IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ඇගයීමට ලක්වීම තරම් කලාකරැවෙක් සතුටු වෙන අවස්ථාවක් නැති තරම්

2016-07-01-ent-105

පත්තිනි චිත්‍රපටයේ කෝවලන්ගේ චරිතය හරහා සහ සිල්ලර කාසි ටෙලිනාට්‍යයේ නිකේතගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වන උද්දික ප්‍රේමරත්න සමඟයි අද හදසර කතාව.

 

2016-07-01-ent-106උද්දික කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳින් සතුටින් ගත කරනවා.

 

මේ දවස්වල මොකද කරන්නේ?

පත්තිනි චිත්‍රපටය තිරගත වෙනවා. ඉතින් චිත්‍රපටයේ ප්‍රචාරක වැඩකටයුතුවලට සහයෝගය දක්වනවා. ඊට අමතරව ජාතික රෑපවාහිනියේ විකාශය වන සිල්ලර කාසි නාට්‍යයේ රෑගත කිරීම් කරගෙන යනවා. මේ සතියෙන් හංස පිහාටු නාට්‍යයේ වැඩ අවසන් කළා. ඔය දේවල් තමා කරන්නේ.

 

කෝවලන්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම සුබවාදී ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයින්ට ලොකු දුකක් තියෙනවා කෝවලන්ගේ මරණය ගැන. ඒ වගේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

කොහොමද ඔබට කෝවලන් චරිතය ලැබුණම හිතුණේ?

මම විශේෂයෙන් ලොකුවට කතා පුවත පිළිබඳ දැනගෙන හිටියේ නැහැ. නමුත් සුනිල් ආරියරත්න සර් මීට පෙර කරපු චිත්‍රපට ගැන සහ ඔහු තුළ තියෙන සිනමා හැදෑරීම ගැන අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔහුගේ නිර්මාණයකට දායකවීම ගැන මට දෙපාරක් හිතන්න ඕන වුණේ නැහැ. මම තීරණය කළා ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලබාදෙනවා කියලා.

 

රෑපගත කිරීම් කරන කාලය ගැන මතක් කළොත් අමතක නොවන සිදුවීම් තියෙනවද?

මට නම් ඒ රෑපගත කිරීම් සිදුකළ සියලු කාලය අමතක නොවන කාලයක්. මාස තුනක කාලයක් විතර අපි රෑගත කිරීම් කළා.

 

ඔබ එක්ක රඟපාන අරැණි සහ පූජා ගැන මතක් කළොත් කොහොමද ඔබ තිදෙනාගේ රංගන එකමුතුව?

ඉතාමත් හොඳයි. මේ දෙදෙනා ඉතාම ඕනෑකමින් ඔවුන්ට හිමි චරිතය කළා. ඒ වගේම, අනෙකුත් සහෝදර ශිල්පීන් සමඟ සුහදව වැඩ කළා. නිර්මාණය සාර්ථක කරගන්න මෙහි වැඩ කළ සියලුම දෙනා දායක වුණා. ඒ තුළ තිබුණ එකමුතුකම තමා ප්‍රේක්ෂකයින් අද දකින්නේ සාර්ථක නිර්මාණයක් හරහා.

 

මෑත කාලේ බිහිවූ නළුවන් අතර උද්දික හරි වාසනාවන්තයි කියලා කියනවා. ඔබත් එකඟද ඒකට?

ඇත්තටම ඔව්. අපිට අවස්ථාව ලැබෙන්න වාසනාව තියෙන්න ඕන. මොකද මා සතු දක්ෂතා මම දැනගත්තට මදි. ඒවා නිර්මාණ හරහා එළිදක්වන්න නම් අපිට නිර්මාණ ලැබෙන්න ඕන. අවස්ථාව ලැබෙන්න ඕන. අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා චර?ිත තෝරද්දී ඒ චරිතවලට තේරෙන්න වාසනාව තියෙන්න ඕන කියලා මාත් විශ්වාස කරනවා.

 

වේදිකාවටද, පුංචි තිරයටද, සිනමාවටද වඩාත් කැමති?

සියල්ලටම මා කැමතියි. චරිත නිරෑපණයට අවස්ථාව ලැබෙන ක්ෂේත්‍ර සියල්ලටම මා කැමතියි.

 

උද්දික, දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්ද?

නැහැ. ඇත්තටම නැහැ.

 

ඔබ සංගීත කණ්ඩායමක් හරහා කලාවට එන්නේ. දැන් ඒ කටයුතු මගහැරිලා නේද?

මට මේ කාලය තුළ ඒ සඳහා කැපවීම් කරන්න කාලයක් හොයන්න බැරිවුණා.

 

ඔබට හොඳින් ගීත ගායනයට හැකියාව තියෙනවා. ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ගායකයෙකු කියන්නෙ වෙනම චරිතයක්. පුද්ගලයෙක්. වෙනමම නිර්මාණ සපයන්නෙක්. ඉතිං කාර්යභාරයන් දෙකක් විදියට මම දකින්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ මේ කාලේ මට ඒ වෙනුවෙන් කැපකරන්න තරම් කාලයක් තියෙනවා කියලා. සින්දුවක් කළා කියන්න මට සින්දුවක් කරන්න බැහැ. ඒ සඳහා මට සුදුසු අවස්ථාවක් ලැබිලා නැහැ. ඉදිරියේදී බලමු හොඳ ගීතයක් කරන්න.

 

ඔබ වඩාත් කැමති ජනප්‍රියම නළුවාට හිමි සම්මානයටද හොඳම නළුවාට හිමි සම්මානයටද?

රංගන ශිල්පියෙක් විදියට ඒ සම්මාන දෙකටම කැමතියි. මොකද මමත් සම්මානනීය අවස්ථාවන්ට මුහුණ දුන්නා. වේදිකාවකට නැගලා ඒ සම්මානය අතට ගන්න මොහොත ඇත්තටම ජීවිතයට ලැබෙන අලුත් අත්දැකීමක් සහ සතුටක්. කරපු නිර්මාණයක් ඇගයීමට ලක්වීම තරම් කලාකරැවෙක් සතුටු වෙන අවස්ථාවක් නැති තරම්.

 

අනූ



අදහස් (0)

ඇගයීමට ලක්වීම තරම් කලාකරැවෙක් සතුටු වෙන අවස්ථාවක් නැති තරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 252 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 301 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1221 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site