(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන සලකා බැලීමට ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද(13) නියම කළේය.
මෙම පෙත්සම් අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ නොතීසි ලැබී නොමැති බවය. ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.
එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය. රජය අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බවද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මහතා කීය.
එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද පෙන්වා දුන්නේය.
සියලු කරුණු සලකා බැලු පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.
පෙත්සම්කරුවන් කියාසිටින්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.
පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.
එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එම්.සී.සී. ගිවිසුම වළක්වන්න’යි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 දා
de silva Wednesday, 13 November 2019 07:24 AM
ඔය ගිවිසුමෙන් වැඩක් නැහැ. මේකෙන් වෙන්නේ කොමිස් ගහන දේශපාලකයා පොහොසත් වෙන එක සහ අන්තිමට රටේ තිබෙන ඉඩම් කොටසක අයිතිය අපට අහිමි වෙන එක පමණි.
asanka Wednesday, 13 November 2019 07:44 AM
අන්න හොඳයි ...
සෙනෙවිරත්න Wednesday, 13 November 2019 08:50 AM
ඇමෙරිකන්කාරය පුදුම වෙයි. අපේ නඩු අහන ඉක්මන දැකලා, ජනවාරි 31දාට ඕක කල්යයි ජුනි 30ට, ඇමරිකන් කාරයා එපාවෙලා වැඩේ අත්හරීවි. වැඩේ ගොඩයි. අපිත් දිනුම් ඇමරිකන් කාරයත් දිනුම්...
KANDEPOLA Wednesday, 13 November 2019 09:15 AM
ඇයි අප්පා මෙච්චර ළඟ දිනයක් දැම්මේ? ගිවිසුම අත්සන් කරලම පස්සේ හෙමිහිට පෙත්සම සලකා බැලුවනම් ඉවරයිනේ.
පි. ගමනායක Wednesday, 13 November 2019 09:19 AM
වෛද්‍ය නිලධාරි සංගමයට අන්තර්ජාතික ගිවිසුම් ගැන උසාවි යන එකට වැඩිය ගමේ රෝහල්වල ප්‍රශ්න හොයල බලන්න පුළුවන්. මේක ගොටාභය සතුටු කරන්න පාදෙණිය කරන නාට්‍යයක්.
බද්රානි Wednesday, 13 November 2019 09:41 AM
ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළත්, මේ MCC ගිවිසුම අත්සන් කොට ක්‍රියාත්මක කරනවා. දේශපාලකයින්ට ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මෝඩ ජනතාව රැවැට්ටුවාට.. මෝඩ ජනතාවට බුද්ධිමත් දේශපාලකයින්ව නවත්වන්න බැහැ. ඔය කවුරුත් අවසානයේ කියන්නේ" අහිතකර වගන්ති ඉවත්කොට අප මේ ගිවිසුම අත්සන් කිරීමට තීරණය කළා" එලෙස දේශප්‍රේමී, පාලකයින් පැවසූවිට, හුරේ දමන මෝඩ ජනතාවට නුදුරු අනාගතයේදී ඔබට සියැසින්ම දැකබලා ගත හැකිවේවි... ඊට එහා වෙන මොනවා කියන්නද?