(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 31 වැනිදාට පෙර සිදුකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
සන්ධානය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්න සියල්ලක්ම මේ වනවිට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම්ධූරය, මූලස්ථානයේ ලිපිනය සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර සන්ධාන නායකත්ව මණ්ඩලය එකඟතාව මත අවසන් තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට එන්න... උගතෙක්, දක්ෂයෙක් ඉදිරිපත් කරන්න බල කරන්න. ගොනා බඳින කණුවක් බලයට ගේන්න එපා. කලින් සැරේ කරපු වැඩෙන් කන පරිප්පු හොඳටම ඇති...
ඡන්දේ ළංවෙනකොට ජාතික, ආගමික ආලය වැඩිවීමක් බලාපොරොත්තු වන්න.
ආපෝ, බලෙන් ඉල්ලන අය නම් කළොත් පරණ කෙරුවාවට වැඩිය අනාථ වෙනවා.
සන්දාන නොගහ කොහොමද අගමැතිකම බේරාගන්නේ?
ඔහෙලගේ හෙළ උරුමය මකබෑවුනාද?
දැනට තිබෙන පක්ෂවල එන්න අයගෙන් සුළු පරිසක් පමණයි රටට වැඩක් ප්‍රයෝජනයක් ගත හැක්කේ. එබැවින් අඩුමතරමින් ජාතික ලයිතුව ඉජ්නේරු හා තාක්ෂණික ප්‍රවීණයන්ගෙන් බහුතරය හා කළමනාකරණ හා මුදල් යන පැති වලින් පිරවීමට කටයුතු කල යුතුය. එය ඔබට පහසුවෙන් හැක. එවිත තිබෙන මෙම ප්‍රශ්න විසද සංවර්දනය කල හැක. ජය.!!
හැමදාම චම්පිකගේ වැඩේ ඡන්දයක් ලං වෙනකොට අලුත් සංධාන, අලුත් වැඩපිළිවෙලවල් හදන එක. මෙච්චර කල් එක එක්කෙනාගේ නැට්ටේ එල්ලිලා හදපු කිසිම දෙයක් චම්පිකට වාසිවුණාට රටත්, ජනතාවත් විනාශය කරා යන එක විතරයි වුනේ.. චම්පික හිතන් ඉන්නේ ජනතාව කන්නේ තණකොළ කියලා.
බාලගිරි දෝෂයද මහත්තයෝ?
ඔබතුමාගේ නමත් ලැයිස්තුවට දාගන්න නේද ඔය දඟලන්නේ? අපේක්ෂකත්වය ලැබුණොත් හොඳට හිටී...
සජිත් වැඩ කරන්නේ ප්‍රේමදාස අගමැති යුගයේ (1977-1987) පරිදිමයි. පුංචි ගෙවල්, ඉතා පටු (මගී) පාලම් තමයි විවෘත කරන්නේ. ඒවා ඉදිරි අවුරුදු 10ක් තුළ කඩලා හදන්න වෙනවා.
සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත්, උන්වහන්සේ ජාතිය පිබිදවූත් පිනෙන් සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගොස්, බල තණ්හාවෙන්, මාන්නයෙන්, වෛරයෙන් ඉදිමී පුපුරා ගිය, දේශපාලන කුණු බක්කියට දැමිය යුතු පුද්ගලයෙකි. උගත්කම්වලින් ඵලක් ගත නොහැක්කේ අකුසල මූල ප්‍රබල නිසාවෙනි.