(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරත්න)

තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ ප්‍රයන්තයක් ඇති බව වාර්තා වෙනවා.

මෙම ඛනිජ නිධිය සම්බන්ධයෙන්  විධිමත් ගවේෂණයක් මෙතෙක් සිදු කර නොමැති අතර මෙම නිධිය තුළ ග්‍රැනයිට් ,සර්කෝන්, ඉල්මනයිට් නැමැති ඛනිජ ද අඩංගු වන බව විවිධ වාර්තාව පළ වී ඇතැයි ද විපක්ෂ නායකයා කියයි.