IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වසර 2400ක් පැරණි නැවක් මුහුදු පත්ලේ තිබී සොයා ගනි

වසර 2400කට වඩා පැරණි ග්‍රීක වෙළඳ නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබි සොයාගෙන ඇතැයි වාර්තා වේ. 
 
දිගින් මීටර් 23ක් වන මෙම නෞකාව ලෝකයේ දියබත්වූ නෞකා අතරින් පැරණිම නෞකාව ලෙස හැඳින්වේ.
 
මිනිස් පහසින් නොඉඳුල්ව දීර්ඝ කාලයක් මුහුදු පත්ලේ රැඳී තිබූ මෙම නෞකාවේ සුක්කානම, ආසන ඇතුළු බොහෝදේ සුරක්ෂතව පවතින බව ගවේෂකයෝ සඳහන් කරති. 
 
"එය වෙනත් ලෝකයක් වගෙයි, මුහුද යටට යැවූ කැමරාවෙන් එහි අපූර්වත්වය දක්නට ලැබෙනවා" යැයි ගවේෂක කණ්ඩායමේ සාමාජිකා හෙලන් ෆා පවසයි.


ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈත කාලයට අයත් නෞකාව මෙතරම් හොඳින් සුරක්ෂිත වී තිබීමට හේතුව ජලයේ ඔක්සිජන් රහිත වීම බව විශ්වාස කෙරේ. කිමිදුම්කරුවන්ට ද ලඟා වීමට අපහසු මීටර් 2000ක් පමණ ගැඹුරේ පැවතීමද මෙය සුරක්ෂිතව තිබීමට හේතුවී ඇත. 
 
මුහුද යට සෙවීම් සඳහාම නිර්මිත රොබෝ ගවේශකයන් දෙදෙනකු යොදාගෙන නැව පිළිබඳ සම්පූර්ණ විස්තර ලබාගෙන ඇත.
 
(බිබීසී ඇරසුරිණි - 085)

ඡායාරූප - බිබීසී ඇරසුරිණි



අදහස් (1)

වසර 2400ක් පැරණි නැවක් මුහුදු පත්ලේ තිබී සොයා ගනි

Darme W Wednesday, 24 October 2018 07:20 AM

ලංක වෙන් ගිය සිංහල නැවකු වගෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site