(හර්ෂණ තුෂාර සිල්වා)
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ප්‍රකාශ කළේය.
දකුණු ආසියාවේ ඉහළම කුලුන වන ‘නෙළුම් කුලුන’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවැසීය.
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය, චීනයේ සී.ඊ.අයි.ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය.
ඒ අනුව කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රී ලංකා රජය 2012 වසරේදී ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමට රුපියල් කෝටි 200ක මුදලක් ගෙවා ඇති බවත් පසුව කරන සොයාබැලීම්වලදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු අනාවරණය වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මුලදී රුපියල් බිලියන 16ක මුදලක් දුන් බව බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් සහ සමාගම පිළිබඳ තොරතුරු නොමැති නිසා එක්සිම් බැංකුව ණය මුදල රුපියල් බිලියන 12කට සීමා කළ බව ද පැවැසීය.
ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමේ ලිපිනය චීනයේ බීජිං නුවර බවට තොරතුරු ලැබුණු බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ චීන රජයේ සහාය ලබාගනිමින් එවැනි සමාගමක් පිළිබඳ තොරතුරු චීනය තුළ ඉන් බැහැර රටකින් සොයාගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.
නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ වාරිකය ලෙස වසරකට රුපියල් කෝටි 240ක මුදලක් ගෙවීමට තිබෙන බවත් පසුගිය වසරේදී කෝටි 240ක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
මේ වසරේදී ණය වාරිකයට අදාළව රුපියල් කෝටි 120ක් දැනටමත් ගෙවා ඇති බවත් මේ ආකාරයෙන් වසර 10ක් යන තුරු රුපියල් කෝටි 240 බැගින් ගෙවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
මෙයාට බලයේ ඉන්න උදව් කරනකොට ඕවා කිසිදෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඒ පැත්තට හෝයියා කියනවා.ආයෙත් ඒ කට්ටිය පස්ස හැරෙව්වම මේ පැත්තේ ඉදන් ඒ පැත්තට මඩ ගහනව. බැරිවෙලාවත් ඒ පැත්තේ කට්ටිය මෙයාට ජනපතිකම හරි අගමැතිකම හරි දුන්නානම්, ඔය මොකවත් නැහැ. මේ වගේ කට්ටියක් එක්ක ජීවත් වෙන ලංකාවේ අය මිනිස්සුනම් වෙන්න බැහැ අනිවාර්යයෙන්ම එකටම දෙවිවරු වෙන්න ඕන.
2012 දී මොහු හිටියේ මොන රජයෙද? ගමෙ චක්ගුඩු ගහලා ඇවිත් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන අවංකකම පෙනෙන්න බෝල පාස් කර කර ගැලරියට කතා පවත්වනවා. ලැජ්ජයි.
කොහොමද බාල්දු කිරීම ?
යලි මහින්ද පත් කරමු!! එතකොට එයා මේ 200 ආපහු දෙවි අපිට !!!!!
අන්න ඒ කොටි 200න් තමයි රටේම ඉන්න අයට එන්න කියලා අර මගුල ගන්න යන්නේ...
පොහොට්ටුවෙන් අගමැතිකම දෙනවා කිව්වොත්....
අනේ මිනිසුනේ හොඳට ඇස් ඇරලා බලත්වා දේසපාලකයෝ රටේ මතු ඉපදෙන දරුවන් පවා චීනට ණය කරවලා තිබෙන ආකාරය මේවා අස අසා ඇයි ඔබලා මේ හොර නඩවලට වශී වෙන්නේ ? පේනවා නේද අත්තිකාරම් මුදල් වලට වෙලා තිබෙන හදිය .. දැන් කියනවා එහෙම සමාගමකුත් නැතිලු සල්ලි වලට වුන දෙයකුත් නැතිලු . මේවා මේ විධියට අහන්නද මහජනයා විසින් දේසපාලකයන්ව තම නියෝජිතයන් ලෙස රටේ බලයට පත්කර යවන්නේ ? අපි ඉතා ඕනෑකමින් කියනවා දෑස හොඳට පෙනීම තිබියදී අන්ධයන් වගේ වැඩ නොකර හොරුන්ව නීතිය ඉදිරියට ගෙන්වා හොරාකාල තිබෙන සතේ පවා ගන්නට හොරකමින් අරගෙන ඇති දේපොළ රාජසන්තක කරවා රොත්ත පිටින්ම ජම්පරයට බස්සවන්න ක්‍රියාකළ යුතුයි කියා .
