කොළඹදීය (රොයිටර්)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වී මසකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට පොලිසිය ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යය ඔහු එම්.තෝමස් යනුවෙන් හැඳින්වූ අතර ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචිකරුවකු යැයි ද වාර්තා කර තිබිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ උත්සහායක් තිබුණු බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.
“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා” යැයි ජනාධිපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
“අදාළ පාර්ශ්ව දැනටමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර කර තිබෙනවා. ඇත්තටම ඔහුගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර තිබෙනවා. අපිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි” යැයි ද ලක්තිලක මහතා කීවේය.
ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබූ සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේ අගදීය. පොලිසියට තොරතුරු ලබාදුන් නාමල් කුමාර නැමැත්තකු ඔහු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර වූ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ එම තොරතුරු අනාවරණය විය.
එහි දි ජනාධිපති සිරිසේන මහතා ඝාතන තැත සම්බන්ධයෙන් ද කියැවිණි.
මෙම ඝාතන කුමන්ත්‍රණයට වෙනත් පාර්ශ්ව හෝ පුද්ගලයන් හෝ සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාව අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමේ අවාදනමක් ද හටගත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය බුද්ධි අංශය ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි පැවැසු බවට පුවත් වාර්තා වීමත් සමඟ උග්‍ර විය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව ඉන්දීය රජය මෙන්ම ශ්‍රී ලංකා රජය ද අවධාරණය කළේය.
055
COMMENTS
ගන්නකොට හොඳට බලලා ගන්න. නැතිනම් අර බාබුවා වගේ කට්ටියත් එන්න බැරි නැහැ.
අර රටේ ආරක්ෂාවට ප්‍රතිපාදන අඩුකිරීමට උපදෙස් දෙන අය ගැනත් සැලකිල්ලෙන් ඉන්න එක හොඳයි .
එතකොට අර ගෝඨාභය මහතාගේ ආරක්ෂාව වැඩි කරන්නේ නැද්ද?
පැහිදිලිවම මෙතන කුමන්ත්‍රණයක් වෙලා තියනවා. මේකට ආණ්ඩුවේ පාර්ශයවත් හවුල්විය හැකියි. මොකද්ද රාජිතගේ ප්‍රකාශය නාලක සිල්වා ගැනත්, පොලිස්පති සහ ඉන්දියානු රෝ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය දරණ මතයත්. ඒ නිසා ජනාධිපතිතුමා වහාම තීරණයක් ගතයුතුයි.
ඉතාම වගකීමෙන් රටක නායකයෙක්ගේ ආරක්ෂාව ඉතාම ඉහල මට්ටමෙන් තියෙන්න ඕන. ඒක ආරක්ෂක අංශ වල වගකීමක් සහ ඔවුන්ට අයත් රාජකාරියක්. නමුත් ඒවාට ජනාධිපති උපදේශකද උපදෙස් දෙන්නේ, ඔහු ආරක්ෂක අංශයත් බාරගෙනද තියෙන්නේ? අනික මේ ගැන කතා කරන්නේ මසකට ආසන්න කාලයක් ගත වුනාට පසුද?
ඉන්දියන් රහස් ඔත්තු සේවය බූරු මස් ලබාගැනීම සඳහා දඩයමේ යන වගක් පහුගිය කලේ වාර්තා වුණා. පරිස්සම් වෙන්න..
මේකටයි මෙයා මේ උඩපැන්නේ....
කන මඩවලින් ටිකක් හරි බේරෙන්න මේක හොඳ උපක්‍රමයක්...
මම හිතන්නේ මෙයාගෙන් රනිල්ව ආරක්ෂා කළ යුතුයි කියලයි...
අන්න හරි අතින්, පයින් බැරිනම් ඔලු ගෙඩියෙන් හරි ගහලා මිනිස්සුන්ට තේරෙන්නේ නැති විදියට ආපහු හිටපු පැත්තට හෙත්තුවෙන්න බලන්න. "සිංහලයා මෝඩයා, කැවුම් කන්න විරයා."
ඒ කියන්නේ කුමන්ත්‍රණ කතාවේ සත්‍යත් තිබෙන බවනේ හැඟෙන්නේ