IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


එම්සීසී ගිවිසුම ගැන යළි සමාලෝචනයක් කරන්න රජය තීරණය කරයි

(තිළිණි ද සිල්වා )

ඇමෙරිකාවේ  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  ආයතනය මඟින් ඇමෙරිකා  ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම හෙවත් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම මෙම ගිවිසුමට අත්සන තැබීම සම්බන්ධයෙන් ද රජය අවසන් තීන්දුවක් ගෙන නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේ ඇමෙරිකාවේ  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  ආයතනය මගින් ඇමෙරිකා  ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (13) සළකා බලමිනි.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එම කරුණු දැක්වීම පිළිගත පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් සළකා බැලීම ලබන මාර්තු 25 වැනිදා තෙක් කල් තබන ලදී.

අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, නීතීඥ දර්ශන වේරදූවගේ මහත්වරුන් වෙන වෙනම ගොනු කරනු ලැබූ මෙම පෙත්සම් හි  වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (14)

එම්සීසී ගිවිසුම ගැන යළි සමාලෝචනයක් කරන්න රජය තීරණය කරයි

Deepal Nirosh Friday, 13 December 2019 06:22 AM

අත්සන් නො කරන ගිවිසුමක් ගැන මොකට ද සමාලෝචනයක්? බළලා මල්ලෙන් ඒළියට පැන්න ද?

:       16       278

sharm warn Friday, 13 December 2019 06:30 AM

සමාලෝචනය කරන්න ... අධ්‍යයනය කරන්න ... හැබැයි රට විනාශ කරන තීන්දුවකට එන්න එපා. කොළ පාටින් වෙන්න ගිය සහාසික අපරාධය කුරක්කන් පාටින් වෙන්න දෙන්න එපා එච්චරයි. මොකද මේ රටේ ඉන්නේ බහුතරය ලංකාවේ පුරවැසිකම විතරක් තියෙන අය ...අපි ද්විත්ව පුරවැසියෝ නෙමෙයි .

:       24       311

Praba Friday, 13 December 2019 07:37 AM

ඩොක්ටර් පාදෙණිය මහත්තයෝ... මේ මොකක්ද මේ වෙන්න යන්නේ..

:       14       124

ටොමී Friday, 13 December 2019 11:18 AM

මේ ගිවිසුමේ තිබෙන යහපත් දේවල් යූ.එන්.පී , ජේ.වී.පී. සගයින් කවද්ද තේරුම්ගන්නේ...?

:       164       6

siriFriday, 13 December 2019 01:23 PM

ඒ වගේම අර දොස්තර සංගම් වල අය, උපකාරක පන්ති පවත්වන අය, සමහර නායක ස්වාමීන් වහන්සේලා මේ ගිවිසුමේ තියෙන යහපත් දේවල් දැන් නම් ඕනෑවටත් වැඩිය තේරුම් අරගෙන වගෙයි පෙනෙන්නේ.... ඡන්දෙට ඉස්සර වෙලා දඟලපු දැඟලිල්ල දැන් කොහේ ගිහිල්ලද කියලා පෙනෙන්න නැහැ.

:       0       438

siri Friday, 13 December 2019 11:29 AM

අර සිතියමක් ඇඳගෙන දස අතේ මොර දුන්නු අමතර පන්ති ගුරුවරු, දොස්තරවරු වගේම ස්වාමීන් වහන්සේලා එහෙම දැන් මොනවා කියයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...

:       0       399

Nimal ... Friday, 13 December 2019 12:53 PM

අන්තිමට වෙන්නේ මොනවත් නෙමෙයි කබරගොයා තලගොයා වෙන එකයි. අර අරගොල්ලෝ වල්ගේ කොහේදෝ ගහගෙන ඉඳීවි. ජනතාවට උඩබලාගෙන ඉන්නවෙයි.

:       0       158

Champa Friday, 13 December 2019 12:57 PM

මිනිස්සු ඡන්දෙ දුන්නේ MCC ගිවිසුම සමාලෝචනය කරන්න නෙමෙයි. එකහෙලා ප්‍රතික්ෂේප කරන්න. මම දන්නා විදිහට තාම MCC ආයතනය මේ ආණ්ඩුවත් එක්ක ඔය ගිවිසුම අත්සන් කරනවා කියලා නැහැ. ඔය දැන් කතා කරන්නේ රනිල්ගේ වහල් ආණ්ඩුව අත්සන් කරන්න හදපු මුළු රටම විරුද්ධ වුණු MCC ගිවිසුම ගැන. මේ සමාලෝචනය කරන්න හදන්නේ රටම විරුද්ධ වුණු කාරණයක්. මේක තනිකරම මහජන මතය නොසලකා හැරීමක්. වහල් ආණ්ඩුව අත්සන් කරන්න ගිය ගිවිසුම ගැන කතා කිරීමම ද්‍රෝහීකමක්...