බයිලා පාරක් ගහල එකත් විකුනන්න වගේ යන්නේ?
තව කෝටි ප්‍රකෝටි ගණන් වලට වුනු දේ හොයන්න අපු අයත් ඒ පාරේම ගිය එකනේ වැඩේ .දැන් මේ 200 ක ලඟද?
ඔයාලා මහජනයාගේ මුදල් බදු මහජනයාගේම කරට දාන්න.
මේගොල්ලොන්ට ඔබගේ වටිනා මනාපය දෙන්න .
මෙයා ආපහු හීනෙන් නැගිටලා දොඩෝනවා නේද ? බලයට ආපු දවස්වලත් කෑමොර දුන්නා නමුත් කෝ සද්දේ විතරයිනේ වැඩ නැහැනේ ?
අර කට්ටියගෙන්ම අහලා බලන්න.
මේක සිදුවෙන කාලයේ ඔබතුමා එම ආණ්ඩුව එක්ක උන්න බව අමතක වෙන්න ඇති.
ඇයි මේ වගේ දෙයක් මෙපමණ කල් වහගෙන හිටියේ..? කමිටුවක් පත්කර විමර්ශනය කිරීම කාගේ වගකීමක්ද ?
මා විසින් ලියන ලද පෙර සටහනට වැඩිමනත් වශයෙනි.මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සභාවේ වගකිවයුතු නිළධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත. 2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වා නෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවාට ගෙවීම් සිදුකර ඇත්තේ ද CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකයකටය. මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ හා මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි. අනුෂ පැල්පිට.
මැදමුලන තියෙනවා .
මීට වඩා1000 ගුණයක් හොරකම් කරපු මුළු සංස්කෘතියම කා දමාපු හොර තක්කඩි රැලකට නේ ඔබ රට භාර දුන්නේ....
නෙලුම් කුලුන කොලඹ හැදීම නොකළ යුතුව තිබුන දෙයක් . නෙලුම් කුලුන , මොනෝ රේල් , අධිවේගී මාර්ග හදන්න සුදුසුම තැන හම්බන්තොට.
ඔබතුමා ඕකට මුල්ගල් තියෙනකොට හිටියේ සියඹලාණ්ඩුවේද? ඔබතුමා ඔය විවෘත කිරීමේදී සල්ලි නැතිවුණ කතා නොකියා සාමාන්‍ය කතාවකින් ඉවර කලානම් කොපමණ වටිනවාද ?ඔබතුමා වටේ ඉන්න කේවට්ටයෝ ඔබට දෙන උපදෙස් නිසා ඔබතුමා දවස ගානේ විහිලුකාරයෙක් බවට පත්වෙනවා. ඔබතුමාට හිතෙන්නේ නැතිද මේක ඔබතුමා අපහසුවට පත්කරන කුමන්ත්‍රණයක් කියලා ? ඔබතුමාගේ කතාවෙන් මහින්ද රාජපක්ෂ කොපමණ අපහසුතාවයකට පත් වෙන්ට ඇතිද? කවදා හෝ ඔබතුමාගේ ආරක්ෂාවට ඉන්නේ රාජපක්ෂවරු නේද කියලා ඔබතුමාට තේරෙන්නේ නැතිද? ඔබතුමා ළඟ ඉන්න මහින්ද විරෝදීන්ගේ උපදෙස් වලට ඔබතුමා යොදාගෙන මේ කරන වැඩ වලින් ඔබට අයහපතක් මිස යහපතක් නැතිබව සිතට ගන්න. යූ.එන්.පී. රජයකින් ඔබට කිසිදු ගැලවීමක් බලාපොරොත්තු නොවන්න.රාජපක්ෂ පවුලකින් පවතින රජයකින් ඔබට මනා ආරක්ෂාවක් ලැබෙනු ඇත. තීරණය ඔබ සතුය.
