IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උඩවලව වනයේ දඩයමේ ගිය අයකුට වනජීවියෙන් වෙඩි

(කේ.පී. සුමනදාස)
 
උඩවලව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පුද්ගලයකුට අද (21) වනජීවී නිලධාරීන් වෙඩිතබා ඇත.
 
වෙඩි වැදී ඇත්තේ සෙවනගල සම්පත් ගම පදිංචි 25 හැවිරිදි තරණයකු වන විජමුණිගේ කසුන් චාමර නැමති අයකුටය. ඔහු මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
මේ පිළිබදව උඩවලව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන රණතුංග මහතාගෙන් විමසීමකදි කියා සිටියේ වනෝද්‍යානයේ 5 කණුව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් අද වනෝද්‍යානය තුල සංචාරය කරන අතරතුර දඩයමේ ගිය අයකු දැක නවතින ලෙස අණ කිරීමේදී එයට අවනත නොවීම හේතුවෙන් රබර් උණ්ඩ යොදා වෙඩි තබා ඇති බවය.
 
වෙඩි වැදුණු අයගේ සහෝදරයකු පවසා සිටියේ තම සහෝදරයා ගවයන් බැලීම සදහා වනෝද්‍යානයට ගිය විට වනජීවී නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බවය. දඩයමේ ගියේ නම් ඔහු සතුව ගිනි අවියක් තිබිය යුතු බවත් ඔහු අතේ තිබුණේ ගවයන් දැක්කීමට ගන්නා කෙවිට පමණක් බවත්ය යනුවෙනි.



අදහස් (1)

උඩවලව වනයේ දඩයමේ ගිය අයකුට වනජීවියෙන් වෙඩි

විජිත් Thursday, 21 January 2021 10:35 PM

වන ජීවී ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ වනය සහ වනයේ වසන ජීවින් ආරක්ෂා කිරීමටයි. ඒ අයට තුවක්කු දීලා තියෙන්නේ " දත් මදින්න " නොවෙයි. කැලෑවේ ආරක්ෂාවට අභියෝගයක් කරන තැනැත්තෙක් මේ නිලධාරීන් හට යටත් නොවී වෙනත් ක්‍රමයකින් බලය පෙන්වලා පැනයාමට උත්සාහ කළොත් ඒ පුද්ගලයාව අඩපණ කිරීම සඳහායි. මේ කැලෑපාලුවෝ පසුගිය වසරේ හෝ 2019දී වනජීවී නිලධාරියෙක්ට වෙඩිතබා ඝාතනය කළා. ගවයන් ඇතිකරන අය ගවයන්ට අවශ්‍ය තණකොළ කෑමට ආරක්‍ෂිත කැලෑවට අරගෙන යන්නේ නිත්‍යානුකූලවද...? කොටින්ම කැලෑවට ගවයන්, එළුවන් රැගෙන යාම නීති විරෝධී පමණක් නොව එය වනයේ ජීවත්වන වන සතුන්ගේ ජීවන චර්යාවලටත්, වනජීවින්ගේ සෞක්‍යයටත් අහිතකරයි. මෙවැනි කැලෑ පාලුවන්ට වෙඩි තියන්න රබර් බුලට් යොදාගන්නේ ඇයි...? ඒ ගොල්ලොත් වනජීවී නිලධාරීන් මැරුවේ රබර් බුලට් පාවිච්චි කරලද? වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවල ඉන්න නිලධාරීන්ටයි මගේ මේ ආයාචනය..." කරුණාකරලා ඔය රබර් බුලට් සියල්ල නැවත ලබාගෙන වනජීවී නිලධාරීන් හට "සජීවී උණ්ඩ" නැත්නම් ඇත්ත බුලට් දෙන්න. කැලෑපාලුවන් කියන්නේ මේ ලෝකෙට අනවශ්‍ය ඒ වගේම ලෝකෙන් වහාම ඉවත් කළයුතු සත්ව විශේෂයක් පමණයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 170 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 165 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 167 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 392 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 448 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 773 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site