”උන්මාද සඳ” ගීතය මෙසේ ගයනු ලබන්නේ ප‍්‍රවීණ සංගීතවේදී විශාරද අමරසිරි පීරිස් විසිනි. මෙම ගීතය සංගීතවත් කළේ ආශා විජයන්ති වීරසිංහ වන අතර පද රචනය අසංගි විජේසූරියගෙනි.
මෙතෙක් කලක් ”හන්තානට පායන සඳ” වෙතින් හමුවූ අමරසිරි ”උන්මාද සඳ” වෙතින් දැන් හමුවේවි.
මෙම ගීතය පිළිබදව හා ප‍්‍රසංගය පිළිබඳ විස්තර පැවැසීමට මෙම ගීතයේ පද රචනයෙන් සහ මෙම ප‍්‍රසංගය සංවිධානය කරනු ලබන අසංගි විජේසූරිය සඳැල්ල අප සමග එක්වූයේ මෙලෙසිනි.
මෙය මගෙ 11 වෙනි ගීතය. මම මීට කලිනුත් ගීත රචනා කළා. මගේ ගීත ප‍්‍රසිද්ධ ගායකයන් කිහිපදෙනෙක්ම ගායනා කරලා තියෙනවා. මම අවුරුදු 7ක් රජරට ප‍්‍රදේශයේ රැුකියාව කළා. එහිදී මම ස්වභාව සෞන්දර්ය, ඓතිහාසික පසුබිම හා පූජනීයත්වය යන කාරණා 3 ම ගොඩක් වින්දා. ඒ සුන්දරත්වය මගෙ නිර්මාණ හැකියාවට විශාල පිටිවහලක් වුණා. එක් පෝය දවසක මම රැුකියාවට ගිහින් එනකොට කනදරා වැවේ වම් පැත්තට සඳ එළිය වැටිලා රිදී තලාවක් වගේ බබළනවා දැක්කා. ඒ අවස්ථාවේ මම දැක්ක ස්වභාව සෞන්දර්ය අනූන දර්ශනය නිසා තමයි පළමු ගී පදය මගෙ හිතට ආවේ. අනිත් කාරණා මගෙ යහළුවන්ගෙ සහ මගෙ ජීවිතයේ විවිධ පේ‍්‍රමනීය අත්දැකීම්, විරහ කාරණා පදනම් කරගෙන කාලයක් අරගෙන තමයි මම ලිවුවේ. උපේක්ෂා සහගත පෙම්වතිය මුර්තිමත් කිරීමටයි මම මේ ගීතය ලිවුවේ. විරහ වේදනාව විඳින පෙම්වතියගෙන්, පෙම්වතා සමාව අයදින ලෙස මෙම ගීතය ඉදිරිපත් වෙනවා.
මේ ගී පද ලියලා, අවුරුද්දක්, 2ක් විතර මම තියාගෙන ඉන්නකොට මගේ සංගීත ගුරුවරු කිහිපදෙනෙක්ම මේ ගී පද මාලාව අමරසිරි පීරිස් මහතාට සුදුසුයි ඔහුට යොමු කරන්න කියලා යෝජනා කළා. මගෙ හිතවතෙක් හරහා මෙම පද මාලාව අමරසිරි පිරිස් මහතාට යොමු කළාම එතුමා ගීතයක් කරන්න කැමති වුණා. එතුමා කැමතිවෙලා දවස් තුනකට පසු මෙම ගීතයේ රෙකෝඩින් කරලා ඉවර කළා. ඇත්තටම, එතුමා ජ්‍යෙෂ්ඨයෙක් ලෙස නවකයන්ට ලබාදෙන ඉඩ ප‍්‍රස්ථාව ඉතා විශාලයි.
මෙම ගීතයෙ වීඩියෝව මගෙ නිෂ්පාදන ආයතනය වන ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්’ ආයතනයෙන් කළා. මෙම වීඩියෝව සඳහා රංගනයෙන් නුවන් ශ්‍රී දමිත් කුමාර සහ මල්ෂි ප‍්‍රනාන්දු දායක වෙනවා. දැනට සියලූම මාධ්‍යවල මෙම ගීතය ප‍්‍රචාරය වෙනවා. මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කළේ අනුරාධපුර ප‍්‍රදේශයේදී.
”උන්මාද සඳ” පළමු ප‍්‍රසංගය පෙබරවාරි මස 11 වන දින සවස 3.00ට සහ සවස 7.00ට ප‍්‍රසංග 2ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේදී තමයි මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ. ”ෆීමික්ස් කි‍්‍රයේෂන්ස්” ආයතනයෙන් හා අන්තර්ජාලය හරහා කි‍්‍රයාත්මක වන හරිත අගෝස්තු සමාජ සත්කාරක මිතුරු හවුලෙන් තමයි මෙම ප‍්‍රසංගය සංවිධානය කරන්නේ. අනුරාධපුරයෙන් මෙම ප‍්‍රසංගය ආරම්භ කරලා ලංකාව පුරා ප‍්‍රසංග 30ක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම ප‍්‍රසංගයේ සංගීතය මෙහෙයැවීම ප‍්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාරගෙනුත් ප‍්‍රසංගය ඉදිරිපත් කිරීම ප‍්‍රවීණ මාධ්‍යවේදී වසන්ත රෝහණගෙනුත් සිදුවෙනවා. සෑම ප‍්‍රසංගයකදීම අලූත් නිර්මාණකරුවෙක්/දක්ෂ සිසුවෙක් රටට හඳුන්වාදීමටද බලාපොරොත්තු වෙනවා.
මෙම ප‍්‍රසංගය ගැන 0787571729 දුරකථන අංකයෙන් විමසිය හැකියි.
සඳුනි ඉමල්කා
2025 නොවැම්බර් මස 21
317
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1279
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අමරසිරි පීරිස් දුටු ‘උන්මාද සඳ’