:       189       88

රවින් වීරසිංහ Friday, 13 December 2019 03:25 PM

ඔබ විහිළු සපයන්නියක් කියලයි අපිට හිතෙන්නේ... රනිල්ගේ වහල් ආණ්ඩුවක් තිබුනේ නැහැ. වහල්ලු, ගෝත්‍රිකයන් තමයි අලුතෙන් පත්වුණු ආණ්ඩුව පත්කරගත්තේ... ගෝත්‍රිකයින් දන්නේ නැහැ MCC කියන්නේ මොකක්ද කියලා. ඔවුන්ට සිල් රෙදි කෑල්ලක්, ටකරමක්, අරක්කු ටිකක් දුන්නාම ඡන්දෙ විකුණනවා. MCC බිල්ලා මවපු ගම්මන්පිලලා දැන් මොනවද කියන්නේ..? වීරවංශ කතා නැහැ. වාසු යනවා කියනවා. යන එකයි ඇත්තේ කියලා මහින්ද කියනවා. එහෙම කියන ගමන් ඔය ගිවිසුම අත්සන් කරලා ඒ අයට දෙන කොමිස් එක සාක්කුවට දමාගන්නවා. රටට හෙන ගැහුවත් මේ හොරුන්ට ප්‍රශ්නයක් නැහැ. යුද්ධය කාලේ හොරකම් කරපු කොටින්ගේ සල්ලියි, රත්තරනුයි ඇතිවෙන්න හංගාගෙන ඉන්නේ...

:       361       753

rathnasiriFriday, 13 December 2019 09:51 PM

චම්පා, අපිට තේරෙන්නේ නැහැ ඔබ අදහස් කරන වහල් ආණ්ඩුව මොකක්ද කියලා.ඡන්දෙ කාලේ ඉඳලාම වහල්ලු , ගෝත්‍රිකයින් ලෙස හැඳින්නුවේ මේ අලුත් රජයට ඡන්දෙ දාපු අය.එසේ හැඳින්වීමත් නරක නැහැ..මොකද මේ රජය දැනට අවුරුදු 5 කට කලින් කළ දුෂණ වංචා ගැන ඒ තැනැත්තන්ට කිසිම හැඟීමක් තිබුනේ නැහැ.ඒ මානසිකත්වය තෙබෙන්නේ සම්ප්‍රදායික ගෝත්‍රිකයින්ට පමණයි.තවමත් මේ සමාජයේ නොසැහෙන්න ගෝත්‍රිකයින් සිටින බව උගත් බුද්ධිමත් අය දන්නවා.රනිල්ගේ ආණ්ඩුවට වහල් ආණ්ඩුව කියන්නේ ඔබම පමණයි.ඒ කියන්නේ ඔබ සම්ප්‍රදායික ගෝත්‍රික ගැහැනියක් බව ඔබ නොකියා කියනවා.ඔබට මහින්දගෙන් වැසිකිලි පෝච්චියක් ලැබුනාද..?බලාගෙන ඒක මුණ හෝදන්න ගන්න එපා.ඒක වෙන තැනක් හෝදන එකක්.ඔබ අනුන්ගේ දේවල් වලට කට දාන්න එපා.ගෙදරටවෙලා හාල් මැස්සෝ ටිකක් තෙල් දාලා හවසට කසිප්පු බීගෙන එන මිනිහාට බයිට් එකක් හදලා දෙන්න.එතකොට එයා ඔයාව බයිට් එකට ගන්නේ නැහැ.එහෙම නැතිවුනොත් ඉතින් ඊයේ වගේම හෙටත් හැන්දෑවට මිනිහාගෙන් බැස්ටිය හම්බවේවි මදි නොකියන්නම.

:       0       1

Don Friday, 13 December 2019 01:51 PM

ජනාධිපතිවරණයට කලින් දැක්ක යකා දැන් වැඩිය කළු නැද්ද? අර උපවාස කරපු චණ්ඩියා දැන් මොකද කියන්නේ?

:       0       140

sudeshFriday, 13 December 2019 04:12 PM

ඔක්කොම වහල්ලු ... පෙරලුන පිට හොඳයි කියන ගෝත්‍රිකයින් ඉන්න රටක් මේක.

:       0       205

kanchana de silvaFriday, 13 December 2019 09:52 PM

ගෝත්‍රිකයින් කියන්නේ අමුම අමු මෝල්ලු.බයියෝ.

:       0       27

Mahee Friday, 13 December 2019 02:24 PM

එක්තරා විකට ටෙලි නාට්‍යයක ගැහැණියක් යාලුවෙකුට කියනවා "මං මේ වැඩේට මගේ මිනිහව මරනවා' කියලා, යාළුවා කියනවා "එහෙම කරන්න එපා, එයා කියන දේටත් කන් දීපන්..." කියලා, අර ගැහැණු එක්කෙනා කියනවා, "හොඳයි, උඹ කියනවා නම් මං කන්දෙන්නම්... කන්දීලා ඉවරවෙලා එයාව මරනවා" කියලා. ඒ වගේ මේ ගිවිසුමටත් කරන්න ඕනෑදේ තීරණය වෙලා ඉවරයි. ඒ වුණාට මිනිස්සු කෑගහන හින්දා සමාලෝචනය කරලා ඉවරවෙලාම අත්සන් කරනවා...

:       0       309

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 21 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 119 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 285 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 119 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4076 9

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1460 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site