(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
රුපියල් 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශාලපන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජූනි මාසයේ ගෙවීම ගැන නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර මහතා වෙත ඉකුත් 17 වැනිදා ලිපියකින් දැක්වීය.
ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී එම ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා වූ බවත්, මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින්, එය ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත්, මේ පිළිබදව කළ විමසීමේදී රජයේ කැබිනට් ප‍්‍රකාශයක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ලබන මාසයේ මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බව යැයි කී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රුපියල් 5000 දීමනාව ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවට පෙනී යන්නේ නම්, එම දීමනාව ගෙවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට රජය අවශ්‍යතාවක් නැතැයි ද කීවේය.
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් පවුල් වෙත රජය ඉකුත් අපේ‍්‍රල් සහ මැයි මාසයේ රුපියල් 5000 ක දීමනාවක් ලබා දුන්නේ කිසිදු දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් නොවන බව කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වූ බව කී ඇමැතිවරයා එසේ තිබියදී මෙවැනි ගැටලූවක් මතු වන්නේ නම් එම දීමනාව ජූනි මාසයේ ගෙවීමට රජය සුදානම් නැති බව ස`දහන් කළේය.
පීඩාවට පත් පවුල් සදහා රජය විසින් ඉකුත් අපේ‍්‍රල් මාසයේ ගෙවන ලද සහ මැයි මාසයේ ගෙවන රුපියල් 5000 දීමනාව ලබන ජුනි මාසය සදහා ද ගෙවීමට රජය මීට පෙර තීරණය කර තිබිණී.
එය ජුනි මාසයේ ගෙවීම සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යවනු ලැබුවේ ඉකුත් 12 වැනිදාය.
දෛනික ආදායම් අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ආබාධිත රෝගී සහ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපේ‍්‍රල් මාසයේ ගෙවූ මැයි මාසයේ ගෙවන රුපියල් 5000ක දීමනාව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප‍්‍රවර්ධනය කිරීමක් ලෙස කි‍්‍රයාත්මක වන බවට දිගින් දිගටම පැමිණීලි ලැබෙමින් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දක්වා ඇත.
තනි පුද්ගලයන්, සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන් ද මෙය දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, එබැවින් මෙම මුල්‍යාධාරය ගෙවීම කිසිදු ආකාරයක දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට වගබලා ගත යුතු බවත්, මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා යැවූ ලිපියේ ස`දහන් කර ඇත.
COMMENTS
දෙනවා කියපු එක දීලත් නැතුවම ඉස්සරහට දෙන්න හිතපු එකක් ගැන කියපු ගමන් නොදී ඉන්න තීරණ අර ගන්නා අරුම පුදුම කැබිනට්ටුවට අපගේ උපහාරය..
රටේ ජනතාව මේකට විරුද්ධ වෙන්නේ කව්ද කියලා දන්නවා. මේවට ලබන මැතිවරණයේදී පිළිතුරු දෙයි...
එහෙනම් මැයි 25 වෙනකොට සම්පූර්ණයෙන් රටේ වැඩ කරන්න, වැඩ ගන්න, සේවා ලබා ගන්න තියෙන බාධා ඉවත් කරන්න, මිනිස්සු හම්බ කරගෙන වියදම් කර ගනියි...
මට මුල ඉදලම හිතුනා මැකෝ අලියට සපෝර්ට් කියලා. යහපාලනය චන්ද කල් දානකොට මීක් නෑ. දැන් චන්දෙත් කල් දාන්නලු. 5000 දෙන්නත් එපාලු.
ඕක නොදෙන එක හොඳයි... මතක තියාගන්න කිසිම දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැ. ඕක වගේ තුන්ගුණයක් ගෙවන්න වෙයි අපිට බදු විදිහට ළඟදිම...
මැතිවරණ කොමසාරිස් පක්ෂග්‍රාහී වගේ.. ඡන්දෙ කල්දාන්න කියලා නඩු තියෙද්දි ඇයි රුපියල් 5000 දුප්පත් මිනිස්සුන්ට නොදෙන්නේ? කොමසාරිස්ද මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ? කොමිසමට, නීතියට වැඩේ වෙනවානම් මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ. ඒකෙත් ඉන්න 3දෙනාම එළිපිටම පක්ෂග්‍රාහියි. අන්තිම අසාර්ථක කොමිෂන් එකක් මේක.. කළින් ඡන්ද නැහැ. දැන් පිස්සු කෙළිනවා.
ආණ්ඩුවට සල්ලි නැති නිසා නොවෙයි නේද?
ස්වාධීන කියලා බෝඩ් විතරක් ගහලා අන්ත පක්ශග්‍රාහී කොමිසමේ පිහිටුවීමෙන් අවසානෙ ඡන්දෙත් නෑ. අහිංසක මනුස්සයින්ට ලැබෙන ප්‍රතිලාභත් නෑ..
කොළ මැතිවරණ කොමිසමෙන් ඉල්ලගමු....
අඩන්න උන්නු මිනිහගේ අැහැට ඇන්නා නේද?
මේ පුවතට අනුව මැතිවරණ කොමිසමෙන් තමයි සලකා බලන්න යැයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ, ලේකම් වරයාගෙන්... එතකොට තීරණය අරන් තියෙන්නේ කැබිනට් එකෙන්. අනෙක මේ බදු ගෙවන්න වෙන තර්කය ගත්තොත් වැඩිපුරම බදු ගෙවන්නේ මධ්‍යම පාන්තිකයා හා ඉහළ ආදායම් ලබන්නන්... එයලාට 5000ක් ලැබෙන්නේ නෑ.
ජන ජීවිතය යහපත් තත්වයට පත්වෙලා නම් 5000 ගෙවීම අවශ්‍ය නොවන බව කොමිසම පෙන්වා දුන්නා. ජන ජීවිතය යහපත් නම් 5000 ගෙවන්නේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. දැන් ඡන්දෙ තියන එක ගැන කොමිසම මොකක්ද කියන්නේ..?
මෙන්න බොලේ අද මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර 5000 බෙදනවා.