IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සීතල වතුර ඉහින රම්බොඩ සාඳුරු ඇල්ල

අපි මීට කලින් Walk 121 එක්ක දියඇළි කිහිපයක්ම බලන්න ගියා. අද අපි යන රම්බොඩ ඇල්ල ලංකාවේ ජනප්‍රියම දියඇලි කිහිපයෙන් එකක්.

 

2016-07-01-ent-79
 

2016-07-01-ent-75මේකෙ නම කිව්ව ගමන් බොහෝ අය දන්නවා. ඇත්තටම රම්බොඩ කියන ගමේ නම ප්‍රසිද්ධ වුණෙත් මේ ඇල්ල නිසා. ඉස්සර මේකට පූනා ඇල්ල කියලත් කිව්වාලු. රම්බොඩ මේ ඇල්ල ඇරැනම තියෙන අනිත් වැදගත්ම දේ තමයි රම්බොඩ උමඟ. මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග රම්බොඩ උමඟ පහුවෙනවාත් එක්කම තමයි රම්බොඬ ඇල්ල තියෙන්නේ. ඇල්ලේ උඩ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල කියලා කොටස් දෙකක් තියෙනවා. නුවරඑළිය පාරේ ඉඳන් බලද්දී ඔයාලා දකින්නේ දිය ඇල්ලේ මැද සහ යට කොටස විතරයි. මේ දෙකටම වැඩිය ලස්සන උඩ කොටස බලන්න නම් දිය ඇල්ල ළගින් උඩට නගින්න තියන අඩි පාරේ මීටර් 750ක් වගේ යන්න ඕනි. දෙකම බලන්න ප්‍රධාන මාර්ගයේ ඉඳලා පොඩි දුරක් උඩට හා පහළට යන්න ඕනෑ. උඩට යන්න තියෙන පාර පඩිපෙළවල් දාලා හදලා තියෙන්නේ. හැබැයි දැන් නම් පොඩ්ඩක් වල්වැදිලා. ඒ වුණාට ඒකත් ලස්සනයි. මේ සමහර ෆොටෝ තියෙන්නේ ඒ යන පාරේ.

උඩරම්බොඩ ඇල්ල බලන්න පඩිපෙළ දිගේ ඉහළටම නැග්ගාට පස්සේ නැරඹුම් අට්ටාලයක් හදලා තියෙනවා. නැරඹුම් අට්ටාලයට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම අට්ටාලයට යටින් ඇල්ල පාමුලට ගිහිල්ලා ඇල්ල බලන්නත් පුළුවන්. ඇල්ල පාමුලට ගියාට පස්සේ නම් වටේට දියඇළි විමානයක් වගේ දැනේවි. රම්බොඩ ඇල්ලට අමතරව වටේට තව කුඩා දියඇළි රුසක් කඩාගෙන වැටෙනවා. ලංකාවේ උසින් 11 වැනි ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වැනි ස්ථානය හිමි කරගන්නවා.

රම්බොඩ ඇල්ලේ පහළ කොටස බලන්න නම් රම්බොඩ ෆෝල්ස් හෝටලය මැදින් පහළට යන්න ඕන. බයනැතිව යන්න. ඒක විතරයි මේක බලන්න යන්න තියෙන පාර. හෝටල් කළමනාකාරීත්වයෙන් ලොකු ගැටලුවක් නෑ. මේ කිව්ව හෝටලයට යන පාර අසලින්ම දිවෙන්නේ රම්බොඩ උමග හදන්න කලින් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ඉස්සර දැවැන්ත ගල් පර්වතයක පහළ කොටස කපලා තමයි උස වාහන වලට යන්න පාර හදලා තියෙන්නේ. ඒ මාර්ගයත්, අර කිව්ව කැපූ ගල් පර්වතයත් තවම තියෙනවා.

මේ ආසන්නයේම තියෙන තවත් අපූරැ තැනක් තමයි රම්බොඩ හනුමාන් කෝවිල. ලංකාවට ආපු හනුමාන් සීතා දේවිය හොයාගෙන පැන්නේ මෙතෙන්ටලු. අපි මේ දවස් ටිකේ මේ අවට ඉන්න නිසා ලබන සතියේ රම්බොඩ හනුමාන් කෝවිලට යන පොරොන්දුවට සතියකින් හමුවෙමු.

 

ප්‍රසාද්

 

2016-07-01-ent-78
2016-07-01-ent-77
2016-07-01-ent-76
2016-07-01-ent-74



අදහස් (0)

සීතල වතුර ඉහින රම්බොඩ සාඳුරු ඇල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 283 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16250 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 596 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site