව්‍ය රාජයා නොහොත් කඳ සුරිඳුන්ගේ භාණ්ඩාගාරයට වැදී කල මේ මහත් අපරාධයට නුදුරු අනාගතයේදීම වැඩිකල් නොගොස් පල දෙනවා නියතයි..මේ කිසිවක් නොදැන කොමෙන්ට් දමන හුදී ජනයා ගැන එතුමන්ගේ සිතේ ඇත්තේ තදබල අනුකම්පාවක් මිස ක්‍රෝධයක් නොවන වග මෙයින් දන්වා සිටිමි..

:       0       0

dhamneth Tuesday, 22 August 2017 08:00 AM

මිනිසුන්තුළ තිබෙන මිත්‍යා හා අන්දවිස්වාසය නැතිකිරීමට අපේ හාමුදුරුවරු පෙරමුණ ගතයුතුයි. බුදුහාමුදුරුවෝ තමයි මිනිසුන්තුළ තිබෙන අන්දවිස්වාසය නැති කිරීමට කටයුතුකලේ මුලින් . නමුත් තවමත් බෞද්ධයන් බහුතරයක් තුල අන්දවිස්වාසය තිබෙනවා. යුරෝපා රටවලනම් 99%ම නැතිවෙලා.

:       0       0

මාලක Tuesday, 22 August 2017 01:52 PM

සුදත් ශ්‍රී මහතානණෙනි.. මොකොද අර ගොල්ලන්ට වුනේ...? අපිටත් දන ගන්න කියන්නකෝ... හැබැයි පිළිගන්න පුළුවන් සාක්ෂි සහිතව කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 84 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 290 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1861 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 366 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1812 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1284 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site