අපේ ගමේ පරණ හොරෙක් මතක් උනා. ඒ හාදයාත් මේ වගේම වැඩක් කරලා නඩු වැටුණු එක්කෙනෙක්. ප්ලේන් ගන්න ගිහින්ලු .කෝකටත් අහල බැලුවොත් හොඳයි.
ඡන්දයක් එනකල්ම හිටියද ඒක කියන්නත්? කාටද කඩේ යන්නෙ?
ඇයි මේ තරම් ණය වෙලා ඕක හැදුවේ ? තමන්ගේ කොමිස් එක හදාගන්න කරන වැඩ.
මොන ගිණුමෙන්ද ඔය කියන මුදල ගෙව්වේ? ගෙවන ලද ක්‍රමවේදය? මුදල් ? චෙක්පත් ? බැංකු අණකර ? ගෙවීම් අනුමත කල අයවලුන්? අත්සන් කල නිළදාරීන් ? ලියකියවිලි ? වැදගත්ම ප්‍රශ්නයනම් ඇයි මෙතෙක් දවස් ඔය ගැන මහජනයා දැනුවත් නොකළේ ? කොටස්කාරයෙක්වත්ද ?
ඔය සමාගමට කියන්නේ සහෝදර සමාගම කියලා.
ඔබත් ඔය කාලේ ඇමතිවරයෙක් නේ....
මෙහෙම ණය වෙලා මේවා හැදුවේ කාගේ සාක්කු පුරවාගන්නද කියලා පැහැදිලි. දැන් ණය ගෙවන්න ගමේ අය ලෑස්ති වෙන්න.
අර හිටපු අයගේ ගෙදර කට්ටියගේ පිටරට බැංකු ගිණුම් වල බලන්න ඕක හොයා ගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .
නෙළුම් කුලුණ හැදීමේදි බිලියන දෙකක වංචාවක් වී ඇති බව සාක්ෂි ඇත්නම් ජනාධිපතිවරයා කළ යුත්තෙ විවෘත කරන උත්සවයෙදි ඒ ගැන කතා පැවැත්වීම නොව තමා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට උපදෙස් දීම. එසේ නොකරන්නේනම් ඔහු අපරාධයක් දැන දැන වසන් කිරීමේ වරදකරුවෙක් වෙනවා. එසේත් නැත්තං ඔහේ කටට එක එකක් කියන බොරුකාරයෙක් වෙනවා. ඔහුගේ අතීත කල්කිරියාව සහ එළඹෙන ජනාධිපතිවරණය අනුව මෙතැනදීනම් දෙවැන්නා වෙන්න තමා ඉඩ වැඩි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙ අශ්වයන් ගැන විශ්වාස කරපු උගත් බුද්ධිමත් ජනතාව මෙතැනදීනම් ජනාධිපතිවරයාගේ වචන එකහෙළා පිළිගැනීමෙන් අවුරුදු හතරක් තිස්සෙ ඔවුන්ගේ උගත් බුද්ධිමත් බව අඩුවීමක් වී නැති බව පෙනේ.
දැන්ද නින්දෙන් ඇහැරුනේ ? කුලුනේ වැඩට සල්ලි දෙන ගමන් ඇසුවේ නැහැ නේද කෝ මීට කලින් දීපු අත්තිකාරම් ඒ සල්ලිවලට මොකද උනේ කියලා ? කුලුනේ මුදල් විගණනයට භාජනය වෙන්නේ නැද්ද? ඔබත් මේවට වග කියන්න ඕනේ.
" ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය." එහෙමනම් දැන් තිබෙන ජනාධිපති කොමිසමට ඒ කාලේ විදුලි සංදේශ කොමිසමේ හිටපු අය ගෙන්වලා අහන්න මොකද උනේ කියලා.
