IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘‘නව ආණ්ඩුවට ජපානයේ පූර්ණ සහයෝගය හිමිවෙනවා‘‘

නව ආණ්ඩුවේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා ජපානයේ පූර්ණ සහයෝගය හිමිවන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි මහතා අද (13) පැවැසීය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී අද (13) පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමටත් දෙරට අතර තිබෙන සබඳතා තවදුරටත් පුළුල් කිරීමටත් ජපාන රජය පූර්ණ සහයෝගය දෙන බව ද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි සහතික විය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන අන්‍යෝන්‍ය සබඳතා සිහිපත් කළ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජපානයේ මූල්‍ය ප්‍රතිපාදනවලින් ශ්‍රී ලංකාවේ කෙරෙන ව්‍යාපෘතිවල වැදගත්කම ද මෙහිදි සිහිපත් කළේය.

තිරසර සංවර්ධනය සහ වර්ධනය කරා යන ගමනේදී ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දක්වන බව ද අමාත්‍ය මොටෙගි මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ජපානය දක්වන අඛණ්ඩ සහාය සම්බන්ධයෙන් විදේශ සබඳතා දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි ජපාන විදේශ අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළේය. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් රටේ සියලු දෙනාට සෞභාග්‍යය ගෙන ඒමටත් නව ආණ්ඩුව බලාපොරොත්තු වන මෙහිදි සඳහන් කළ ගුණවර්ධන මහතා නව ආණ්ඩුවේ මාර්ග දැක්ම පිළිබඳව ද ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

ඉක්මනින්ම ජපානයේ සංචාරයක නිරත වන්නැයි ද මෙහිදි අමාත්‍ය මොටෙගි මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනයක් කළේය.

දෙරටේ සබඳතා සහ සහයෝගීතාව වැඩි කළ හැකි ආකාර සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූහ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා, වැඩබලන විදේශ ලේකම් අහ්මද් ඒ. ජවාද් ජපාන දූත පිරිසේ නියෝජිතයන්, විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.    

055

 

 



අදහස් (1)

‘‘නව ආණ්ඩුවට ජපානයේ පූර්ණ සහයෝගය හිමිවෙනවා‘‘

tata Friday, 13 December 2019 07:58 PM

ටොෂිමිට්සු මොටෙගි නෙමෙයි. තොශිමිත්සු මොතෙගි ලෙස වෙනස් විය යුතුයි. ජපානයේ ටයන්න භාවිතා කරන්නේ නැහැ. තයන්න තමයි සියල්ලටම භාවිතා කරන්නේ...

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site