IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි

(ඩයනා උදයංගනී)

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරියේදී තව දුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

එහි බලපෑමෙන් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි නිසා නොවැම්බර් 11 වැනිදා දක්වා එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

විශේෂයෙන්ම එම මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා නොකරන ලෙස බහුදින ධීවර යාත‍්‍රාවලට දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ තද වැසි සමඟ පැයට කිලෝමීටර 80, 100 පමණ වේගවත් හා විටින් විට පැයට කිලෝමීටර 120 සිට 130 පමණ දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බැවින් මුහුදේ ස්වභාවය දළ රළු විය හැති බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල හෙට (09) පස්වරුවේ වැසි ඇතිවිය හැකි  අතර බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.



අදහස් (0)

‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site