එහෙම දැන දැනත් අර මුදල් හොරාකම් කරපු අයට තනතුරු දුන්නානේ. ඡන්දේ ලංවෙනකොට විතරක් මතක්වෙන අපූරු රසකතා. ඒත් තවමත් පරක්කු නෑ. ඡන්දෙට ඉස්සෙල්ලා ඕක හොරා කාපු අයයි , නඩු අහන්න එපා කියන අයයි අල්ලලා ඇතුලට දැම්මා නම් ඔබ තමා ජනතා වීරයා. තව එකක් ඇල්පිටිය ඡන්දේ හොදින් හරි නරකින් හරි දිනාගන්න.රැල්ල හැදුනාට පස්සේ ඉතින් අපේ මෝඩයෝ ඒ පැත්තටම තමා කාලයක් යනකන් කතිරේ ගහන්නේ.
ජනතාවට ඔය කියන කතා අහන් ඉන්න විතරයි පුළුවන්. ඔබට බලය තියෙනවා හොරාකන් කරපු අයට දඩුවම් දෙන්න .
ඇයි අපිට කියන්නේ ? ඔහුනේ ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. කොමිසමකුත් තියෙන්නේ. ඇයි පැමිණිලි නොකළේ ?
ජනාධිපතිතුමනි ඔබතුමාගේ කතාවට කටේ මසුරන් දාන්න ඕන. 2012 නෙළුම් කුලුන හදන්න අත්තිවාරම් දාන්නත් ඉස්සෙල්ල තමයි මේ කෝටි 200 හොරාකාලා තියෙන්නේ. පහුගිය රෙජීමය කොහොම කැමක්ද කාල තියෙන්නේ. මේ මහජන මුදල් ඒගොල්ලන්ට නම් සිල්ලර සල්ලි.
ආ එ්කෙන් තමයි රත්තරන් අශ්වයෝ ගත්තේ. උන්ට දුවන්න බැරි නිසා ආපහු ඇමරිකාවේ බකිම් හැම් මාළිගාවට දුන්නා.
මේ වගේම බිලියන 2 බොරුවක්. කලින් කිව්වා නිල්වලා ගඟ ඇඹිලිපිටියට හරවන ව්‍යාපෘතිය ගැන. අන්තිමට වංචාව වෙලා තියෙන්නේ දුමින්දගේ කාලේ . කතාව එතැනින්ම ඉවරයි . කොහොම හරි සාගලගේ ඉඩම් බේරගන්න ව්‍යාපෘතියත් එතැනින්ම නතර කළා.
සමාගම බොරුවක් කලානම් බොන්ඩ් එක සීස් කරන්න තිබුනනේ . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම් හා රාජ්‍ය බැංකු . ඒක නිසා බොරු කියන්නේ බලාගෙන .
අපටද කියන්නේ නඩුව ? විධායක බලය ඇති ජනපති කෙනෙක්ට අපි ඡන්දය දුන්නේ මේවා ගැන සොයා බලන්න මිසක් නඩු ඇසීමට නොවේ. නමුත් අපි දුන්න විධායක බලය ඔබතුමා ජනතාවගෙන් අහන්නේ නැතිව වෙනත් පිරිසකට දුන්නා. ඉන්පසුව ඔබතුමාට නොකියා කෝටි ගානක් හම්බ කර ගත්ත බව අපි දනිමු. දැන් අපිට කීමෙන් වැඩක් නැහැ. පසුගිය අත්තිකාරම් ගෙවන කොට ඔබත් කැබිනට් ඇමති වරයෙක් නිසා වග කිව යුතු වෙනවා ජනතා අධිකරණයට .
