දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
එම නඩුවට අදාළව දුන් අතුරු තහනම් නියෝගය පහත දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු විපක්ෂ නායක සම්බන්දන් මැතිතුමනි, මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට මැදිහත් වන්න.
සමහරවිට ඊලම දෙන්නත් එකඟ වෙන්න පුළුවනි! සම්බන්ධන් මහත්තයෝ, අහුවෙන්න එපා. ජනාධිපති උන්නැහේ බේතකට ගන්නවත් ඇත්තක් කියන මිනිහෙක් නොවෙන වගත්, පොරොන්දු පැහැදිලිවම කඩ කරන මජරයෙක් බවත් පෙනෙනවානේ! බලාගෙන... මිරිස්කුඩු කාරයෙක් ඉන්නත් බැරි නැහැ.. ඒ හින්දා වයිපර් එකක් වත් දාගෙන යන්න!!
ගෞරවනීය දේශපාලකයෙක් වන සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට නිවැරදි පිළිවෙත කියාදේ යයි සිතමි.
සම්බන්ධන් හා අනුර කුමාර තම විපක්ෂයේ තනතුරු අත්හැරියා නම් මහින්ද විපක්ෂයට යාවි... ආණ්ඩුවයි, විපක්ෂයේ කට්ටියම කරන එක නරක වැඩක්...
බලාගෙන එස්. බී. හිටියොත් කොකා, කෝලාවලට ලෙමනේඩ් මිශ්‍රකරලා ගහයි...
ටී.එන්.ඒ එක එජාපය පස්සේ යන්නේ ඊළාම් ගැනීමට... හරියට මොහොමඩ් අලි ජින්නා ගාන්ධිතුමා පස්සේ ගිහිල්ලා පාකිස්තානය ලබාගත්තා වගේ... මහින්දගෙන් ඒවා ලැබෙන්නේ නැහැ. ඊළාම් දෙන්න පොරොන්දු වුනා නම් මහින්දට ටී.එන්.ඒ සහයෝගය ගන්න තිබුණා. නමුත් ඔහු රට පාවාදෙන වැඩ කරන්නේ නැහැ...