IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යළි දිවයිනට

(ඉන්දිකා රාමනායක සහ ටී කේ ජී කපිල)
 
මෙක්සිකෝවේ  දින අටක  සංචාරයක් සඳහා  පිටත්ව ගොස් සිටි ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (19) යළි දිවයිනට පැමිණ ඇත.
  
කොටහේන ප්‍රදේශයේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන  සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ නැමැත්තාට සැඟව සිටීමට   ආධාර අනුබල ලබාදුන් බව  කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විජේගුණරත්න  මහතා  ඉකුත් 10 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට කැඳවා තිබියදී  එදින අලුයම මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට  පැමිණෙන ලෙසට දැනුම් දී තිබියදී සිය දෙපාර්තමේන්තුවට නොදන්වා ඒ මහතා විදේශ ගත වූ බවයි.
 
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාල   එදින දහවල් නිවේදනයක් නිකුත්  කර  කියා සිටියේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  රජය  නියෝජනය කරමින් මෙක්සිකෝව බලා ගියේ එහි 208 වැනි නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් බවත් ඒ මහතා යළි  19 වැනි දින යළි මෙරටට   පැමිණෙන බවට   ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලින් දැනුම්  දී ඇති බවයි.
 
 ලංකාවට පැමිණ සිටින  ආරක්ෂක  මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා   ඉදිරි දිනයක ප‍්‍රකාශ ලබා ගැනීම සදහා කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් විජේගුණරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තමන්  මෙරටින් පලා නොගිය බවත්  මෙක්සිකෝවේ  නිදහස් උත්සව සැමරුමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිළ වශයෙන් සහභාගි වූ බවත්ය.
 

තමන් ඊයේ  සිට සිය කාර්යාලයේ සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දිනයක් දැනුම් දුන් පසු  තමන් එහි පෙනී සිටින බවත්  අද්මිරාල් විජේගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යළි දිවයිනට

rohana Wednesday, 19 September 2018 01:38 PM

බයවෙන්න එපා අපි දන්නවා මේක කාගේ වුවනාවකටද වුනේ කියලා. මිට වඩා යමක් පලනොකරමි.

:       26       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 78 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 139 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 370 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 541 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 226 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 472 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site