බලාගෙන ගියහම මහින්ද රාජපක්ෂ හොරකම් විතරයි කරලා තියෙන්නේ. මෙතුමා තමා ලංකාවෙ හිටපු ඉන්න අංගසම්පූර්ණ පිරිසිදු නායකයා. එහෙම හොරකම් කරලා තිබුණා නම් අල්ලන්න තමා 2015 වෙන කෙනෙක් ජනාධිපති කලේ. එත් ඔයාලට කිසිදෙයක් හොයාගන්න බැරිවුනා. නැත්නම් කෞතුකාගාරයටයි බට වලටයි දාපු නඩු හැටියට මේ වගෙ ලොකු එකක් අත හරීද . ඔබතුමා කාටවත් අාණ්ඩු කරන්න දෙන්නෙත් නැහැ ඔබතුමා හරියට කරන්නෙත් නැහැ. ඔබතුමා කියන එවා දැන් ළමයෙක්වත් පිළිගන්නෙ නැහැ . ජනතාවගෙන් කොටසක් ගොඨාභය මහත්තයාව ඉල්ලනවා තව කොටසක් සජිත් හෝ කරූ ජයසුරිය මහත්වරු ඉල්ලනවා එයාලට ඉඩ දීලා යන්න තමා දැන් තියෙන්නෙ. මහින්ද මහත්මයාට ජනතාව කෘත ගුණ සලකන අාකාරයේ සැළකිල්ලක් ඔබට ලැබෙවිදැයි අනාගතයෙදී දැක ගත හැකිය.
අවුරුදු 5 ක් ගියා. ඕක දැන්ද කියන්නේ ?
තව ඡන්දේ දෙන්න රාජක්ෂලාට.....
මේ රටේ ඉන්න මිනිස්සු යතාර්ථය තේරුම් ගන්නකම් ඔක්කොම හොරු .මේ කවුරුවත් කවදාවත් අනික් අයගේ හොරකම් අල්ලන්නේ නැහැ .
මේවට කොමිෂන් නැද්ද ?
එහෙනම් මේක හොයන්න ඔබතුමාගේ පක්ෂෙන් කවුරු හරි ජනාධිපති කරමු . ( බිලියන දෙකක වංචාවක් හොයන්න බිලියන 7ක් වියදම් කරලා ජනාධිපති පත් කරගනිමු )
එහෙම හොරකන් කරපු පහුගිය නායකයන්ට තනතුරු දීලා ලැජ්ජා උනා නේද ?
2012 දී ඔබතුමා මොන ආණ්ඩුවේද හිටියේ ? නිකන් බොරු කියා කියා ඉන්නවා . අන්තිමට අනික් මිනිස්සු කරපුවා තමාගේ වගේ විවෘත කරලා.
අනේ කරුණාකරලා දැන් ගෙදර යන්න. කරපු දෙයක් කියන්නේ නෑනේ ඔබ කවදාවත්. කාට හරි වැරැද්ද පටවලා හැමදාම ඇඟ බේරගන්නවා. තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා කතා කළොත්.
රජෙක් වගේ වැඩ කරන්න පුළුවන් වෙන විදියට ජන්ද අරන් ජනාධිපති පුටුවේ වාඩි උන මනුස්සයෙක් කියන කතාවක්ද මේ ? දැන් ඉතින් ඔබතුමා ඕවා කතා කරලා වැඩක් නෑ. විශ්‍රාම දිවිය හොදින් ගත කරන්න පුළුවන් වෙන වැඩ පිළිවෙලක්වත් හදාගන්න බලන්න.
නම්බුව පොඩ්ඩක් හරි තිය ගන්න ඕන නම් කරුණාකරලා ගෙදර යන්න.
"නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය." එහෙම නම් මොකද පහුගිය අවුරුදු හතර හමාරක් ඕක හදන්න ඉඩ ඇරියේ?
කෝටි 200 නැති කරපු අය සමග ද සන්ධාන වෙලා ජනාධිපතිවරණයට එන්න හදන්නේ හොරකමේ රස දැනිලා ?
එකක් පැහැදිලියි. මෙයා කවුරුහරි ලියලා දෙන එකක් කටපාඩම් කරගෙන කියනවා .
ඕක කියන්න විවෘත කරනකල්ම ඉන්න ඕනේ උනාද ? දැන ගත්තේ ඊයේ උදේද ?
