IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘

ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම උපදෙස් දුන්නේය. 

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබේ.

අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ. 

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු ආයතන විධිමත් සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

නව ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතනවල අදහස් සහ යෝජනා ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට දැනුම් දී තිබේ. 

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක ඇතුළු නිලධාරීහු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ. 

055

 



අදහස් (1)

‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘

ලංකාපුත්‍ර Wednesday, 21 August 2019 01:37 AM

පරීක්ෂාවක් කරන්නකෝ කවුද පුපුරණ ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන්නේ කියලා. ඒවත් වෙනස් කලොත් රටට යහපතක් වෙන්න පුළුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 564 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site