ශ්‍රී ලංකා එකෙන් දාන අපේක්ෂකයාට කියන්න දෙයක් නැති නිසා කතාවක් හැදුවද ?
සංචාරකයෝ මිලියන දෙකකට මේක පෙන්නුවානම් අවුරුදු දෙකෙන් වියදම හොයාගන්න තිබුණා.
මුළු ලෝකයේම වැඩිම කාලක් නිදියගෙන රට කරවපු ජනාධිපති කෙනෙක් හැටියට මෙතුමාගේ නම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානයි.
මෙතන අදහස් ගොඩක් තියෙන්නේ දැන් කියන එක වැරදි කියල. ඒත් හොරාකාපු රජය ගැන කිසි කතාවක් නෑ. ඕක තමයි අපේ රටට හැමදාම වෙන්නේ. හෙට අනිද්දට ප්‍රභාකරන් කොච්චර හොඳද කියලත් කියයි. හිටපු සහෝදර සමාගම කොච්චර හොරුද කිව්වොත් එක්කෙනෙක් ඡන්දෙට පහුවෙනිදම නෝනවත් ඇදගෙන රටෙන් පැනල ගියේ .
ඔබ ජනපති කලේ මේවා හොයාල නැවත මුදල් රජයට ලබා ගන්න මිසක් එක එක කතා කියන්න නෙමෙයිනේ . අාපු ගමන් කලේ බලතල අඩුකරගන්න එක . ඊට පස්සේ වැඩක් කරගන්න බැරි හේතු කියනවා . දැන් අපිද ජනාධිපති මේවා අපිට කියන්න හැට දෙලක්ෂයක මෝඩ ජනතාවගේ තීරණයක්. තව ටික දවසයි නේ .
බෙදපු සිල් රෙදි වලට නඩු දැම්මනම් මේකටත් දාන්න තිබුනා නේ . දැන් මහ බැංකුවේ මංකොල්ලෙට මිස්වෙලා ඉන්නේ එක්කෙනයිනේ .ඉතුරු ටික ලංකාවේ ඉන්නවා නේද ?
දැන් කොළඹ ට්‍රැෆික් වලට අහුවෙලා පැය ගණන් රස්තියාදුවෙන අපිට මල පනින්නේ නැතුව නෙලුම් කුලුනේ පාට පාට ලයිට් බලබලා ඉන්න පුලුවන් .
කවුරුහරි ලියා දීපු පට්ටපල් කෙබරයක්. රටවල් දෙකක් අතර වෙච්ච ගනුදෙනුවක් හොයන්න බැරිකමට වගකියන්න ඕන මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාව ද?
අපි කැමතියි ඔබතුමා නායකයෙකු විදිහට කතා කරනවානම්. නියම නායකයෙක් උත්සවයකදී ඔවැනි ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔබතුමා මේක නිර්මාණය කිරිමේදී , මියගිය තුවාල උණු අය සිහිකරානම් කොච්චර වටිනවද , එයාලට යම්කිසි උපහාරයක් කලානම් ඔබතුමා ගැන ජනතාව කොච්චර පැහැදෙයිද ? යම්කිසි වංචාවක් සිදුවෙලා තියෙනවනම් ඒවාට වෙනම පියවර ගන්න පුළුවන්. රටේ නීතියක් කියල දෙයක් තියෙන්නේ එ්කටයි . ඒවා මෙවැනි උත්සවයකදී ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයකුට සුදුසු නැතිබව මගේ හැගීමයි.
ඇත්තටම ඒක එහෙම උනා නම්, මෙතුමා මෙච්චර කලක් මොනවද කරේ ? හොරා කාපු අය දැන දැනම හොරකම මෙතෙක් කලක් සඟවා සිටීම ගැන මොවුන්ට දඬුවම් කල යුතු නොවේද ?
මට නම් අපේ බදු මුදලින් යැපෙන මොහු සහ පාර්ලිමේන්තු හොරු රැළ කියන කිසි දෙයක් වටින්නේ නැහැ. අනික තමයි මොහු කියන කිසිම දෙයක් මම කියවන්නේ නැහැ. මොහුගේ කතාවට ඇති අදහස් පමණයි මම කියවන්නේ. කාලෙන් කාලෙට එක එක මාතෘකා ඇදගෙන ජනතාව නොමග යවනවා. ඔය 226ම හොරු. ඊට පසු පළාත් සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට පෙරේත මල පෙරේතයන්ට මැරෙනකොට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එ්කත් වැඩි වුනා බෝම්බ වලට පින් සිද්ධවෙන්න. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් ඉතා ඉක්මනින් පන්නන්න ඕනේ.
ඔබ විසින් මේ චෝදනා කරන පිරිස එක්ක නේද ඔබ 2018 ඔක්තෝබර් හොර ආණ්ඩුවක් හැදුවේ. 2014 අවසානයේ ඉඳන් කියනවනේ රටේ සම්පත් හොරා කෑවා කියල. කෝ එකකට හෝ දඬුවම් දුන්නද? දැන් එල්ලුම් ගහට මොකද්ද වුණේ ?
රාජපක්ෂලා මේ රටේ අයිතිකාරයෝ වගේ කළ දේවල් අපමණයි . ඔය බිලියන 2 ගහපු එක පොඩි දෙයක් කරලා තියෙන වැඩ බලපුවම . අනුෂ පැල්පිට එ්ක බොරු කියල කියනවනම් පුවත්පත් සාකච්ඡාවක් තියලා ලිඛිතව කරුණු රටට හෙළිකරන්න .
මහින්ද දිනවන්න සිල් රෙදි බෙදලා නඩු වැටිච්ච කෙනෙක්.මහින්දගේ වහලෙක්.
ලක් වැසියනි මේ පාරත් තක්කඩි රැලකට හසුවෙන්න ලෑස්ති වෙලා ඉන්න.
මේක නිකන් මොහු ඡන්ද වාසියක් තකා ප්‍රකාශ කරන වගකීම් විරහිත සම්ප්‍රප්පලාපයක් යැයි සිතිය හැක. මීට පෙර පොලිතීන් තහනම, ඇස්බස්ටස් තහනම, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළාද ? බොරු කීම මොහුගේ විනෝදාංශය බව පෙනේ.
ඩුබායි වල යුක්රේන්වල සීෂෙල් වල බැලුවොත් හොයාගන්න පුලුවන් වේවි.
පහුගිය අවුරුද්දේ අගමැති කෙනෙක් හදිස්සියේ පත් කළ වෙලාවෙවත් ඇහැව්වේ නැතිද මිලියන 200 ට මොකද උනේ කියලා?
පුලුවන්නම් අහන්න මහින්දගෙන් එහෙමත් නැතිනම් ගෝඨාගෙන්, ඒ අය මුලින් නම් "අපි දන්නේ නැහැ" කියාවි. පොලිසියට ගෙනිහිල්ලා, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් කුඩු බෑග් එකක් දාලා , 2*2 පොල්ලකින් ' බැස්ටිය ' දුන්නානම් ඔක්කොම වමාරයි. ආණ්ඩුවටවත්, උසවියටවත්, පොලිසියටවත් ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඒ ඔක්කොම හවුලේ බිස්නස් කරපු එහෙමත් නැතිනම් "රටම හොරා කාපු" කට්ටියනේ. හැබැයි,.. දවසක මහජනයාට ඔය කියන කට්ටිය අහුවුණොත් "සම්බෝල කරලා" තමයි වැඩේ අවසන් වන්නේ. මේ රටේ ජීවත්වන ' වහල් මානසිකත්වයක් නැති ' සියලු දෙනාගේම ඒකායන පැතුම එයයි...
සමහරවිට කව්රුහරි ලනු ගෝනි ගණන් ගිල්ලවල .නැත්තන් ඒ කලේ මෙයා නිදාගෙනද හිටියේ .
ඇත්තටම මේ තොරතුර ඔබතුමාට දුන් අය හෙළි කරන්න පුළුවන්ද? ආයේ තවත් ලොක්කෙක් කොමිසමකට පවසලා තිබුණා “මම දන්නේ නෑ” පාට් එකෙන්...
ඔක්කොම,හොරුනේද? කාට කියන්නද? අනේ මගේ කට...
ගරු ජනාධිපතිතුමනි, කරුණාකරලා 2005 සිට 2015 දක්වා ඒ වගේ අතුරුදහන් වෙච්ච කොම්පැනි ටිකයි, මුදල් ටිකයි හොයලා කියන්න කෝ ඔබතුමාට විතරමයි එ්ක කරන්න පුළුවන්..
නෙළුම් කුළුනේ වැඩ ගැන හොයන ගමන් කලින් ඕස්ට්‍රේලියාවේ ස්නෝවී හයිඩ්‍රෝ කොම්පැනියෙන් ලංකාවේ ඇමති කෙනෙකුට ගෙව්වා කියලා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවටයි, ලෝක බැංකුවටයි අහුවුණු කොමිස් වැඩේ ගැණත් හොයලා එ්ක ගත්තා කියන පුද්ගලයින්ට දඬුවම් දෙන්න. ලෝක බැංකුවෙන් ස්නෝවි හයිඩ්‍රෝ කම්පැනිය බ්ලැක්ලිස්ට් කරා.. ලංකාවටයි, කොන්ගෝවටයි පගාව දුන්නට. දැන් ඒක ගත්තු කෙනෙකුත් නැහැ වගේ. එවකට ඇමති සිරිසේන මෙයට වගකියන්න ඕනෑ. රාජගිරියේ බිල්ඩිම කුලියට ගත්තේ දුමින්ද දිසානායක... සිරිසේන උතුමාට ඇයි මේවා ගැන හොයලා බලන්න බැරි.
2012හේ ඔය අත්සන් තියපු සෙට්එකේ ඉඳලා නේද පැන්නේ? කෝප් කමිටුවට ගිහින් උත්තර දුන්නා නම් හොඳයි නේද? චීනා ඔය කුළුණ උඩ මොනවා හයි කරලා ඇතිද දන්නේ නෑ. චීනා හොරෙන් හොරෙන් තොරතුරු හොයන ජාතියක්...
ඔය ඇද්දෙ තුරුම්පු. හංගන් ඉඳලා.. අපිව ගත්තේ නැත්තං මේවා එළියට දානවා. නොකියා කිව්වේ. මහින්ද ෆයිල් තියෙනවා කිව්ව එකේ අනික.. කාවද මේ 70 වසරක් රැවැට්ටුවේ...? හැබැයි කරත්ත රෝදේ වගේ කරුමෙ පස්සෙන් එනවා. අන්න එදාට ඔය මොන යන්තරේ දාගෙන හිටියත් බේරෙන්න බෑ.
ලංකාවේ දූෂණය අහස උසට කියල සංකේතවත් වන්නේ ඔය කුලුනෙන් වගේ.
ගරු ජනාධිපතිතුමනි මේ කෝටි 200 සොයන්න ජනාධිපති කොමිසමක් ගේන්න .
එදා ජනාධිපති කොමිසමකට බැදුම්කර වංචාව සොයන්න දුන්නා වගේ මේ කෝටි 200 යේ වංචාවත් සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න .
මේ මහජන මුදල් කෝටි 200 ක්. කෝ මේක සොයන්න ජනාධිපති කොමිසමක් ?
හැකි ඉක්මනින්ම කෝප් කමිටුව විතරක් මදි ... ජනාධිපති විමර්ශන කමිටුවකුත් පත්කළ යුතුමයි. එතකොට කාටත් සාධාරණයක් වේවි...!!!
රෙද්දක් ඇඳගෙනද කතා කරන්නේ ලැජ්ජාවක් නැතුව..?
මේකට අත්සන් තබන්න ඇත්තේ ඉංග්‍රීසියෙන් ලියපු කොලේකට නේද? එහෙම නම් ඉතින් මේ උන්නැහේට එ්ක කියවාගන්න බැරිව හිරවෙලා...